806
පාසල් අසලට මත්ද්‍රව්‍ය ගෙන එන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා බුද්ධි අංශ යොදවා ඇතැයි ද ඒ හරහා විශේෂ මෙහෙයුමක් සිදු කරන බව යුක්තිය මෙහෙයුමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට කීය. පාසල් අසලට මත්ද්‍රව්‍ය ගෙන එන පුද්ගලයන් ඒවා තෙවන පාර්ශ්වයන් අතට පත්කර එම පුද්ගලයන් මඟින් පාසල් සිසුන් වෙත ලබා දෙන බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි එම නිලධාරියා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
පාසල් අවට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයන් 517 දෙනෙකු යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර දිවයිනේ පාසල් 107ක් මත්ද්‍රව්‍ය අවදානම් සහිත පාසල් බව හෙළිව තිබේ.
දීපාල් සමරසේකර