Home » නීරෝගි භාවය – කරදර ගැන කියන ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්

නීරෝගි භාවය – කරදර ගැන කියන ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්

by thanushika
September 23, 2023 12:45 am 0 comment
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

ජන්ම පත්‍රයක 1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 1 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ජන්මියා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යයි. ඔහුගේ සියලු උත්සාහයන් සාර්ථක කර ගනියි. 1 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 12 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් බලාපොරොත්තු නොවූ හැම ආකාරයකම කරදර ඇති වෙයි. සියලු දෙනාගෙන්ම ඊර්ෂ්‍යාව, කරදර සහ බාධක ඇති වෙයි.

මෙම ජන්ම පත්‍රයේ 1 වැනි භාවයේ උපස්ථානය හිමි ශනි ග්‍රහයා, 11 වැනි සහ 12 වැනි භාව අධිපතිව 1 වැනි භාවයේ තැන්පත්ව සිටියි. ඒ අනුව මේ ජන්ම පත්‍රය හිමි අය 1 වැනි, 11 වැනි සහ 12 වැනි භාව නිවේදකත්වය මඟින් ලබන ප්‍රතිඵල ක්‍රියාත්මක වන කාල මොනවාදැයි පරීක්‍ෂා කරන්න.

මේ ජන්මියා විශාල ලාභ ලබන්නේ ජන්ම පත්‍රයේ 1 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් සහයෝගය ලැබෙන විටදීය. මෙම ජන්ම පත්‍රයේ 1 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් තෝරා ගන්නේ මෙසේය.

ජන්ම පත්‍රයේ 1 වැනි භාවය අධිපති ග්‍රහයා ගුරු වෙයි. ගුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත. 1 වැනි භාවයේ සඳු සහ රාහු යන ග්‍රහයන් තැන්පත්ව සිටියි. සඳු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක කුජ ග්‍රහයා තැන්පත්ව සිටියි. රාහු ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල රවි සහ කේතු යන ග්‍රහයන් තැන්පත්ව සිටියි.

ජන්ම පත්‍රයේ 11 වැනි භාවය අධිපති ග්‍රහයා ශනි වෙයි. ශනි ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත. 11 වැනි භාවයේ බුධ, ශනි සහ රවි යන ග්‍රහයන් තැන්පත්ව සිටියි. බුධ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක ගුරු ග්‍රහයා ද, ශනි ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක සිකුරු ග්‍රහයා ද තැන්පත්ව සිටියි. රවි ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.

මේ අනුව ජන්ම පත්‍රයේ 1 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ ගුරු, සඳු, රාහු, කුජ, රවි, කේතු, ශනි, බුධ සහ සිකුරු වෙති.

ක්‍රිස්තු වර්ෂ 2023 මැයි මාසයේ 27 වැනි දින සිට 2023 දෙසැම්බර් මාසයේ 26 වැනි දින දක්වා කේතුගේ මහ දශාවේ සඳුගේ භුක්තිය පවතියි. මේ ආකාරයට ඉහත සඳහන් භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් සහයෝගය ලැබෙන විට මේ ජන්මියා විශාල ලාභ ලබයි. ජයග්‍රහණ ඇති වෙයි. රෝගාබාධවලින් ඉක්මන් සුවය ලබයි.

මේ ජන්මියාගේ 1 වැනි භාවයේ උපස්ථානය හිමි ශනි ග්‍රහයා, 12 වැනි භාව නිවේදක ග්‍රහයකු වන හෙයින් 1 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් සහයෝගය ලැබෙන හැම ආකාරයකම කරදර ඇති වෙයි. සියලු දෙනාගෙන්ම ඊර්ෂ්‍යාව, කරදර සහ බාධක ඇති වෙයි.

ජන්ම පත්‍රයේ 12 වැනි භාවය අධිපති ග්‍රහයා ශනි වෙයි. ශනි ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත. 12 වැනි භාවයේ ගුරු සහ සිකුරු යන ග්‍රහයන් තැන්පත්ව සිටියි. ගුරු සහ සිකුරු යන ග්‍රහයන් සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.

මේ අනුව ජන්ම පත්‍රයේ 1 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ ගුරු, සඳු, රාහු, කුජ, රවි, කේතු, ශනි සහ සිකුරු වෙති.

ක්‍රිස්තු වර්ෂ 2023 මැයි මාසයේ 27 වැනි දින සිට 2023 දෙසැම්බර් මාසයේ 26 වැනි දින දක්වා කේතුගේ මහ දශාවේ සඳුගේ භුක්තිය පවතී. මේ ආකාරයට ඉහත සඳහන් භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් සහයෝගය ලැබෙන විට මේ ජන්මියාට හැම ආකාරයකම කරදර සහ සියලු දෙනාගෙන්ම ඊර්ෂ්‍යාව, කරදර සහ බාධක ඇති වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division