Home » ෆස්ට් කැපිටල් සහ HNB එක්ව “First Capital Money Plus Fund” හඳුන්වා දෙයි

ෆස්ට් කැපිටල් සහ HNB එක්ව “First Capital Money Plus Fund” හඳුන්වා දෙයි

by gayan
February 3, 2024 12:30 am 0 comment

ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, මෙරට මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “First Capital Money Plus Fund” හඳුන්වා දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන ලද මෙම ක්‍රමවේදය මගින් ඒකක භාර ආයෝජන ගිණුම් සඳහා නිකුත්කරන EMV සක්‍රීය කාඩ්පත් හරහා ඩිජිටල් ක්‍රමයට මුදල් ලබාගැනීමට හා ගෙවීම් කිරීමට අවස්ථාව ලැබේ.මෙම ක්‍රමවේදයේ ආරක්ෂාව හා විනිවිදභාවය තහවුරු කිරීම සඳහා භාරකාර සේවාව ලබා ගැනීමට ෆස්ට් කැපිටල් සමාගම HNB සමග අත්වැල් බැඳගැනීමට කටයුතුකර තිබේ. මෙම නව අරමුදල මගින් ඒකක භාර ගිණුම් හිමියන්ට EMV කාඩ්පත් ඔස්සේ ඉතාමත් පහසුවෙන් තම ආයෝජන වෙත පිවිසීමට හැකියාව ලැබේ.මෙම නව පියවර සම්බන්ධයෙන් ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි විධායක උප සභාපති (වත්කම් කළමනාකරණ) කවින් කරුණාමූර්ති මෙසේ අදහස් පළ කළේ ය. “First Capital යනු මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ පෙරළියකට ලක් කළ හඳුන්වා දීම් රැසක් සිදු කළ සමාගමක්. ’Performance First’ යන සන්නාම ප්‍රතිඥාවේ අර්ථය මත පදනම් වෙමින්, සාම්ප්‍රදායික ආයෝජන ක්‍රමවලට වඩා ආකර්ෂණීය ප්‍රතිලාභ ලබා දෙන මෙම නව පහසුකම වෙළෙඳපොළට රැගෙන ඒමට අප බලාපොරොත්තුවන අතර, මෙය ‘මුල්‍ය විසඳුම් තුළින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම’ යන අපගේ දැක්මෙහි වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division