Home » වී ගන්න ජනපතිගෙන් රුපියල් කෝටි 50ක්

වී ගන්න ජනපතිගෙන් රුපියල් කෝටි 50ක්

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

වී මිලදී ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වී අලෙවි මණ්ඩලයට රුපියල් කෝටි 50ක මුදලක් ලබා දීමට එකඟ වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර සිළුමිණට පැවසීය.

වී මිලදී ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් තමා කළ ඉල්ලීමට සාවධානව සවන් දුන් ජනාධිපතිවරයා මෙම මූල්‍ය ප්‍රතිපාදන වහාම ලබා දීමට පොරොන්දු වූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් බිලියන 02ක් ලබා දෙන ලෙස තමා කළ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණ ද ගොවි භාරකාර අරමුදලෙන් ලබාගත් රුපියල් මිලියන 250න් මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඉකුත් 15 වැනිදා සිට සෑම දිස්ත්‍රික්කයකම අඩුම තරමින් වී ගබඩා දෙකක්වත් වී මිලදී ගැනීම සඳහා විවෘතව තැබීමට නියමිත බව ද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා විසින් වී මිලදී ගැනීම සඳහා ලබා දීමට පොරොන්දු වූ රුපියල් කෝටි 50ක මුදල ලැබීමත් සමඟ වී මිලදී ගැනීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට හැකිවනු ඇති බවට ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර විශ්වාසය පළ කළේය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division