Home » ධන සම්පත් සහ සෞභාග්‍ය ගෙනෙන මහානුභාවසම්පන්න ස්කන්ධ කුමාර වශී යන්ත්‍රය

ධන සම්පත් සහ සෞභාග්‍ය ගෙනෙන මහානුභාවසම්පන්න ස්කන්ධ කුමාර වශී යන්ත්‍රය

by thanushika
February 3, 2024 12:31 am 0 comment

‘ස්කන්ධ’ හෙවත් කතරගම දෙවියෝ ඊශ්වර සහ පාර්වතී දේවියගේ පුත්‍රයෙකි. ඔහු යුද්ධයෙහි දක්ෂයෙකි. ඔහු භාවිත කළ ‘වේලායුධය’ හමුවෙහි හිස එසවිය හැකි ප්‍රති පාක්ෂිකයෙක් නොවීය. එදා ජම්බුද්වීපයම භීතියෙන් භීතියට පත්කොට එහි රාජ්‍ය කීපයක්ම සිය පාලනයට නතුකර ගත් ‘තාරක’ නමැති මහා ප්‍රබල කීර්තිධර රණශූර යෝධයා කඳකුමරුගේ ‘වේලායුධය’ හමුවේ රඹ කඳක් බවට පත්විය. ස්කන්ධ කුමරු ගැන මෙසේ කාව්‍යයෙන් කියැවේ.

දෙවි සෙනවිද කුමර සරයෙන් සවන් කඳ

මහසෙන් සිකියහන් බර අත් කොතෙ යුද

අඩයටිදර, හුතැස්යොන්, ගුරු, බරනෙත් ද

මෙකී තළෛස් නම් වේ කුමර හට කඳ

එදා කඳකුමරු සිරිලක් දෙරණට සැපත් වූයේ පෙර රජ දවස අප සිරිලක් දෙරණෙහි ‘තාරක’ නැමති මහා අසුර රජුගේ අයෝමය පාලනය බිඳ දැමීම සඳහාය. එය ‘ස්කන්ධගේ’ බල මහිමයෙන් බිඳ දැමූ බව ඉතිහාසයේ ලියැවී ඇත.

යම් පුද්ගලයකුගේ දෛවය වෙනස් කිරීමට හෝ වාසනා සහ සෞභාග්‍ය ලැබීම සඳහා විකිරණශීලී තරංග සහ පියවි ඇසට නොපෙනෙන යම් ගුප්තමය බලවේගයන් ඇති යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර, තෛල වර්ග, අඳුන්, පාෂාණ වර්ගයන් ඖෂධ වර්ග මුසුකර ජප කරන ලද රන්, රිදී, ඊයම්, තඹ, පස්ලෝ ආදියේ අඳින ලද යන්ත්‍ර ආදියේ බල සහ ආකර්ෂණයන් ඉතා වේගයෙන් ක්‍රියා කරන බව පෙර අපරදිග විද්‍යාඥයින් කරන ලද පරීක්ෂණවලින් සත්‍ය බව හෙළි කරගෙන ඇත.

එයින් මහා බල ඇති ගුප්ත බල සහ ආකර්ෂණය ඇඳී එන සිතූ පැතූ සම්පත් ළඟා කරන දියුණුව සහ ආරක්ෂාව උදෙසා මෙම ‘ස්කන්ධ වේලායුධ යන්ත්‍රය’ ද දේවත්වයේ උසස් වංශාධිපති යන්ත්‍රයකි.

මෙය කොහොඹ කොළ ඇතුරූ මල් යහනාවක් මත රත් මල් 21, බුලත් 33, රිදී පඬුරු 2, විලඳ පලතුරු හත, කැවිලි වර්ග, තැඹිලි ගෙඩි 2, තෙල් සත් වර්ගය යොදා පහන් 7ක් හා ස්කන්ධ රුවක් තබා ඉර රාජ සඳරාජ්, එළකටරොළු මල්, මුල්, ඇට, මොනර කුඩුම්බිය, කස්තුරි (මුවාගේ ඒවා) ගෝරෝචන, සස්සඳ, සිලාජතු කසීස්, ජසඳ වතුර පහෙන් අඹරා රත්හඳුන් කුඩු මිශ්‍රකර රන් තැඹිලි තෙලින් සිඳ අඳුන්ගිලිය සකසා යහනේ තබා මෙම යන්ත්‍රය ද කුජ දිනක ඇඳ කුජ හෝරාවෙන් නැඟෙනහිර බලා අඹරා, යහනෙහි තබා ජපකර ගන්න. මෙම මන්ත්‍රයෙන් 701 වර කියා මෙය ජප කිරීමට පෙර ස්කන්ධ කන්නලව්, දිෂ්ටි, ප්‍රාණ මන්ත්‍ර භාවිත කරන්න.

මන්ත්‍ර බන්ධනය‍

ඕං නමෝ එංති ජාරේ පෝරුම් තී කට්ටුවන්ත

ප්‍රතීශ්වර කට්ටු ලෝක නාථ කට්ටු ක්‍රෙම සූනියන්

කට්ටු බන්ද පූට්ටු විෂ්ණු කදිර ප්‍රලෝක කට්ටු රාජ

ස්ත්‍රී කට්ටු භෛරවානේ ත්‍රී යක්ෂ රාක්ෂ කට්ටු හනුමා

අංජන දේවී භෛරවා කට්ටු සූර්ය චන්ද්‍ර මංඬලා කට්ටු

ත්‍රී කට්ටු ශක්‍ර බ්‍රහ්ම මංඬලා ත්‍රීස් කට්ටු ඊශ්වර

ප්‍රතිශර මංඬලත් කට්ටු භූමි භූෂණ කදිරපුර

වල්ලි අම්මා ත්‍රීස් කට්ටු සර්ව යක්ෂ රාක්ෂ ශාස්ත්‍ර

ත්‍රී පර්වත හත කට්ටු නාරා ප්‍රති රාජාං ත්‍රී දිවමිං

කට්ටු පුට්ටු නමඃ සිව සිවා කන්දස්සාමි රාජගුරු

දරණේ හර හර ශිවන්දිර තම්බිරානේ නාග ප්‍රල

පේසනී කදිර නාරායනේ දිෂ්ටි දිෂ්ටි බන්ධ බන්ධනමඃ

(මෙයින් 1008 වරක් ජප කිරීමෙන් ආකර්ෂණය බන්ධන වේ.)

බෝධින් වහන්සේට දල්වා ඇති පහන්වලින් තෙල්ගෙන මෙම මන්ත්‍රයෙන් 321 වර කියා ජපකර සුරයේ බහා ගෙන පලඳින්න.

ඕංහ්‍රීං ඝං සරවණා භව – ඕං තන්ත්‍ර මංඟල

ඔඩ්ඩි ගුරු චන්දනී කග්ග්‍ර මණ්ඩල නමඃ නමෝ

සිද්ධ ලෝවතී සර්වශ් නිත්තේ විනේස්වාහං

ජන ප්‍රධානීන් හමුවට යන විට නීතිමය කටයුතුවලට යන විට, සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රභූවරු හමුවට ගොස් තම බලාපොරොත්තු ඉටුවීමට නළලත තෙල් ගාගෙන යන්න. කර පැලඳීමෙන් රජුන් මහාමාත්‍යවරු, ස්ත්‍රී පුරුෂ ජනී ජනයා තමාට වසඟ වේ. ඉල්ලු දේ ඉටු කරයි. වාසනාව ඇතිවී ධන සම්පත් ලැබීම, ව්‍යාපාර දියුණුවට, සර්ව ජන වශීයට, සිතැඟි ඉටුවීමට, ග්‍රහ අපල දුරු වීමට, මැණික් ලැබීමට, යක්ෂ, භූත, අමනුෂ්‍ය, ප්‍රේත ආදිය තුරන් වීම, අඹුසැමි ආරවුල් නැතිවීමට පර ස්ත්‍රී පුරුෂ ඇසුරින් ඉවත් වීමට, අණවින, හදි හූනියන් අංගං, පිල්ලු නොවැදීමට, භූමි දෝෂ භංග වීමට, අඳුරට පත්ව ගිලී ගිය ව්‍යාපාර ආලෝකවත් වීමට මෙම බල ඇති ස්කන්ධ කුමාර වශී යන්ත්‍රය නිවසේ රාමුකර තැන්පත් කර පහන් දැල්වීමෙන් දිනෙන් දිනම දියුණු වේ. ගිනි දැල්වී ආලෝකය ලබා දෙන සිතූ පැතූ සම්පත් ලබා දෙන බලගතු යන්ත්‍ර රාජයෙකි.

ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී රඹුක්කන ජිනදාස එදිරිසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division