Home » NDB බැංකුව Kadella Exhibition නිල බැංකු හවුල්කරු වෙයි

NDB බැංකුව Kadella Exhibition නිල බැංකු හවුල්කරු වෙයි

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

පසුගිය ජනවාරි 26 ආරම්භ වූ 28 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වනු ලබන 2024 කැදැල්ල ප්‍රදර්ශනයේ නිල බැංකු හවුල්කරු ලෙස NDB බැංකුව කටයුතු කරනු ඇත.

CEC Events ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රමුඛතම ප්‍රදර්ශනය මෙරට සිටින තමන්ගේම නිවාස හිමිකර ගැනීම වෙනුවෙන් මඟ පෙන්වීමක් අපේක්ෂා කරන පුද්ගලයින් සඳහාම වූ ප්‍රදර්ශනයක් වෙයි.

ප්‍රදර්ශන කුටි 150කට අධික ප්‍රමාණයකින් සමන්විත වන “Kandella Living in Style| ප්‍රදර්ශන භූමිය තුළ ගෘහ උපකරණ, ගෘහ භාණ්ඩ සහ ටයිල් සහ නාන කාමර උපාංග, නිර්මාණකරුවන්, නිෂ්පාදකයින් සහ Smart Home and Security විසඳුම් දක්වා විහිදුනු විවිධ වූ නිවාස ආශ්‍රිත නිෂ්පාදන සහ සේවා රැසක් ප්‍රදර්ශනය කෙරේ.

කැදැල්ල ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරන NDB බැංකුවේ ප්‍රදර්ශන කුටිය වෙත පැමිණෙන සියලුදෙනා හට NDB නිවාස ණය යෝජනා ක්‍රම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත හැක.

ඔබ නිවසක් මිලදී ගැනීමක් පිළිබඳ හෝ දේපළ ආයෝජනය පිළිබඳ සිහින මවමින් සිටින අයෙකු නම් අපගේ බැංකු නියෝජිතයින් ඔබේ නිවාස හිමිකාරිත්වය පිළිබඳ සිහිනය බාධාවකින් තොරව යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා වඩාත්ම සුදුසු මුල්‍ය විසඳුම් ලබාදීමට සූදානම්ව සිටියි.

කැදැල්ල ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත NDB බැංකුවේ ප්‍රදර්ශන කුටිය වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට නිවාස ණය පිළිබඳ නොමිලේ නීතිමය සහ තාක්ෂණික උපදෙස් ලබා ගත හැකි අතර, නිවාස මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය සහ විශ්වාසය වැඩි දියුණු කර ගත හැකිවීම ද විශේෂත්වයකි.

NDB බැංකුව ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම වාණිජ බැංකුව ලෙස ලැයිස්තුගතව ඇත. 2023 ආසියානු බැංකුකරණ සහ මූල්‍ය සම්මාන උලෙළේදී වසරේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව නම් කෙරිණි. එමෙන්ම, ඒෂියා මනී විසින් NDB බැංකුව 2023 වසරේ හොඳම බැංකු සමාගම ලෙස නම් කරන ලදී. ශ්‍රී ලාංකික ප්‍රකාශනයක් වන වාර්ෂික LMD ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වර්ෂයේ දී වැඩිම සම්මානයට පාත්‍ර වූ සමාගම ලෙස ජයග්‍රාහී දෙවන වසර NDB බැංකුව විසින් සනිටුහන් කරන ලදී. 2022 වසරේ දී ග්ලෝබල් ෆයිනෑන්ස් USA (Global Finance USA) සහ යුරෝමනී (Euromoney) විසින් පවත්වන ලද හොඳම බැංකුවලට අදාළ සම්මාන පිරිනැමීමේ වැඩසටහන් අනුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලදී.

මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ Great Place Work ආයතනය ‘2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50’ අතරින් එකක් වශයෙන් ද NDB බැංකුව නම් කළේය. NDB බැංකුව ප්‍රාග්ධන වෙළඳපොළට අනුබද්ධ සමාගම්වලින් සමන්විත NDB සමූහයේ මවු සමාගමට අයත් වන අතර, එමඟින් අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් නිර්මාණය වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division