Home » නවලෝක රෝහලේ නත්තල් සැමරුමක්

නවලෝක රෝහලේ නත්තල් සැමරුමක්

by gayan
December 23, 2023 12:30 am 0 comment

නවලෝක රෝහල් සමූහය නත්තල වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන නත්තල් සැමරුම් උත්සවය අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා නිමාවට පත් විය. එහි පළමු අංගය වූයේ නත්තල් කේක් මිශ්‍රණය සකස් කිරීම හා සමස්ත රෝහල් පරිශ්‍රයම නත්තල් සැරසිලි සහ විදුලි පහන් ආලෝකයෙන් වර්ණ ගැන්වීමයි. කැරොල් ගායනා ප්‍රසංගය පුරා දින 3ක් පැවති අතර මේ සඳහා නවලෝක රෝහල් සමූහයේ විවිධ අංශ නියෝජනය කරමින් සේවක සේවිකාවන් 20කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සමගාමීව නවලෝක රෝහලේ ළමා සායනය සඳහා සහභාගී වන දරුදැරියන් සඳහා නත්තල් සීයා වෙතින් ත්‍යාග ලබා දීම ද සිදු කෙරිණ. මේ සඳහා දරුදැරියන් 50කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දරුදැරියන් සඳහා ආහාර පාන ලබා දෙන ලදි. නවලෝක රෝහලේ වාර්ෂික නත්තල් වැඩසටහන පිළිබඳ අදහස් දක්වන රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස පැවසුවේ වාර්ෂික නත්තල් කැරොල් සහ සෙසු නත්තල් සැමරුම් උත්සව හරහා රෝගීන්ට මානසික සතුටක් ලබා දීමට හැකියාව පවතින බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division