සියදිවි හානි කරගැනීම සහ හානි කරගැනීමට උත්සාහ කිරීම පසුගිය වසර කිහිපය තුළදී සෑහෙන්න වර්ධනය වෙලා. ඒ නිසා අද ඒ ගැන කතා කරමු. සෑම මිනිසෙක්ටම ජීවිතේ එක සැරයක් හරි සියදිවි නසාගන්න හිතිලා තියනවා.
උත්තර හොයාගන්න අමාරු, කැත ප්‍රශ්න ජීවිතේට මුණගැහුනම මිනිස්සුන්ට එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක්.
හැබැයි, එහෙම හිතුණා කියලා මිනිස්සු හිතෙන හැමදේම කරන්න යන්නෙ නැහැ,
ඒ නිසා, හිතෙන එක සාමාන්‍ය දෙයක් වුණාට, ඒක සිතුවිල්ලකින් එහාට ගිහින් ක්‍රියාත්මක කරන තත්ත්වෙට පත්වෙලා, ජීවිතේ නැති කරගන්නවා කියන එකඟනම් සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක අසාමාන්‍ය දෙයක්.
ඒක මොන තරම් අසාමාන්‍ය වුණත් සෑම තත්පර 40කට සැරයක්ම ලෝකෙ කොහෙ හරි කෙනෙක් ජීවිතේ නැති කරගන්නවා.
1995 අවුරුද්දේ වැඩිම ජීවිත ගාණක් නැති කරගෙන ඒ කප් එක ගැහුවෙ ලංකාවේ අපි.
ඒ තරමට නැති වුණත් අදටත්, ලංකාවේ ජීවිත නැති කරගැනීමේ අනුපාතය සාපේක්ෂව වැඩි වෙමින් පවතිනවා.
කවුරුහරි කෙනෙක් ජීවිතේ නැති කරගන්න හේතුව, විඳවන්න අමාරු මාරාන්තික ශාරීරික රෝගයක් නම් මට අනුව ඒක හරි හෝ වැරදිත්, ඒ ගැන විනිශ්චය දීම් සාධාරණ නැහැ.
2022 ජනවාරි පළවෙනිදා ඉඳලා ඔස්ට්‍රියාවේ විඳවන්න අපහසු මාරාන්තික ලෙඩක්, සදාකාලික එක්තැන් වීමක් වගේ වෙලාවක ජීවිතේ නැතිකර ගැනීම තෝරගන්න අධිකරණයෙන්ම අවස්ථාව දුන්නා. ඒ නිසා ඒ ගැන වැඩිදුර කතා කරලා වැඩක් නැහැ.
*ඊළඟ එක, ඩිප්‍රෙෂන්, ඇනසයිටි වගේ මානසික පීඩන තත්ත්වයකදී කෙනෙක් ජීවිතේට තිත තියනවා නම් ඒක ගැනත් ලොකු දෙයක් ලියල වැඩක් නැහැ. මොකද ඒවා නැහැදිච්ච කෙනෙක්ට තේරුම් ගන්න බැරි තරමේ වේදනාබර විඳවීම්. මානසික සෞඛ්‍ය දැනුම හා වැඩපිළිවෙළවල් ව්‍යාප්ත කිරීම, සවන්දීම සහ මානසික සුවතාව අවශ්‍ය වෙලාවට මනෝ උපදේශනයට යොමු වීම ඇරෙන්න වෙන විකල්ප නැහැ.
මීට අමතරව, විභාග ෆේල් වෙලා, තමන් ආදරය කළ කෙල්ල දාලා ගිහිල්ලා, කොල්ලා බූට් එක තියලා, අම්මා බැණලා, මූණෙ කුරුලෑවක් ඇවිල්ලා, වීඩියෝ එකක් ලීක් වෙලා, කසාදෙ කැඩිලා, නෝනා වෙන මහත්තයෙක් එක්ක යාළු වෙලා, මහත්තයා තව නෝනා කෙනෙක් එක්ක බබෙක් හදලා වගේ හේතු නිසා තමන්ගෙ ජීවිතේ එපා වෙලා, මේකට උත්තර නෑ, ලෝකෙට මූණ දෙන්නේ කොහොමද, ලැජ්ජාවේ බෑ, දැන් හිටියා ඇති කියලා හිතලා තමන්ගෙ ජීවිත චැප්ටර් එක නිම කරගන්නවා කියන එකනම් අමුම අමු මෝඩකමක්.
ජීවිතේ කියන්නේ සිද්ධි දාමයක්, ඒ සිද්ධි දාමය, ලස්සන කැත, සුන්දර අසුන්දර, කියන හැම දේකම එකතුවක්.
අහිමි වීම්, තනි වීම්, බිඳීම්, නැති වීම්, ලැජ්ජා වීම්, අපහසුතාවයට පත් වීම් කියන්නේ ලෝකෙ පටන් ගත්ත දවසේ ඉඳලා අවසන් වෙනකම්ම පවතින සොබාදහම් ගනුදෙනු, ඉතින් ඒවා වෙන්නෙ මිනිස්සු කියන අයට තමයි.
ඔයත් මිනිසෙක් නම් ඔයාටත් ඒවා වෙනවා.
ඒ වෙලාවට ඒකට මූණ නොදී පැනල දිව්වා කියලා වැඩක් නෑ. හේතුව ඔයා කියන්නේ ජීවිතේ ගැටුම් එක්ක හැප්පෙන පළවෙනියාවත් අන්තිමයාවත් නෙමෙයි,
ඔයාට දරාගන්න බැරි ප්‍රශ්නයක් වෙන කෙනෙක් සත පහකට ගණන් ගන්නෙ නැති එකයි විසිපහේ කාරණාවක් විතරක් වෙන්නත් පුළුවන්. අනික මේ ලෝකෙ තියෙන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න ඕනේ කියලා එකක් නැහැ, විභාගෙක වුණත් අමාරු ප්‍රශ්න අත හැරලා අපි උත්තර ලියන්නේ අපිට ලේසිම තෝරා ගත්ත ප්‍රශ්නවලට විතරක් වෙන ඒකේ ජීවිතේ ඔයාට දෙන හැම ප්‍රශ්නෙකටම කාගෙන උත්තර හොයන්න යන්න ඕනේ නැහැ. බෑ වගේ නම්, අමාරුයි වගේ නම් ඕන දෙයක් වෙච්චදෙන් කියලා ප්‍රශ්නෙ සොබාදහමට බාර දීලා ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න.
මේ ඔක්කොම ගේම් ගහලා ජීවිතේ කියන ඩ්‍රාමා එක ඉවර කරලා end වෙන දවසට, ආ ඔයා ජීවිතේ හැම ප්‍රශ්නෙටම උත්තර දුන්නා, ආ ඔයා ප්‍රශ්න මඟහැරියා, ඔයා උත්තර දුන්නේ නැහැ, ඔයා ලෝකෙට ලැජ්ජ වුණා, කියල මාරයා ඉන්ටවිව් එකක් තියලා චරිත සහතික නිකුත් කරන්නෙ නැහැ.
ඒ නිසා සිද්ද වෙන හැමදේටම මූණ දීලා, මූණ දෙන්න බැරි තැන්වලට නිශ්ශබ්දව ඉඳල කවදාහරි දවසක මාරයා අවිත් බෙල් එක ගහනකම්, හිනාවෙලා ජීවිතේ කියන පිට්ටනියේ හති දාගෙන සතුටෙන් නටන්න.
ලෙඩක් වගේ නම් තමන්ට තමන්ව කන්ට්‍රෝල් නෑ වගේ නම් නිකමට වගේ මනෝ වෛද්‍යවරයෙක් හෝ උපදේශකයෙකු හමුවෙන්න, මොකක්හරි ආගමක් දහමකට ළං වෙන්න. ලෝකෙට ලැජ්ජයි නම් නොබලා ඉන්න කියන්න. උත්තර නෑ වගේ නම් උත්තර නොදී ඉන්න. ඔයාට ආදරේ කරන සතුටෙන් ඉන්න මිනිස්සුන්ට ළංවෙන්න. යන අයට යන්න දෙන්න. ඉන්න අය එක්ක ජීවත් වෙන්න හුරු වෙන්න.
නෝනට, මහත්තයට, දරුවට, පෙම්වතාට ඔය කාට හරි ආදරේ කරන්නත් කලින් මුලින්ම තමන්ට ආදරේ කරන්න. තමන්ව ආදරෙන් රැකබලා ගන්න.
එහෙම නැතුව අනිත් අයගේ ක්‍රියා නිසා දුක් වෙලා, ඔළුව අවුල් කරගෙන වහ බෝතල්, කෝච්චි පාරවල් හොයාගෙන දුවන්න තරම් දුර්වල වෙන්න නම් හිතන්නවත් එපා.
එහෙම අහේතුක හේතුවකට කවුරු හරිම කෙනෙක් ජීවිතේ නැති කරගත්තම, ඒ කරගත්ත අපරාධයේ බරපතළකම ජීවත් වෙලා ඉන්න අයට තේරුම් කරනවා මිසක් ප්‍රේමයේ උත්තරීතරකම, එකිනෙකාගේ දරාගැනීමේ පරිමාව, අහිංසකකම, අසරණකම, එයා පව් අනේ කිය කිය මැරිච්ච කෙනාට උතුම් පදවි පලන්දලා ඒක සාධාරණීකරණය කරන්න එපා,
ඔයා නොහිතුවට, ඒකෙන් වෙන්නෙ මැරෙන්න හිතන් ඉන්න අයට වක්‍රානුකූල උඩ ගෙඩි දීමක් විතරයි.
මේක කියෙව්වට පස්සේ තාමත් ජීවත් වුණා ඇති කියලා හිතෙනව නම්, මහරගම අපේක්ෂා රෝහලට හරි රාජගිරියේ වික්ටෝරියා නිවාසෙට හරි එක දවසක් නිකමට ගිහින් බලන්න. ඔයා අතැරලා දුවන්න හදද්දී, එක දවසක් ජීවත් වෙන්න මිනිස්සු මොන තරම් දුක් දුක් විඳිනවද කියලා ඔයාටම තේරෙයි.
අපි හැමෝම දවසක මැරෙනවා. මොන දේ කොහොම සිද්ද වුණත් අන්න ඒ දවස වෙනකම් දුකෙන් හරි සතුටෙන් හරි හුස්ම ගන්න ඕනේ. ඒක තමයි ජීවිතේ කියන්නේ.
අන්න ඒ නිසා,
“දිවිය මොනතරම් සුන්දරදෝ..
දුකම කොයි තරම් සතුටක් දෝ…“කියල හිතලා ප්‍රශ්න enjoy කර කර ජීවිතේට මුහුණ දෙනවා මිසක්, ජීවිතේ නැති කරගෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න නම් හිතන්නවත් එපා.