Home » ඉතිහාසයේ පළමු වරට ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු කෝටි 1600ක දුම්රිය එන්ජින් 20ක තෑග්ගේ සුලමුල

ඉතිහාසයේ පළමු වරට ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු කෝටි 1600ක දුම්රිය එන්ජින් 20ක තෑග්ගේ සුලමුල

by damith
January 20, 2024 12:36 am 0 comment
මෙර­ටට ගෙන්වී­මට තෝරා­ගත් දුම්රිය එන්ජින් ඉන්දි­යාමේ එම එන්ජින් වර්ගය නම් කර ඇත්තේ WDM3D ලෙසය

දුම්රිය ධාව­නය සෙසු සියලු ප්‍රවා­හන මාධ්‍ය­ය­න්ගෙන් වෙනස් වන්නේ එය නිය­මිත මාර්ග­ය­කම ගමන් කළ යුතු හෙයිනි. දශම ගණ­නා­වක් හෝ ගමන් මාර්ගය එහා මෙහා නොවී ගමනේ යා යුතු හෙයිනි. ගුවන් යානා හැර ලෝකයේ සියලු ප්‍රවා­හන මාධ්‍ය අබි­බ­ව­මින් දුම්රිය පළමු තැනට පත්ව ඇත්තේ එහි ඇති අධික වේගය මෙන්ම සැප පහසු බවත් නිසා­මය.

එම් 10 එන්ජි­න්ව­ලට සමාන WDG3A 
දුම්රිය එන්ජි­මක්

එම් 10 එන්ජි­න්ව­ලට
සමාන WDG3A
දුම්රිය එන්ජි­මක්

විශේ­ෂ­යෙන්ම ජපා­නයේ MLX01, Maglev දුම්රිය මේ වන විට ගොඩ­බිම් මාර්ගයේ අධි වේග­යෙන්ම ධාව­නය වන අතර එය පැයට කිලෝ­මී­ටර් 581ක වේග­යෙන් ගමන් කර තිබේ. බස් රථ­ය­කට හෝ වෙනත් ගොඩ­බිම් වාහ­න­ය­කට එවැනි වේග­යක් ගැන තවම සිත­න්න­ට­වත් බැරිය. කිසිදු විටක දශ­ම­යක් හෝ එහා මෙහා නොවී ගමන් කළ යුතු මාර්ග­යක එසේ අධි වේග­ය­කින් ගමන් කර­න්නට නම් එම මාර්ගය මෙන්ම දුම්රි­ය ද ඉහ­ළම ප්‍රමි­ති­ය­කින් තිබිය යුතුය.

අස­ල්වැසි ඉන්දි­යා­වේ ද පැයට කිලෝ­මී­ටර් 180ක් දක්වාම අධි වේග­යෙන් ධාව­නය වන දුම්රිය ඇත. ඉන් එක් ප්‍රධාන දුම්රි­යක් වන්නේ නව දිල්ලිය හා වාරා­ණාසි අතර ධාව­යන වන Vande Bharat ‘සුපර් ෆාස්ට් එක්ස්ප්‍රස්‘ දුම්රි­යයි.

ශ්‍රී ලංකා­වට ඉන්දි­යා­වෙන් ප්‍රධාන වශ­යෙන්ම දුම්රිය මැදිරි සප­යන රයිට්ස් සමා­ගම ද එවන් අධි­වේගී දුම්රිය සඳ­හාද දුම්රිය මැදිරි එන්ජින් නිෂ්පා­ද­නය කර ඇත. එමෙන්ම බොහෝ දුම්රිය මාර්ග ස්ථාපිත කිරීම මෙන්ම නඩ­ත්තුව සිදු කරන්නේ ද ඉන්දි­යාවේ තවත් රාජ්‍ය සමා­ග­මක් වන අපේ රටේ ද දුම්රිය මාර්ග ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ඉර්කොන් සමා­ගම විසිනි.

අපේ රටේ දුම්රිය වෙනු­වෙන් ඉන්දීය රජයද දුම්රිය මැදිරි සප­යන ලදී. එමෙන්ම 90 දශ­කයේ සිට දුම්රිය එන්ජින් ද ලබා දීමට කට­යුතු කරන ලදී. විශේ­ෂ­යෙන්ම එම් 8 පන්තියේ ඩීසල් ඉන්දීය විදුලි දුම්රිය එන්ජින් එලෙස පළමු වරට අපට ලැබුණු එන්ජින් විය. එතැන් පටන් ඉන්දීය දුම්රිය එන්ජින් අපට සහන මිල­කට මෙන්ම ණය ආධාර යටතේ ලබා දෙන්නට ඉන්දීය රජය විසින් කට­යුතු කරන ලදී.

ඉන්දීය රයිට් සමා­ගම විසින් එස් 11 වර්ගයේ බල­වේග කට්ටල දුම්රිය 20ක් ද අපට ලබා දෙන ලදී. එක් දුම්රි­යක් මැදිරි 6කින් සම­න්විත විය.

ඉන් පසුව එස් 13 කාණ්ඩයේ ද්විත්ව බල­වේග කට්ටල 6ක් ද අපට ඉන්දීය ණය යෝජනා ක්‍රම­යෙන් හිමි වූ අතර එම් 10 පන්ති­යට අයත් අධි­බල දුම්රිය එන්ජින් ද වරින් වර ලබා දෙන ලදී. මේ වන විට දුම්රිය පද්ධ­තියේ දුර ධාවන දුම්රි­ය­යන් වෙනු­වෙන් එම් 10 පන්තියේ හා මෑත­කදී ආන­ය­නය කරන ලද එම් 11 පන්තියේ දුම්රිය එන්ජින් සප­යන්නේ ඉහළ සේවා­වකි.

එසේම ඉන්දීය ණය ආධාර යටතේ තවත් දුම්රිය මැදිරි 160ක් පසු­ගිය 2022 වසරේ ආන­ය­නය කරන ලදී. එහෙත් ඒ සියල්ල ණය ආධාර යටතේ සිදු කළ ඒවා විනා එක් මැදි­රි­යක් හෝ දුම්රිය මාර්ගයේ කොට­සක් හෝ නොමිලේ ලබා දුන් ඒවා නොවේ.

එහෙත් අස­ල්වැසි ඉන්දි­යා­වෙන් අපට අති­වි­ශාල සහ­යෝ­ග­යක් මේ වන විට ලැබී ඇත. ඒ ඉන්දි­යාවේ දුම්රිය මාර්ග­වල ධාව­නය කළ ඩීසල් විදුලි දුම්රිය එන්ජින් 23ක් මෙර­ටට නොමි­ලේම ලබා දීමට ඉන්දීය රජය කැමැත්ත පළ කිරී­මය. මෙරට දුම්රිය සේවාව අරඹා මේ වන විට වසර 160කට ආස­න්නය. ඒ කාලය තුළදී ඉන්දි­යා­වෙන් අපට කිසිදු දුම්රිය එන්ජි­මක් හෝ මැදි­රි­යක් නොමිලේ ලැබී නැත. මේ ඉති­හා­සයේ පළමු වතා­වට එලෙස දුම්රිය එන්ජින් ලැබුණු අව­ස්ථා­වය.

ඒ සඳහා පද­නම වැටුණේ ඉන්දීය දුම්රිය සේවාවේ ඉන්ධන භාවිත දුම්රිය එන්ජින් ඉවත කර ඒ වෙනු­වට සම්පූ­ර්ණ­යෙන්ම විදුලි දුම්රිය භාවි­ත­යට ගැනී­මට කට­යුතු යෙදී­මය.

එම නිසා මේ වන විට ධාව­නයේ ඇති ඉන්ධන භාවිත විදුලි දුම්රිය එන්ජින් භාවි­ත­යෙන් ඉවත් කිරී­මට ඉන්දීය දුම්රිය අමා­ත්‍යාං­ශය තීර­ණය කර ඇත්තේ ඉන්දීය රජයේ දැනුම් දීම මතය. ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවේ දුම්රිය ධාව­න­යට ලබා දෙන්නැයි වත්මන් ප්‍රවා­හන මහා මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන විසින් ඉන්දීය රජ­යෙන් ඉල්ලා සිටි­යේය.

ඒ 2023 වසරේ අගෝස්තු මස 22 දින ඉන්දීය මහ කොම­සා­රිස් ගෝපාල් බාග්ලේ වෙත යොමු කරන ලද ලිපි­යක් මඟිනි.

එම­ඟින් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කර ඇත්තේ ඉන්දි­යාව විසින් අපගේ දුම්රිය සේවාව වෙනු­වෙන් ලබා දී ඇති දාය­ක­ත්වය පිළි­බ­ඳව ප්‍රසා­දය පළ කරන බවත් 2011 වසරේ සිට මේ දක්වා සිදු කරන ලද දුම්රිය ව්‍යාපෘති අපට විශාල ශක්ති­යක් වූ බවයි. එහිදී ඇමැ­ති­ව­රයා විසින් පිළි­වෙ­ළින් දක්වා ඇත්තේ උතුරු දුම්රිය මාර්ගය පූර්ණ ලෙසින් යළි ස්ථාපිත කිරීම දුම්රිය මැදිරි හා එන්ජින් ලබා දීම ඇතුළු ඇම­රි­කන් ඩොලර් මිලි­යන 466.1ක ව්‍යාපෘති මෙරට දුම්රිය ධාව­නය ශක්ති­මත් කර­න්නට දාය­ක­ත්වය සැපයූ බවයි. එසේම එම් 11 වර්ගයේ දුම්රිය එන්ජින් ලබා දීම ගැන ද එහි සඳ­හන් කර ඇත. එම ලිපි­යෙන් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කර ඇත්තේ, පෙර සාකච්ඡා කළ පරිදි ඉන්දීය රජ­යෙන් නොමිලේ දුම්රිය එන්ජින් ලබා­දීම ගැන සලකා බලන ලෙසයි.

ප්‍රවාහන ඇමැතිවරයා විසින් හිටපු ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ වෙත යවන ලද ලිපිය

ප්‍රවාහන ඇමැතිවරයා විසින් හිටපු ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ වෙත යවන ලද ලිපිය

ඊට පිළි­තුරු ලෙස ඉන්දීය මහකොම­සා­රිස් කාර්යා­ලයේ පළමු ලේකම් ඉරිනා තාකූර් විසින් 2023 වසරේ නොවැ­ම්බර් 28 දිනැති ලිපි­යක් මඟින් දන්වා ඇත්තේ අදාළ දුම්රිය එන්ජින් සම්බ­න්ධව සොයා බැලීම සදහා 5 දෙන­කු­ගෙන් සම­න්විත කණ්ඩා­ය­මක් ඉන්දි­යාවේ තමි­ල්නා­ඩුහි තිරු­චි­රා­පල්ලි හි දක්ෂිණ දුම්රිය සේවා අංග­න­යට යොමු කර­න්නට ඉන්දීය රජය පහ­සු­කම් සප­යනු ලබන බවයි. අදාළ දුම්රිය එන්ජින් ලබා ගැනී­මට පෙර පූර්ව පරීක්ෂා කට­යුතු සම්බ­න්ධව සොයා බලා කට­යුතු කර­න්නට දුම්රිය ඉංජි­නේ­රු­වන් ඇතුළු දුම්රිය තාක්ෂණ නිල­ධා­රීන් 5 දෙන­කුට ඉන්දි­යා­වට යාමට හා ඒමට අවශ්‍ය ගුවන් ටිකට් පත් නවා­තැන් පහ­සු­කම් ඇතුළු ඉන්දි­යාවේ ගමන් පහ­සු­කම් සප­ය­න්නට ඉන්දීය රජය කට­යුතු කරන ද එම ලිපියේ දක්වා ඇත.

ඒ අනුව පසු­ගිය වසරේ දෙසැ­ම්බර් 18 වෙනිදා දුම්රිය අති­රේක සාමා­න්‍යා­ධි­කාරි (මෙහෙ­යුම්) වජිර පොල්ව­ත්තගේ දුම්රිය අති­රේක සාමා­න්‍යා­ධි­කාරි (තාක්ෂණ) – ප්‍රධාන දුම්රිය ඉංජි­නේරු කීර්ති හේවා­වි­තා­රණ ඇතුළු 5 දෙනෙක් ඉන්දි­යා­වට ගොස් මෙරට ධාව­න­යට සුදුසු දුම්රිය එන්ජින් 23ක් තෝරා ගෙන ඇත.

දුම්රිය අති­රේක සාමා­න්‍යා­ධි­කාරි (තාක්ෂණ) – ප්‍රධාන දුම්රිය ඉංජි­නේරු කීර්ති හේවා­වි­තා­රණ සිළු­මි­ණට පැව­සුවේ මේ වන විට මෙරට ධාව­නයේ යොදවා ඇති එම් 10 දුම්රිය එන්ජින් කාණ්ඩ­යේම දුම්රිය එන්ජින් තෝරා ගත් බවත් ඒවායේ විශේ­ෂ­ත්වය වන්නේ එම් 10 දුම්රිය එන්ජි­න්ව­ලට වඩා ඉහළ තාක්ෂ­ණ­යෙන් යුක්ත බව යැයි ද ඔහු කීවේය.

‘‘ඒ එක් එන්ජි­මක් ටොන් 118ක බර­කින් යුක්ත වෙනවා. නවී­නම තාක්ෂ­ණය භාවිත කර ඇති මේ දුම්රිය එන්ජින් වල අශ්ව­බල ධාරි­තාව 3300ක් වනවා. දැනට මෙරට මේ වන විට ධාව­නයේ ඇති දුම්රිය එන්ජින්හි උප­රිම අශ්ව­බල ධාරි­තාව 3000ක් පම­ණයි. ඒ නිසා මෙර­ටට ලැබෙන වැඩිම අශ්ව­බල ධාරි­තා­ව­කින් යුක්ත දුම්රිය එන්ජින් බවට මේ දුම්රිය එන්ජින් 23 පත් වෙනවා. එම දුම්රිය එන්ජින් අවු­රුදු 15ක් පමණ ඉන්දි­යාවේ භාවිත කළ දුම්රිය එන්ජින්. නිෂ්පා­ද­ක­යාගේ වර්ග කිරීම අනුව එම දුම්රිය එන්ජින් අවු­රුදු 40ක් ධාව­නයේ යෙද­විය හැකියි. ඒ අනුව අපට අවම වශ­යෙන් තවත් අවු­රුදු 25ක්වත් මෙරට ධාව­නයේ යොද­ව­න්නට පුළු­වන්.

එසේම මේ දුම්රිය එන්ජින් වායු තිරිං­ග­ව­ලින් පම­ණක් සම­න්විත නිසා ඒවා යෙද­විය හැක්කේ ඉන්දීය හා චීන දුම්රිය මැදිරි සඳහා පම­ණයි. ‘වැකුම්‘ තිරිංග භාවිත කෙරෙන රුමේ­නි­යන් මැදිරි වෙනු­වෙන් මේ දුම්රිය එන්ජින් භාවිත කරන්න බැහැ. ඒ වගේම අශ්ව­බල 3300ක ධාරි­තා­වෙන් යුක්ත නිසා මැදිරි 22ක් පහ­සු­වෙන් මේ එන්ජි­ම­කට ඇද­ගෙන යන්න පුළු­වන්. ඒත් ලංකාවේ දුම්රිය ස්ථාන­වල වේදිකා එත­රම් දිගින් යුක්ත නොවන නිසා එත­රම් මැදිරි යොද­වන්න බැරි වෙයි. කොහොම නමුත් කාර්ය­ක්ෂම දුම්රිය සේවා­වක් සප­යන්න මෙ එන්ජින් අපට විශාල රුකු­ලක් වේවි.‘‘

ඉන්දි­යානු මහ කොම­සා­රිස් කාර්යා­ල­යෙන් එවන ලද ලිපියේ ගුවන් ටික­ට්පත් ඇතුළු පහ­සු­කම් සප­යන බව දක්වා ඇති අයුරු.

ඉන්දි­යානු මහ කොම­සා­රිස් කාර්යා­ල­යෙන් එවන ලද ලිපියේ ගුවන් ටික­ට්පත් ඇතුළු පහ­සු­කම් සප­යන බව දක්වා ඇති අයුරු.

දුම්රිය සාමා­න්‍යා­ධි­කාරි එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර සිළු­මි­ණට පැව­සුවේ ඉන්දි­යා­වෙන් ලැබෙන දුම්රිය එන්ජින් 23න් 20ක් මඟී ප්‍රවා­හ­න­යට යොද­වන අතර ඉතිරි දුම්රිය එන්ජින් 3 අම­තර කොටස් වෙනු­වෙන් ‍ගෙන්වනු ලබන බවයි. එමෙන්ම මේ දුම්රිය එන්ජින් 23න් එන්ජින් 2ක් මේ මස අව­සන් සතියේ මෙර­ටට ලැබී­මට නිය­මිත බව ද එම එන්ජින් නිද­හස් සැම­රුමේ දුම්රිය ධාව­න­යට යොදවා ගන්නා බව ද ඔහු කීය.

එම දුම්රිය එන්ජින් ගැන සොයා බලා සුදුසු එන්ජින් ගෙන එන්නට ඉන්දි­යා­වට ගමන් කළේ දුම්රිය නිල­ධා­රීන් 5 දෙනෙක් පම­ණක් බවත් ඔහු වැඩි­දු­ර­ටත් පෙන්වා දුන්නේය.

‘‘ඇතැම් මාධ්‍ය­වල පළ වුණා දුම්රිය එන්ජින් 2ක් ගැන බලන්න 65 දෙනකු ගිය කතා­වක්. මේ දුම්රිය එන්ජින් බලන්න ගියේ ඉන්දීය රජ­යෙන් පහ­සු­කම් දෙන බව දන්වා තිබුණු පරිදි 5 දෙනකු පම­ණයි. ඔවුන් වෙනු­වෙන් සම්පූර්ණ විය­දම් දැරුවේ ඉන්දීය රජ­යෙන්. මීට අවු­රුදු දෙක­කට පමණ කලින් ඉන්දීය ණය ආධාර යටතේ ලබා­ගත් දුම්රිය මැදිරි 160 ව්‍යාපෘ­තියේ මෙරට දුම්රිය නිල­ධා­රීන් 65 දෙනකු පුහුණු කිරීම ද ඇතු­ළත් ව තිබුණා. ඒ වෙනු­වෙන් අපට ලබා දෙන ණය ආධා­ර­ව­ලින් ගෙවීම් කළ යුතුයි. එම මුදල් ගෙවා මේ වන විට අවු­රුදු 2ක් වෙනවා. ඒ නිල­ධා­රීන් 65 දෙනා ගැන තමයි ඔය පට­ලවා ගෙන තියෙන්නෙ. අවු­රුදු 2කට පස්සෙ තමයි ඒ අය පුහු­ණු­වට යන්නෙ.

දුම්රිය එන්ජි­මක්, දුම්රිය මැදි­රි­යක් ගෙනා­වට මදි ඒවා නිසි පරිදි නඩත්තු කළ යුතු­යි‍‍ ඒ වගේම තමයි මේ වන විට අපේ දුම්රිය මාර්ග­වල පැයට කිලෝ­මී­ටර් 100ක වේග­යෙන් දුම්රිය ධාව­නය වනවා. එම මාර්ග ද නිසි පරිදි නඩත්තු කළ යුතු වෙනවා. ඒ අනුව දුම්රිය මැදිරි සහ එන්ජි­න්වල තිරිංග පද්ධති, හයි­ඩ්‍රො­ලික් (ජල ද්‍රව) පද්ධති නිසි පරිදි නඩත්තු කිරීම ගැන නිසි පුහු­ණු­වක් තිබිය යුතු වෙනවා. ඒක අන්ත­ර්ජා­තික ක්‍රම­වේ­ද­යක්. ඒ නිසා තමයි අදාළ ව්‍යාපෘ­ති­ව­ලින්ම පුහු­ණුව පිණිස නිල­ධා­රීන් යොමු කිරීම කරන්නෙ. එය මේ අව­ස්ථාවේ පම­ණක් නෙමෙයි දුම්රිය ඉති­හා­සය පුරාම සිදු වූවක්. එසේ නොකර ආර­ක්ෂිත දුම්රිය ධාව­න­යක් සිදු කරන්න බැහැ. ‘‘

මේ සම්බ­න්ධ­යෙන් පසු­ගිය 14 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ප්‍රවා­හන, මහා­මාර්ග සහ ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන පැව­සුවේ ඉති­හා­සයේ පළමු වතා­වට රුපි­යල් කෝටි 1600ක් වටිනා දුම්රිය එන්ජින් 20ක් ඉන්දි­යා­වෙන් මෙර­ටට ත්‍යාග­යක් වශ­යෙන් ලැබී ඇති බවයි.

දුම්රිය එන්ජින් 20ක් ලබා ගැනීම සඳහා තමා ඉන්දි­යානු ආණ්ඩු­වෙන්, මෙරට සිටි ඉන්දි­යානු මහ කොම­සා­රි­ස්ව­ර­යා­ගෙන් ලිඛිත ඉල්ලී­මක් කළ බවද කී ඒ පිළි­බ­ඳව අව­ධා­නය යොමු කිරීම පිළි­බ­ඳව ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදිට සහ මෙරට හිටපු ඉන්දීය මහ කොම­සා­රි­ස්ව­ර­යාට ස්තුතිය පුද කරන බවද පැව­සීය. නොමිලේ දෙන දුම්රිය එන්ජින් දෙක බලන්න ලංකා­වෙන් 65ක් ඉන්දි­යා­වට ගිය බවට අසත්‍ය ප්‍රවෘ­ත්ති­යක් පළ වූ බවත් එන්ජින් 23ක් බල­න්නට ඉන්දි­යා­වට ගියේ පස්දෙ­නෙ­කු­ගෙන් යුත් කණ්ඩා­ය­මක් බවත් ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය. ඒ සඳහා සියලු විය­දම් දැරුවේ ඉන්දි­යානු ආණ්ඩුව බවද ඇමැ­ති­ව­රයාද මෙහිදී අව­ධා­ර­ණය කෙළේය. ඉන්දි­යානු දුම්රිය සේවය අපට වඩා තාක්ෂ­ණික අතින් දියු­ණුව ඇති නිසා ඉන්දීය දුම්රිය විදුලි දුම්රි­යට පරි­ව­ර්ත­නය වී ඇති නිස තමන් මෙරට ප්‍රවා­හන ඇමැ­ති­ව­රයා ලෙස ඉන්දි­යානු මහකොම­සා­රි­ස්ව­ර­යා­ගෙන්, ඉන්දි­යානු ආණ්ඩු­වෙන් භාවිත කළ දුම්රිය එන්ජින් ලබා දෙන ලෙස ලිඛි­තව ඉල්ලී­මක් කළ බවද පැව­සු­වේය.

අපට ඉන්දි­යා­වෙන් ලැබෙන මේ දුම්රිය එන්ජින් 20 ගැන විශේ­ෂ­යෙන්ම යමක් කිව යුතුය. ඒ බී.ඩී. රම්පාල විසින් 70 දශ­කයේ මෙර­ටට ගෙන්වන ලද හයි­ඩ්‍රො­ලික් දුම්රිය එන්ජින් ආන­ය­න­යෙන් පසුව දුම්රිය එන්ජින් 20ක් එක­වර මෙරට ගෙන එන්නේ පළමු වතා­ව­ටය. එයද අඩ සිය­ව­සක් තුළ මෙර­ටට එක­වර එන්ජින් 20ක් ගෙන්වන පළමු අව­ස්ථාව ලෙස ඉති­හා­ස­ගත වනු ඇත.

තාරක වික්‍ර­ම­සේ­කර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division