Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Great HR Quiz 2023 තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගනී

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Great HR Quiz 2023 තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගනී

by gayan
February 3, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් අංශය පසුගියදා පැවති Great HR Quiz‘ 2023 තරඟයෙන් රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන කාණ්ඩයේ ජයග්‍රාහකයින් බවට පත් විය. මෙම තරගාවලිය සඳහා සමාගම් 65 ක් සහභාගී වූ අතර, එයින් 4 වැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මානව සම්පත් අංශය සමත් විය.

මෙම Great HR Quiz‘‘ 2023 තරගාවලිය චාර්ටඩ් ඉන්ස්ටියුට් ඔෆ් පර්සනල් මැනේජ්මන්ට් (CIPM) විසින් සංවිධානය කරන ලදී. එය ශ්‍රී ලංකාවේ මානව සම්පත් වෘත්තිකයන්ගේ දැනුම සහ කුසලතා ඉහළ නැංවීම සඳහා මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් කැප වූ එකම තරගාවලිය වන අතර, මෙහිදී තරඟකරුවන්ගේ මානව සම්පත් හා සාමාන්‍ය දැනුම පිළිබඳ සියලු‍ අංශ ආවරණය කරනු ලැබීය.

1962 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේ වන විට දේශයේ රක්ෂකයා ලෙසින් රු. බි. 274 ක වත්කම් සම්භාරයක් සහ රු. බි. 156.7 ක ජීවිත රක්ෂණ අරමුදලක් සමගින් ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතනය ලෙසින් දශක 6කට අධික විශිෂ්ටත්වයක් සමරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division