Home » ඩයලොග් ශක්තිය ජාතික ‍ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට

ඩයලොග් ශක්තිය ජාතික ‍ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට

by gayan
February 3, 2024 12:30 am 0 comment

ක්‍රීඩාවේ දක්ෂතා ඔප් නංවමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාන්තාවන් බල ගන්වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ජාතික ‍ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සඳහා මෙවරත්. සවිබලය සපයයි. ශ්‍රි ලංකාවේ දක්ෂතා පිරිපුන් දැල්පන්දු ක්‍රිඩිකාවන්ට සවියක් වෙමින්, මෙවර මෙම ශූරතාවලිය සඳහා ඩයලොග් ශක්තිය සපයන ලද්දේ අඛණ්ඩව 5 වැනි වසරටයි.

නෙට්බෝල් ක්‍රීඩවේ දක්ෂතා පිරිපුන් ක්‍රීඩිකාවන් ජාතික මට්ටමට ඔපමට්ටම් කෙරෙන මෙම ශූරතාවලිය, වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩා සංකීර්ණයේදී මෙම මස 20 හා 21 දිනවල පැවැත්වේ. ශූරතාව සඳහා කණ්ඩායම් 35 ක් තරග වදින තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වූයේ, 2024 ජනවාරි 21 වැනිදාය.

2024 ආසියානු දැල්පන්දු ශූරතාව ඉදිරියේ ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම ලහි ලහියේ සූදානම් වන අතරවාරයේ පැවැත්වූ මෙම තරගාවලිය, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයට ද ඉතාමත් වැදගත් තරගාවලියකි. ඒ, මේ හරහා අනාගත නෙට්බෝල් තරග බිමට කැපීපෙනෙන දක්ෂතාවලින් යුතු ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් සංචිතයක් තෝරා ගැනීම එම සම්මේලනයේ අපේක්ෂාව විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division