Home » ජනාධිපති 25 වැනි අපනයන සම්මාන උලෙළ විචිත්‍රවත්ව

ජනාධිපති 25 වැනි අපනයන සම්මාන උලෙළ විචිත්‍රවත්ව

by gayan
November 25, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා විශිෂ්ට දායකත්වයක් දැක්වූ අපනයනකරුවන් ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන අපනයන සම්මාන උලෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 23 වැනිදා උත්සවාකාරයෙන් පැවැත්විණි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති එම උත්සවයේදී ඉකුත් මූල්‍ය වර්ෂ දෙක සඳහා හොඳම අපනයනකරුවන්

ඇගැයීම වෙනුවෙන් සම්මාන 51ක් කාණ්ඩ දෙකක් යටතේ පිරිනමන ලදී.

මෙහිදී වසරේ නව්‍ය අපනයන නිෂ්පාදනය, විශිෂ්ටතම අපනයනකරු ඇතුළු සම්මාන 16ක් දිනාගත් MAS Holdings ආයතනය වෙනුවෙන් MAS Active ප්‍රධාන විධායක චෙලන් ගුණතිලක එයට හිමි සම්මානයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අතින් ලබා ගත්

අවස්ථාව මෙහි දැක්වේ. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම සහ MAS Holdings ආයතනයේ කණ්ඩායම් සාමාජිකා එම්. දීපිකා කුමාරි ද මෙහි වේ.

(ඡායාරූපය- සුලෝචන ගමගේ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division