Home » ලංකා බැංකුවෙන් ඩ්‍රෝන යානා වැඩසටහනට සහයෝගය

ලංකා බැංකුවෙන් ඩ්‍රෝන යානා වැඩසටහනට සහයෝගය

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

ලංකා බැංකුවේ සහයෝගයෙන් ක්‍රියාත්මක, කෘෂිකර්මාන්තය ආශ්‍රිත ඩ්‍රෝන යානා නියමු ව්‍යාපෘතියට සමගාමීව ඩ්‍රෝන යානා යොදා ගනිමින් කුඹුරු වෙත පොහොර ඉසීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් 23 වැනි දින වයඹ පළාතේ, නාගොල්ල රජමහා විහාරයේදී පැවැත්විණි.

ලංකා බැංකුව මෙම කෘෂිකර්මාන්තය ආශ්‍රිත ඩ්‍රෝන යානා නියමු වැඩසටහන සඳහා මූල්‍ය සහයෝගය ලබා දෙන අතර, කෙනිල්වර්ත් ඉන්ටර්නැෂනල් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම නිපුණතා කවුන්සිලයේ සභාපති කවින්ද දිසානායක මහතා, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අතර ඇති කර ගත් සහයෝගී ප්‍රයත්නයකි.

තාක්ෂණයෙන් ගොවි ජනතාව සවිබල ගැන්වීමට අමතරව, භෝග නිරීක්ෂණය හා අස්වැන්න පුරෝකථනය කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීම හරහා නිෂ්පාදනවල ගුණාත්මක භාවය හා නිෂ්පාදන පරිමාව වර්ධනය කිරීමද අරමුණු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division