Home » රේගු ඇස වසා ගෙන් වූ සුපිරි රථ 51ට තහනම් නියෝග

රේගු ඇස වසා ගෙන් වූ සුපිරි රථ 51ට තහනම් නියෝග

by Mahesh Lakehouse
April 6, 2024 12:32 am 0 comment

රුපියල් කෝටි 300කට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් ආනයනය කරන ලැබූ සුඛෝපභෝගී මෝටර් රථ 51 ක් විකිණීම, පැවරීම, අන්සතු කිරීම, තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය නොකර මෙරටට ගෙන්වන ලද මෙම සුඛෝපභෝගී මෝටර් රථ 51 සම්බන්ධයෙන් අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. මෙම වාහන 51 අතර ලෑන්ඩ්කෲසර්, මොන්ටෙරෝ, ටොයොටා කැබ් වැනි සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළත් වන අතර, ඇතැම් වාහන මෙරට වෙ‍ෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි හතක් පමණ වන බවද අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බන්ධපෙරුම මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division