Home » ජාතික රූපවාහිනියෙන් ටෙලි පෙළහරක්

ජාතික රූපවාහිනියෙන් ටෙලි පෙළහරක්

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

ටෙලි නාට්‍ය පුංචි තීරයට හඳුන්වා දුන් ජාතික රූපවාහිනිය නව නිර්මාණ 07ක් ඉදිරිපත් කර ඇත. එම නිර්මාණ අධ්‍යක්ෂවරුන් සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගිය 9 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඒ අනුව කොරියානු ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂක හදවත් දිනූ ජාතික රූපවාහිනි‌ෙයන් විකාශය වූ සිංහලෙන් හඬකැවූ ‘කිරිල්ලියෝ’ කතා මාලාවේ දෙවන කොටස සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සෑම දිනකම රාත්‍රී 07.00 ට විකාශය වේ.

එමෙන්ම මාවෝ ලක්ෂිත කරුණාතිලක අධ්‍යක්ෂණයක් වන ‘ෆ්ලැට් නොවන ප්ලැට් වෙයි’ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රි 07.30 ට විකාශය වේ. ‘කොත්තු කඩේ’ සිකුරාදා රාත්‍රී 07.30 ට විකාශය වන අතර එය කුමාර තිරිමාදුරගේ අධ්‍යක්ෂණයකි.

‘Main Character’ ශාන් ජයරත්නගේ අධ්‍යක්ෂණයක් වන අතර එය සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සෑම දිනකම රාත්‍රී 08.30 ට විකාශය වේ. ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණි.

සති අන්තයේ ටෙලි රූ පෙළහර ලෙස බුද්ධික ගුණදාසගේ අධ්‍යක්ෂණයක් වන ‘TARGET’ රාත්‍රී 7.00ට විකාශය වේ. චාමර කපුකොටුව අධ්‍යක්ෂණයක් වන ‘අපි’ සති අන්තයේ රාත්‍රී 7.30 ටත් ඉරුගල්බණ්ඩාගේ අධ්‍යක්ෂණයක් වන ‘වියළි’ සති අන්තයේ රාත්‍රී 8.30 ටත් විකාශය වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division