Home » කෝටි 2,300ක් වටිනා දුම්රිය ඇන්ජින් 23ක් ඉන්දියාවෙන් නොමිලේ

කෝටි 2,300ක් වටිනා දුම්රිය ඇන්ජින් 23ක් ඉන්දියාවෙන් නොමිලේ

by mahesh
September 23, 2023 12:45 am 0 comment

මෙරට දුම්රිය සේවය නැංවීම පිණිස දුම්රිය එන්ජින් 23 ලබාදීමට ඉන්දීය රජය කටයුතු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ සිළුමිණට කීය.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති සීමිත සම්පත් සම්බන්ධ‍ෙයන් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේගෙන් කළ ඉල්ලීමකට අනුව මේ දුම්රිය එන්ජින් ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර තිබේ. මේ දුම්රිය එන්ජින් 23 ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලබාදීමට නියමිත බවද සාමාන්‍යාධිකාරිවරයා අවධාරණය කළේය.

ඉන්දියාවේ දුම්රියයන් සඳහා දැනට භාවිත කරන මේ දුම්රිය එන්ජින් ප්‍රතිසංස්කරණය කර මෙරටට ලබාදීමට නියමිත බවද සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට දුම්රිය එන්ජිමක මිල රුපියල් කෝටි 100කට වඩා අධික (රුපියල් බිලියනයක්) බවද සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පෙන්වා දුන් අතර ඒ අනුව ඉන්දියාවෙන් ලබා දෙන දුම්රිය එන්ජින්වල වටිනාකම රුපියල් කෝටි 2300කට වඩා අධික බව (රුපියල් බිලියන 23) ද සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේය.

මේ වන විටත් මෙරට දුම්රිය සේවයට යොදා ඇති එම් 8, එම් 10, හා එම් 11 පංතිවල දුම්රිය එන්ජින් හා එස් 11, එස් 13 හා එස් 13 ඒ බලවේග කට්ටල දුම්රියයන් හා නවීන මැදිරි 160ක්ද ඉන්දියාවෙන් ආනයනය කළ ඒවා වන අතර මෙරට සමස්ත දුම්රිය සේවයෙන් 50%කට අධික සේවා සපයන්නේ ඉන්දීය මැදිරි හා එන්ජින්වලිනි.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division