Home » ලංකා හොස්පිටල්ස් Bariatric ශල්‍යකර්ම 250 ඉක්මවයි

ලංකා හොස්පිටල්ස් Bariatric ශල්‍යකර්ම 250 ඉක්මවයි

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන (Bariatric) මධ්‍යස්ථානය ඇරැඹීම සහ අතිසාර්ථක ස්ථුලතා පාලන (Bariatric) සැත්කම් 250ක් ඉක්මවා යාම, සම්බන්ධයෙන්

ලංකා හොස්පිට්ල්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා කියා සිටියේ, “අපගේ නව ස්ථුලතා පාලන (Bariatric) මධ්‍යස්ථානය සාර්ථක ලෙස සමාරම්භ කිරීම සහ අපගේ සාර්ථක 250 වැනි ශල්‍යකර්මය සිදුකිරීම ලංකා හොස්පිට්ල්ස් ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරනවා…” යනුවෙනි.

Bariatric මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය තේජන විජේරත්න, එක් එක් රෝගියාට අනන්‍ය වූ සත්කාර ලබාදීමට මධ්‍යස්ථානයේ කැපවීම අවධාරණය කළේය. ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ලංකා හොස්පිට්ල්ස් ස්ථුලතා පාලන (Bariatric) මධ්‍යස්ථානයේ ස්ථුලතා පාලන සැත්කම් පිළිබඳ සිය පෞද්ගලික අත්දැකීම් බෙදා ගත්තේය.

“මගේ ජීවිතයේ වැඩි කාලයක් මම තරබාරුකම සමඟ ගැටලුවලට මුහුණ දෙමින් සිටියා. නමුත් ලංකා හොස්පිට්ල්ස් Bariatric සැත්කම්වලට ස්තූතිවන්ත වන්නට ක්‍රීඩා කිරීමේදී ඇතිවූ ගැටලු දැන් සම්පූර්ණයෙන්ම විසඳී තිබෙනවා. මගේ පුතා, දුව සහ දුවගේ ස්වාමිපුරුෂයා පවා මේ ස්ථුලතා පාලන සැත්කම් කළා. එය ඇත්තටම අපි හැමෝගෙම ජීවිත වෙනස් කරන සුන්දර අත්දැකීමක්…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division