Home » Caltex Havoline නව සන්නාම තානාපති මහේල ජයවර්ධන

Caltex Havoline නව සන්නාම තානාපති මහේල ජයවර්ධන

by gayan
February 3, 2024 12:30 am 0 comment

Chevron Lubricants Lanka PLC (CLLP) ශ්‍රී ලාංකේය ලිහිසි තෙල් කර්මාන්තය තුළ තවත් අද්විතීය ඉදිරි පියවරක් තබමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය.

ඒ Caltex Havoline තම Pro DS Fully Synthetic Eco series අත්හදා බලමින් එක් ලිහිසි තෙල් මාරුවකින් කිලෝමීටර් 10,000ක ධාවන දුරක් සපුරාලමිනි. මෙම සුවිශේෂී කාර්යක්ෂමතාවට අනුව මෙරට මාර්ග තත්ත්වයන් යටතේ එක් ලිහිසි තෙල් මාරුවක් තුළින් කිලෝමීටර් 10,000ක දුරක් සම්පූර්ණ කළ හැකි බව සනාථ කිරීමට Chevron Lubricants Lanka PLC සමාගමට හැකියාව උදා විය. මේ තුළින් නිරන්තර නවෝත්පාදනයන් වෙනුවෙන් වන සිය කැපවීම නැවත වරක් ප්‍රදර්ශනය කිරීමට සමාගම සමත් විය. එසේම මෙම සුවිශේෂී ජයග්‍රහණය මඟී මෝටර් රථ ලිහිසි තෙල් අංශයේ ඉහළම ප්‍රමිතීන් සහිත ලිහිසි තෙල් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට ද හේතු වනු ඇත.

තවද පාරිභෝගික අවශ්‍යතා සඳහා විසඳුම් සෙවීම වෙනුවෙන් වන Caltex Havoline හි ආරක්ෂාව ද මෙම ක්‍රියාකාරීත්වය තුළින් මනාව සහතික කරනු ලබයි. Caltex Havoline අභ්‍යන්තර දහන එන්ජින් (ICE) සහ හයිබ්‍රිඩ් මගී මෝටර් රථ යන දෙකටම එක ලෙස ගැළපෙන Pro DS Fully Synthetic Eco series තුළින් එක් ලිහිසි තෙල් මාරුවක් තුළින් කිලෝමීටර් 10,000ක් දක්වා ධාවනය කිරීමේ හැකියාව තමන් සතු කර ගත්තේ දැඩි පරීක්ෂණයකට භාජනය වෙමිනි. ඉහළ මට්ටමේ ප්‍රායෝගික පරීක්ෂණයන් තුළින් මේ ආකාරයේ කාර්යක්ෂමතාවක් සහතික කළ ශ්‍රී ලංකාවේ එකම සමාගම ලෙස පිළිගැනීමට ලක්වීමට ද මේ තුළින් Chevron Lubricants Lanka PLC සමත් විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division