Home » පළිගැනීම්වලට ලක්වූ එජාප පාක්ෂිකයන්ට වන්දි ගෙවයි

පළිගැනීම්වලට ලක්වූ එජාප පාක්ෂිකයන්ට වන්දි ගෙවයි

by Mahesh Lakehouse
April 6, 2024 12:31 am 0 comment

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය කර තිබේ.

1994 වසරෙන් පසු දේශපාලන පළිගැනීම්වලට ලක්ව රුපියල් ලක්ෂ දහයට වඩා අලාභ සිදුවූ බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුවෙන් නිගමනය කරන ලද 66 දෙනෙක් සඳහා මුලින්ම වන්දි ගෙවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වූ සැණින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුව පත් කෙරුණු අතර එම කමිටුවට පැමිණිලි එකසිය 164 ක් ලැබී තිබිණි. එම පැමිණිලිවලින් 66ක් සඳහා වන්දි අනුමත කෙරුණු අතර සෙසු පුද්ගලයන් ඉදිරිපත් කළ අභියාචනා සලකා බලා සුදුසු වන්දි මුදල් තීරණය කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටු කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත. කමිටුවට ඉදිරිපත් කෙරෙන අභියාචනා සම්බන්ධයෙන් එජාප කලාප සංවිධායකවරුන් හරහා වැඩිදුර විමර්ශන කර අදාළ මාස දෙකක කාලයෙන් පසු ඔවුන්ට ද සුදුසු පරිදි වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව එජාප මහලේකම්වරයා කීය.

එල්. පී. සුරංග

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division