Home » එකිනෙක ගැළපෙන ලග්න මෙන්න !

එකිනෙක ගැළපෙන ලග්න මෙන්න !

by thanushika
February 3, 2024 12:33 am 0 comment

ඔබේ උපන් ලග්නයට ගැළපෙන මිතුරු හා සම ලග්නයන් ද සතුරු ලග්නයන් ද පිළිබඳව දැනුවත් වීම ඔබට වැදගත් වෙයි. සුබ කටයුතුවල යෙදීම සුබ නැකැත් සෑදීම සුහද මිතුරු මිතුරියන් තෝරා ගැනීම, හවුල් ව්‍යාපාරය සඳහා අය තෝරා ගැනීම, විවාහය සඳහා අයෙක් තෝරා ගැනීම වැනි අවස්ථාවලදී ඔබේ උපන් ලග්නයට ගැළපෙන මිතුරු ලග්න හිමියෙක් හෝ සම ලග්න හිමියෙකු තෝරා ගැනීම අතිශයින්ම සුබ පලදායකය.

උපන් ලග්නයට සතුරු ලග්නයක් හිමි අය මේ සඳහා නොගැළපෙයි. යහපත් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි වෙයි. මිතුරු සතුරු සම ලග්නයන් තෝරා ගැනීම සඳහා ලග්නාධිපති ග්‍රහයා පිළිබඳ දැනුවත් විය යුතුය. ලග්නාධිපති ග්‍රහයන් මෙසේය.

මේෂ සහ වෘශ්චික ලග්නවල අධිපති ග්‍රහයා ‘කුජ’ වන අතර වෘෂභ සහ තුලා ලග්නවලට ලග්නාධිපති ‘සිකුරු’ ග්‍රහයා වේ. මිථුන සහ කන්‍යා ලග්නවල අධිපති ග්‍රහයා ‘බුධ’ වන අතර ‘රවි’ ලග්නාධිපති වන්නේ ‘සිංහ’ ලග්නයටය. ‘ගුරු’ ග්‍රහයා ලග්නාධිපති වන්නේ ධනු සහ මීන ලග්නවලටය. ‘සඳු’ ලග්නාධිපති වන්නේ ‘කටක’ ලග්නයටය. මකර සහ කුම්භ ලග්නවල අධිපති ග්‍රහයා ‘ශනි’ ග්‍රහයා වේ.

ලග්නයට මිතුරු වීම, සම වීම හෝ සතුරු වීම ද උච්ච වීම, නීච වීම හෝ ස්වක්ෂේත්‍ර වීමද ආදී ලෙසින් ග්‍රහයන් හැසිරීමේදී එම ග්‍රහයන් අධිපතිත්වය දරන ලග්න ඇසුරින් උපන් ලග්නයට ගැළපෙන මිතුරු සතුරු හෝ සම ලග්නය තෝරා ගැනීම සිදු වෙයි.

මේ සමඟ දැක්වෙන වගුව මඟින් මේ පිළිබඳව ඔබට දැන ගැනීම පහසුය. මේ අනුව මේෂ ලග්නයට ‘රවි’ උච්ච වී ශනි නීච වී ඇති බව පැහැදිලිය. උච්ච වීම මිතුරු බවකි. නීච වීම සතුරු බවකි. රවි ලග්නාධිපතිත්වය දරන්නේ සිංහ ලග්නයටය. මේෂ ලග්නයට සිංහ ලග්නය මිතුරු වෙයි.

මේෂ ලග්නයට ශනි ග්‍රහයා නීචය. ශනි ලග්නාධිපති වන්නේ කුම්භ සහ මකර ලග්නවලය. එනිසා ශනි ලග්නාධිපති ලග්න මේෂ ලග්නයට සතුරුය.

මේෂ ලග්න හිමියා උත්සාහවන්තයෙකි. හිතවත්ය. උපායශීලීය. ඉලක්ක සපුරා ගනියි. නිර්භීතය. පවුලේ අයට ලැදිය. වෘෂභ ලග්න හිමියා නොනැමෙන හිතක් ඇති, වෛර නොකරන, අමනාප නොවන, කලබල නොවන චරිතයකි. ඇතැම් විට ගුප්ත අදහස් ඇත්තෙකි. මිථුන ලග්න හිමියා ප්‍රියමනාප ගතිගුණ ඇති බුද්ධියට එකඟව ක්‍රියා කරන, වයසින් බාලයන් ඇසුරට කැමති අනියම් සබඳතාවලට ලැදි අයෙකි.

තියුණු බුද්ධියෙන් කටයුතු කරන කටක ලග්න හිමියා විවෘත අදහස් දරයි. උපේක්ෂා සහගතය. පවුලේ අයට හිතවත්ය. සානුකම්පිතය. සිංහ ලග්න හිමියා පරාජයට අකැමැතිය. අභියෝගවලට කැමතියි. නායකත්වයට ලැදියි. කටයුතු සාර්ථක කර ගනියි. නිවැසියන්ට ලැදිය. කන්‍යා ලග්න හිමියා නම්බුවට ගරු කරයි. සංවේදී චරිතයකි. සහකරු හෝ සහකාරිය උගත්ය. ළාබාල ඇසුර ප්‍රිය කරයි.

සාමකාමී අයෙක් වන තුලා ලග්න හිමියා කටයුතුවල ශූර කථික ශක්තිය හිමි අයෙකි. පොදු කටයුතුවලට සම්බන්ධ මේ අය ගුප්ත විද්‍යාවට ඇලුම් කරයි. ඕනෑම ශිල්පයක දැනුම ලබා ගැනීමට කැමති වෘශ්චික ලග්න හිමියා අහංකාරය. නිර්භීතය. විවෘත අදහස් ඇති අයෙකි. සිරිත් විරිත් අගය කරයි. ගරු සැලකිලි ලබයි.

ධනු ලග්න හිමියා නිදහසට බොහෝ කැමතිය. බුද්ධිමත්ය. එහෙත් ඇතැම් විට බොළඳ වෙයි. උසස් වීමේ අපේක්ෂාව ඇත. ග්‍රහයෝග අනුව ගිහි දිවියට සමු දෙන අයෙක් වේ. මකර ලග්න හිමියා බලයට ලැදිය. වාසනාවන්තයෙකි. සමාජ කටයුතුවලට දක්ෂය. පරිපාලනය උරුම කරගැනීමට කැමතිය. තමා නිවැරදි බවට සිතන අයෙකි.

කුම්භ ලග්න හිමියාට සියුම් නුවණක් පිහිටයි. පුද්ගලයින් සිතිවිලි හොඳින් හඳුනා ගනියි. පැරණි අදහස්වලට ද එකඟ වෙයි. සත්‍යගරුකය. ආශාවන්ගේ එල්ලී නැත. මීන ලග්න හිමි අය පිනට දහමට කැමතිය. වගුවට අදාළව දක්වා ඇති ඔබේ උපන් ලග්නයට මිතුරු ලග්න තොරතුරු පිළිබඳව ද මෙම ලිපිය මඟින් පැහැදිලි වූවේයැයි සිතමි.

ජ්‍යොතිෂවේදී ගාමිණි ජයතිලක බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division