Home » 76 වැනි නිදහස් සමරුව අභිමානවත් ලෙස

76 වැනි නිදහස් සමරුව අභිමානවත් ලෙස

by Mahesh Lakehouse
February 3, 2024 12:40 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

“හදමු අලුත් රටක්” තේමාව යටතේ 76 වැනි ජාතික නිදහස් උලෙළ අද (04) පෙරවරු 8.00 සිට කොළඹ ගාලුමුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වේ.

ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැති ශේතා තැව්සින් සහභාගි වේ. එදින පෙරවරු 6.30ට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත ජාතික විරු ප්‍රතිමා අබියස පුෂ්පෝපහාර පිදීම ද සිදු කෙරේ.

මෙවර නිදහස් සැමරුම් උලෙළ සංස්කෘතික අංගවලින් තොරව ත්‍රිවිධ හමුදා උත්තමාචාරවලට පමණක් මුල්තැනදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, රණවිරු පෙළපාළිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 3,042ක්, සන්නද්ධ රථ 77ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් 917ක්, සන්නද්ධ රථ 7ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් 605ක්, සන්නද්ධ රථ 27ක්, ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් 299ක්, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 209ක්, සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් 379ක්, ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයන් 500ක්, විශ්‍රාමික නිලධාරින් 22ක් සහ ආබාධිත නිලධාරීන් 29ක් සහභාගි වේ.

නිදහස් දින පෙරහුරු වැඩසටහන සහ නිදහස් උලෙළ හේතුවෙන් උත්සවය අවසන් වන තුරු කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

නිදහස් උලෙළ පැවැත්වෙන ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන අතර කොල්ලුපිටිය සිට කොළඹට ඇතුළුවන වාහන සහ කොළඹ කොටුවේ සෙරමික් හන්දියේ සිට ගාලු මාර්ගය ඔස්සේ පිටවීම සම්බන්ධයෙන් වාහන සීමා කෙරේ.

ගාලු මැද පාර, ගාලු මුවදොර වටරවුම, NSA වටරවුම දක්වා, චෛත්‍ය පාර, කොල්ලුපිටිය හන්දිය, ගාලු මුවදොර දෙස සිට කොල්ලුපිටිය දුම්රිය පොළ දක්වා, ශාන්ත මයිකල් හන්දියෙන් ගාලු පාරට ඇතුළුවීම, රොටුණ්ඩා වට රවුමෙන් ගාලු පාරට ඇතුළුවීම, සෙරමික් හන්දිය NSA වටරවුම දෙසින් ඇතුළුවීම, යෝක් වීදියේ බැංකු මාවතෙන් ඇතුළුවීම, චැතැම් වීදියේ ඇතුළු වීම සහ යෝක් වීදියෙන් මුදලිගේ මාවතට ඇතුළු වීමට නොහැකි වන සේ එම මාර්ග රැසක් වසා තැබේ.

මෙවර නිදහස් දින උලෙළේ ජාතික ගීය ගායනා කිරීමට කොළඹ ආරක්ෂක සේවා විදුහල, තර්ස්ටන් විදුහල, මහානාම විදුහල, මුස්ලිම් කාන්තා විදුහල, රාජකීය විදුහල, රාමනාදන් හින්දු විදුහල, සහිරා විදුහල, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහා විදුහල, සාන්ත අන්තෝනි බාලිකා විදුහල, සාන්ත පීතර විදුහල සහ හින්දු විදුහල යන විදුහල්වල සිසු සිසුවියෝ 100 දෙනකු එක්වන අතර සංගීතය මෙහෙය වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙරදිග වාද්‍ය වෘන්දය විසිනි.

මාවතට ඇතුළු වීමට නොහැකි වන සේ එම මාර්ග රැසක් වසා තැබේ.

මෙවර නිදහස් දින උලෙළේ ජාතික ගීය ගායනා කිරීමට කොළඹ ආරක්ෂක සේවා විදුහල, තර්ස්ටන් විදුහල, මහානාම විදුහල, මුස්ලිම් කාන්තා විදුහල, රාජකීය විදුහල, රාමනාදන් හින්දු විදුහල, සහිරා විදුහල, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහා විදුහල, සාන්ත අන්තෝනි බාලිකා විදුහල, සාන්ත පීතර විදුහල සහ හින්දු විදුහල යන විදුහල්වල සිසු සිසුවියෝ 100 දෙනකු එක්වන අතර සංගීතය මෙහෙය වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙරදිග වාද්‍ය වෘන්දය විසිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division