Home » සතියේ කලද‍වස

සතියේ කලද‍වස

by thanushika
February 3, 2024 12:30 am 0 comment

මේෂ – ව්‍යාපාර ලාභ

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භයේ කනගාටුදායක පුවත් අසන්නට ලැබෙන සහ සිත් රිදීම්වලට ඉඩ ඇත. ඉන්පසු දින කීපය අයහපත් නොවේ. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ආදායම් ලබන සහ පුණ්‍ය කටයුතු සඳහා දායකත්වයක් ඇති කෙරෙන බවක් පෙන්වයි. ගෙදරදොර වැඩකටයුතු, දරුවන්ගේ කටයුතුවලට සුබපල ගෙන දෙයි. අපල අවම වීමට දිනපතාම බුද්ධ පූජාව තබන්න.

සුබ අංකය – 2, සුබ වර්ණය – රතු, සුබ දවස – අඟහරුවාදා

වෘෂභ – දුර ගමන් යෙදෙයි

සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර ආදියෙන් ලැබීම් පෙන්වන යහපත් මිතුරන් මුණගැසෙන දින කීපයකි. කනගාටුදායක අවස්ථා මුණගැසේ. පුණ්‍ය කටයුතු යෙදෙන අතර දුර ගමන්බිමන් ද ඇති කෙරේ. ලැබීම් සහිත දිනයක් මේ අතරතුර ඇත. සතියේ මුල් දිනයෙන් පසුව යහපත් සිතුවිලි ගොඩනැඟී ප්‍රබෝධවත්ව ගෙවයි. අපල අවම වීමට මෛත්‍රිය පතුරවන්න.

සුබ අංක – 2, 6, සුබ වර්ණ – රෝස, ක්‍රීම්, සුබ දවස – සිකුරාදා, බදාදා

 

මිථුන – රැකියාවේ දියුණුව

සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. ආරම්භයේ තරමක ගැටලුකාරී බවක් දක්නට ඇත. ඉන් පසුව කාලය යහපත්ය. කරන කියන ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. මිල මුදල් තත්ත්වය අතින් සෑහීමකට පත්විය හැකිය. ගෘහ ජීවිතය සාමයෙන් ගතවේ. දියුණුව පිණිස යම් යම් කටයුතු ආරම්භ කරයි. අපල අවම වීමට අසරණ වූ කුඩා දරුවන්ට උපකාර කරන්න.

සුබ අංකය – 3, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

කටක – වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් හරහාය. දරුවන්ගේ පැවතුම් නිසා සිත් රිදෙන අවස්ථා මතුවේ. එහෙත් සියලු කරුණු කාරණාවලට එඩිතරව නොබියව නොපැකිළව මුහුණ දීමේ ශක්තියක් මතු කරයි. සතුරන් පවා මිතුරු විය හැකි සතියකි. වෙළෙඳ ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. අපල අවම වීමට බිලිඳුන් සිටින මවකට උදවු උපකාර කරන්න.

සුබ අංක – 2, 7, සුබ වර්ණය – සුදු, සුබ දවස – සඳුදා

සිංහ – දරුවන්ගේ ප්‍රාර්ථනා ඉටු වේ

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් හරහාය. ගෘහ ජීවිතය තුළ කරන කියන වැඩ කටයුතු ගැන උනන්දුවක් ඇති කරයි. දරුවන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉටුවීමට ඇති ඉඩකඩක් පෙන්වයි. උත්සාහයෙන් ප්‍රබෝධයෙන් යුතුව රැකියා, ව්‍යාපාර කටයුතු කරගෙන යයි. පලදායී සතියකි. අපල අවම වීමට පිළිකා රෝගීනට උපකාරයක් කරන්න.

සුබ අංක – 2, 4, සුබ වර්ණය – රතු, සුබ දවස – ඉරිදා

කන්‍යා – සමාජයීය කටයුතු බහුල වේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. සොයුරු සොයුරියන් පිළිබඳ ඇති සෙනෙහස වැඩිවේ. ගෙදරදොර වැඩකටයුතු පිළිබඳ මහත්වූ වගකීමක් දරයි. නිවස ප්‍රියමනාප තැනක් බවට පත්කරන්නට වෙහෙස වන නමුත් විටෙක කලකිරුණු ස්වභාවයක් ද ගෙන දෙයි. සමාජයීය වැඩ බහුල වන අතර ප්‍රසිද්ධිය ගෙන දෙයි. අපල අවම වීමට දෙමවුපියනට සංග්‍රහ කරන්න.

සුබ අංක – 2, 3, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

තුලා – ගෙදර දොර කටයුතු නොපිරිහෙළා ඉටු කරයි

සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. මිල මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතු සතියකි. සොයා නොබැලුවහොත් පාඩු සිදු විය හැකිය. ගෙදර දොර කටයුතු අනලස්ව කරගෙන යයි. කොතෙක් වෙහෙස වී කටයුතු කළද සෑහීමකට පත් නොවිය හැකිය. පොදු වැඩ, දරුවන්ගේ කටයුතු, සොයුරු සොයුරියන්ගේ වැඩ වැඩි වේ. අපල අවම වීමට වකුගඩු රෝගීනට පිළිසරණ වන්න.

සුබ අංක – 2, 6, සුබ වර්ණය – ක්‍රීම්, සුබ දවස – සෙනසුරාදා

වෘශ්චික – මවුපියන්ගෙන් උපකාර

සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් හරහාය. සතිය ආරම්භයේ රතු පාට මල් සහ නිල් මල් පූජා කර බුදුන් වඳින්න. අලස ගති මඟ හරවා වැඩ කරගැනීමට ඔබට හැකිවේවි. අතමිට මිල මුදල් ගැවසෙන සොයුරු සොයුරියන්ගෙන්, මවුපියන්ගෙන් උපකාර හිමි වන සතියක් වේ. පදිංචි ස්ථානයේ දියුණුව පිණිස යම් දෙයක් කිරීමට අදහස් පහළ වේ. අපල අවම වීමට උදෙන්ම බුදුන්ට පැන් වීදුරුවක් තබන්න.

සුබ අංක – 2, 4, සුබ වර්ණය – රතු, සුබ දවස – බ්‍රහස්පතින්දා

ධනු – අතමිට මුදලක් ගැවසේ

සඳු ගමන් කරන්නෙ 12 ලග්නය 2 හා 3 වැන්න හරහාය. ආරම්භයේ විදේශගත හිතවතුන්ගෙන් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. ආරම්භයේ සිත් රිදීමක් හෝ නිෂ්ඵල වියදමක්, ගමනක් යෙදෙන්නට පුළුවන. ඉන්පසු කාලය ඔබට යහපත්ය. සාමාජයීය වශයෙන් ප්‍රසාදජනක ලෙස ජීවිකාව ගෙන යයි. අතමිට මුදලක් ගැවසේ. සහජ දක්ෂතාවලට ඉඩක් ලැබේ. උනන්දුව උත්සාහය වර්ධනය වේ. අපල අවම වීමට බෝධීන් වහන්සේට ඇප උපකාර කරන්න.

සුබ අංක – 2, 3, සුබ වර්ණය – කහ, සුබ දවස් – ඉරිදා, බදාදා

මකර – වචනය ප්‍රියමනාප වේ

සඳු ගමන් කරන්නේ 11, 12, ලග්නය හා දෙවැන්න මතිනි. ලාභදායී සතියකි. රැකියා, ව්‍යාපාරවලින් හිතවත් අයගෙන් ආදායම් තත්ත්වය යහපත් වේ. පැරණි ණය මුදලක් හෝ අතට ලැබේ. ප්‍රවේශමෙන් පරිහරණය සිදු කරන්න. වචනයට ක්‍රියා කලාපයට අන්‍යයන් පැහැදෙයි. මහන්සි වී වැඩ කරයි. අපල අවම වීමට පංචශීලය රකින්න.

සුබ අංක – 2, 8, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

කුම්භ – පදිංචි ස්ථානයේ දියුණුව

සඳු ගමන් කරන්නේ 10 වැන්න 11, 12 ලග්නය මතිනි. රැකියාවට මුල්තැනක් දී කටයුතු කරයි. දුර ගමන් යෙදිය හැකි අතර එම රැකියා කටයුතුවලින් ලාභ ගෙන දෙයි. පදිංචි ස්ථානයේ දියුණුව පිණිස උනන්දු වේ. ලැබිය යුතු මුදලක් ලැබෙන්නට ඉඩ ඇත. මවුපියන්ගේ සහයෝගය ද හිමි වන දින කීපයකි. අවිවේකය බලපවත්වයි. අපල අවම වීමට ඉවසීම පුහුණු කරන්න.

සුබ අංක – 2, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

මීන – පුණ්‍ය සිතුවිලි මතු කරයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය ඔබට සුබපල උදාකර දෙයි. දානමාන පිරිත් ආදී පුණ්‍ය කටයුත්තක නිරත වීමට අවස්ථාව මතු කර දෙන මේ සතියේ ඔබගේ ගෙදර දොර වැඩකටයුතු ඉතා හොඳින් කරගෙන යාමට හැකි වෙයි. දරුවන්ගේ අධ්‍යාපනය සුබවාදීව කරගෙන යයි. ඔවුන් පිළිබඳ සතුටු විය හැකි අවස්ථා මතු කර දෙයි. අපල අවම වීමට වැඩිහිටි අසරණ අයෙකුට පිහිට වන්න.

සුබ අංක – 2, 3, සුබ වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division