Sri Lanka Insurance Brokers Association (SLIBA) එහි 36වන වාර්ෂික සමුළුව කොළඹ 03 Ramada Wyndhamහිදී පසුගියදා පවත්වන ලදී.
රක්ෂණ ක්ෂේත්රයේ වෘත්තීමය භාවය ඉහළ නංවන නව යුගයක් වෙනුවෙන් SLIBA නව කමිටුව, සභාවේ ඒකමතික ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලැබීය.
ප්‍රිතා ප්‍රනාන්දු – සභාපති, චතුර සියසේන – උප සභාපති, රෝෂිනී සිල්වා – ලේකම්, නිරෝෂ් ගුණරත්න – භාණ්ඩාගාරික, චරිත් මහේන්ද්‍රරාජා – හිටපු සභාපති ද කමිටු සාමාජිකයන් ලෙස ඒන්ස්ලි අලස්, නිරංජන් මාණික්කම්, සුජීව විදානපතිරණ, ආදෙල් හෂිම්, නලින් ධර්මසිංහ මේ අනුව තෝරා ගත් කරගන්නා ලදී.
මෙම නව පත්වීම්, ප්‍රාග්ධන ආයෝජන පිළිබඳ විශේෂඥ දැනුමින් යුතු පිරිසක් බිහිකිරීමේ SLIBA වත්මන් මෙහෙවරට මනා සාක්ෂියක් මෙන්ම පිටුබලයක් ද වනු නො අනුමානය.
SLIBA ශ්‍රී ලංකාවේ රක්ෂණ තැරැව්කරණය සම්බන්ධයෙන් ප්රමුඛ පෙළේ කාර්යයක නියුතු සංගමයක් වන අතර, එහි මූලික අරමුණ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් ගැළපෙන රක්ෂණාවරණ යෝජනා කිරීමයි.