Home » කාගිල්ස් බැංකුව CSE හි ද්වීතියික වෙළඳපොළ කටයුතු අරඹයි

කාගිල්ස් බැංකුව CSE හි ද්වීතියික වෙළඳපොළ කටයුතු අරඹයි

by gayan
February 3, 2024 12:30 am 0 comment

කාගිල්ස් බැංකුව (සීමාසහිත) එහි මූලික මහජන කොටස් නිකුතුව (IPO) සාර්ථක ලෙස අවසන් කිරීම සහ කොළඹ කොටස් හුවමාරුවේ ලේඛනගත කිරීම සනිටුහන් කරමින් 2024 ජනවාරි 9 වන දින පෙරවරු 9.30ට කොළඹ කොටස් හුවමාරුවේ (CSE) කටයුතු උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

කාගිල්ස් බැංකුව (සීමාසහිත) කොළඹ කොටස් හුවමාරුවේ (CBNK) ලකුණ යටතේ වෙළඳාම් කිරීම අරඹන ලදී.

මූලික මහජන කොටස් නිකුතුව සඳහා තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් අධි දායකත්ව ඉල්ලුමක් ලැබීම, බැංකුවේ වර්ධන ගමන් මාර්ගය සහ නායකත්වය කෙරෙහි ආයෝජකයින් තුළ ඇති විශ්වාසය තහවුරු කරයි. කොටස් 25,000ක් දක්වා ඉල්ලුම් කළ ඉල්ලුම්පත්‍ර සඳහා සම්පූර්ණ කොටස් ප්‍රමාණය වෙන් කිරීමෙන් ද කොටස් 25,000 කට වඩා ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලුම්පත්‍ර සඳහා කොටස් 25,000ක් සහ ඉල්ලුම් කරන ලද ඉතිරි ප්‍රමාණයෙන් 23.34%ක් වෙන් කිරීමෙන් ද වැඩි සහභාගීත්වයක් සහතික කිරීම සඳහා බැංකුව විසින් සාධාරණ සහ විනිවිද පෙනෙන ප්‍රවේශයක් පෙන්වා ඇත.

කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධියක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා මහජන කොටස් නිකුතුවේ සාර්ථකත්වය පිළිබඳව සිය තෘප්තිය පළ කරමින්,

“‍ආයෝජකයින්ගෙන් අපට ලැබුණු ප්‍රතිචාර පිළිබඳ අප නිහතමානී වන්නෙමු. අපගේ කොටස් නිකුතුව කෙරෙහි දක්වන ලද මෙම දැඩි උනන්දුව, මූල්‍යමය වශයෙන් වඩාත් පුළුල් සහභාගීත්වයක් සහිත ශ්‍රී ලංකාවක් සඳහා වන කාගිල්ස් බැංකුවේ දැක්ම කෙරෙහි ආයෝජකයින් තබා ඇති විශ්වාසයත්, එම පොරොන්දුව ඉටු කිරීමට අපට ඇති හැකියාවත් මනාව පිළිබිඹු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division