Home » NDB බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ

NDB බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

NDB බැංකුව සිය නව ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ ලෙස පෙබරවාරි මස පළමුවන දින සිට කැළුම් එදිරිසිංහ පත් කර තිබේ. වසර 30ක කීර්තිමත් වෘත්තීය සේවා පළපුරුද්දක් සහ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු රාශියක් ඔහුගේ අත්දැකීම් සමුදායට අයත් වන අතර, ඔහු අවසන් වරට HSBC බැංකුවේ ප්‍රධාන අවදානම් මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ අතර, අවදානම් කමිටුවේ සභාපති ධුරය ද හොබවන ලදී. බැංකු ක්‍ෂේත්‍රයේ ඔහුගේ සේවා කාලය තුළ අවදානම් කළමනාකරණය, වාණිජ බැංකුකරණය, අරමුදල් කළමනාකරණය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මූල්‍ය විශ්ලේෂණය ඇතුළු විවිධ විෂයයන් හි විශිෂ්ට නායකත්ව හැකියා පෙන්නුම් කර ඇත. සිය නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් කැළුම් එදිරිසිංහ කියා සිටියේ, මූල්‍ය විශිෂ්ටත්වය සහ නවෝත්පාදන වෙනුවෙන් කැප වී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන NDB බැංකුව සමඟ සම්බන්ධ වීමට ලැබීම තමාට ඉමහත් ගෞරවයක් බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division