Home » මූල්‍ය විනය පව­ත්වා­ගෙන යාම එකම විස­ඳු­මයි

මූල්‍ය විනය පව­ත්වා­ගෙන යාම එකම විස­ඳු­මයි

by damith
January 20, 2024 12:40 am 0 comment

හා­චාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහ­නු­වර ධර්ම­රාජ විද්‍යා­ල­යෙන් පාසල් අධ්‍යා­ප­නය හැදෑ­රී­මෙන් පසුව සංඛ්‍යා­නය පිළි­බඳ ගෞරව උපා­ධි­යක් ද, ව්‍යාපාර සංඛ්‍යා­නය පිළි­බඳ පශ්චාත් උපාධි ඩිප්ලෝ­මා­වක් ද හැදැ­රු­වේය.

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යෙන් සාමා­ජීය විද්‍යා­පති උපා­ධි­යද කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ද, ටෝකි­යෝහි ප්‍රති­පත්ති අධ්‍ය­ය­නය පිළි­බඳ ජාතික උපාධි ආය­ත­න­යෙන් රාජ්‍ය ප්‍රති­පත්ති පිළි­බඳ ශාස්ත්‍ර­පති උපා­ධිය ද, ජපා­නයේ නගෝයා විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ආචාර්ය උපා­ධිය ද ලබා ගත්තේය දැනට ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කරයි.

ශ්‍රී ලංකාවේ මෑත­කා­ලී­නව ඇති වූ ආර්ථික අර්බු­ද­යත් සමඟ එම ආර්බු­ද­යට අදාළ රාජ්‍ය මූල්‍ය ප්‍රවා­හ­යට සැල­කිය යුතු පීඩ­න­යක් ඇති කරන ලදී. අය වැය හිඟය මූල්‍ය­යනය කිරීම සඳහා අපට විදෙස් ණය ලබා ගත නොහැකි වාතා­ව­ර­ණ­යක් තුළ බහු පාර්ශ්වීය ආය­ත­න­වල සහය ලබා ගැනීම ද අසීරු විය. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ සහය ලබා ගැනී­මට තීර­ණය කළේ විධි­මත් ක්‍රියා­ව­ලිය ප්‍රති­ඵ­ල­යක් ලෙසයි.

සමස්ත ජන­තා­වගේ යම් අව­ශ්‍ය­තා­වක් ඉටු කිරීම සහ සැපි­රීම සඳහා ඉදි­රි­යට පැමිණි බල­පෑම හමුවේ රජ­ය­ටත් ශ්‍රී ලංකා මහ බැංකු­ව­ටත්, මුදල් අමා­ත්‍යාං­ශ­ය­ටත් මේ තීර­ණය ගැනී­මට සිදු විය. අපි IMF සමඟ එකඟ වූ වැඩ­ස­ට­හ­නක් සඳහා එහි කාර්ය සාධ­නය අග­ය­මින් ඉදි­රි­යට යන රටක් බවට පත් වී තිබේ. මෙහිදී වැද­ගත් වන්නේ IMF වැඩ­ස­ට­හ­නට පම­ණක් සීමා නොවී අනා­ග­ත­යේදී ශ්‍රී ලංකා ජාතිය ඔසවා තැබීම සහ ශ්‍රී ලාංකීය සංව­ර්ධ­නය සඳහා කළ යුතු විශාල පරි­ව­ර්තන, ප්‍රති­සං­ස්ක­රණ සහ නව ආය­ත­නික ව්‍යුහ සකස් කිරී­මයි. රාජ්‍ය ගිණුම් කළ­ම­නා­ක­ර­ණය මෙන්ම පිරි­වැය අවම වන වැඩ­ස­ට­හන් ද, එම පිරි­වැය ලාභය කාර්ය­ක්ෂම ලෙස ආයෝ­ජ­නය කිරීමේ දැවැන්ත වැඩ­පි­ළි­වෙ­ළක් ද සමඟ අපට ඉදි­රි­යට යාමට සිදු වෙයි.

මේ ආර්ථික අර්බු­දය සහ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලිය පිළි­බ­ඳව වර්ත­මා­නයේ සාක­ච්ඡා­වක් තිබේ. මේ පිළි­බ­ඳව පැහැ­දිලි කළ හැකියි. 2022 දෙසැ­ම්බර් මස 31 වන විට අ‍ෙම­රි­කානු ඩොලර් බිලි­යන 36ක මුද­ලක් අපිට ගෙවී­මට තිබිණි. එයින් 37% ප්‍රමා­ණ­යක් වසර 4-5ක් පමණ කාල­යක් ඇතු­ළත එනම් 2023 සිට 2027 දක්වා කාල­යේදී 37%ක් ගෙවා අව­සන් කිරී­මට නිය­මි­තව තිබුණි.

ඉනි­ක්බි­තිව එළැ­ඹෙන 2027 සිට 2047 දක්වා වන වසර 20ක කාලය තුළ බිලි­යන 36ක් ගෙවා අව­සන් කිරී­මට සිදු­වෙයි. 51% කාල­යක් මේ මුද­ලින් ඉතිරි කොටස ගෙවා අව­සන් කළ යුතුයි. ඉන් අන­තු­රුව ඉතිරි 12% ගෙවීම සිදු කළ යුත්තේ 2048 පසු­වයි. මේ ණය ගෙවා අව­සන් කිරී­මට මූලික සැල­සු­මක් ලෙස අප එක­ඟ­තා­ව­කට පැමිණ ඇත. කුමන රජ­යක් බල­යට පත් වූවත් ඇති වූ එක­ඟ­තාව මත මේ ණය මුදල ගෙවා අව­සන් කළ යුතු­මයි. මේ අත­ර­තු­රේදී 2027 පසුව යම් කිසි සෛව­රීත්ව බැඳු­ම්කර වැනි ණය මුද­ලක් නැවත ගැනී­මට සිතී­මට හැකිය. ඒ අව­ස්ථාව වන­විට මේ ණය­ව­ලට තවත් ණය එකතු වුව­හොත් මේ අර්බු­දයේ තීව්‍ර­භා­වය පැහැ­දිලි වනු ඇත. 2048 වර්ෂය දක්වා වුව ද ගෙවා අව­සන් කර ඇත්තේ 88%ක ණය ප්‍රමා­ණ­යක් පම­ණකි. 2048 පෙර ගන්නා සිය­ලුම ණය මෙයට එකතු වෙයි; ඒවා සමු­ච්චිත ණයක් වෙයි; එනම් ණය මත ණය ගොඩ ගැසී­මක් වෙයි. ඒ නිසා අපි ප්‍රවේ­ශ­මෙන් නැවත ණය නොගැ­නී­මට වග බලා­ගත යුතුයි. එසේම දැනට ඇති මේ තත්ත්වය 2027 වර්ෂ­යේදී යම්කිසි විදි­හ­කින් සහ­න­යක් ලැබෙයි. විශේ­ෂ­යෙන් විදේ­ශීය බාහිර මූල්‍ය පර­ත­රය අමෙ­රි­කානු ඩොලර් මිලියන-3911ක මේ පර­ත­ර­යක් පිය­වන්න මේ IMF නැවත අපිට මේ ලබා­දෙන ණය ප්‍රමා­ණ­යෙන් යම් කිසි ණය ප්‍රමා­ණ­යක් ලබා දෙයි. අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3න් මේ සඳහා යම් කිසි ප්‍රමා­ණ­යක් ලබා ගැනී­මට හැකියි. 2027දී පසුව විස්තී­රණ ණය පහ­සු­කම යටතේ මේ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 329 මේ අර්බු­දය විස­ඳී­මට ලබා­දෙයි. IMF එක අය වැයට සහය ලෙස අ‍ෙම­රි­කානු ඩොලර් මිලියන 600ක් ලබාදීම­ටත් ලෝක බැංකුව අ‍ෙම­රි­කානු ඩොලර් මිලියන 300ක් ලබාදීම­ටත්, ආසි­යානු සංව­ර්ධන බැංකුව අ‍ෙම­රි­කානු මිලියන 300ක් ලබා­දී­ම­ටත් එකඟ වී තිබේ.

අපිට මේ වන විට නොපි­යවූ ණය ප්‍රමා­ණ­යක් වෙයි. විශේ­ෂ­යෙන්ම එය අ‍ෙම­රි­කානු ඩොලර් මිලි­යන 1482 සෛව­රීත්ව බැදු­ම්කර නිකුත් කිරී­මට වෙළෙ­ඳ­පො­ළට යෑමට 2027 ඉන් අන­තු­රුව ඉන් පසුව අ‍ෙමරි­කානු ඩොලර් මිලි­යන 1500ක් ලබා ගැනීමේ හැකි­යාව අපට ඇත. එහිදි අ‍ෙම­රි­කානු ඩොලර් මිලියන -3911යි. මේ සංඛ්‍යා දෙක එකතු කළ පසු මේ දෙක අපට මූල්‍ය­ය­නය කළ හැකියි. 2027දි කුමන ආණ්ඩු­වක් බල­යට පත්වු­වත් අ‍ෙම­රි­කානු ඩොලර් මිලියන -3911ක මේ හිඟය පිය­විය යුතු වෙයි.

විස්තී­රණ ණය පහ­සු­කම් යටතේ IMF එක අපිට දීමට පොරොන්දු වී ඇත්තේ අ‍ෙම­රි­කානු ඩොලර් මිලි­යන 329කි. IMF අය වැය සහ­යට දීමට පොරොන්දු වී ඇත්තේ ද එවැ­නිම මුද­ලකි. අ‍ෙම­රි­කානු ඩොලර් මිලි­යන 600ක් ලෝක බැංකුව ලබා දීමට පොරොන්දු වී ඇත. එසේම ආසි­යානු සංව­ර්ධන බැංකුව අ‍ෙම­රි­කානු ඩොලර් මිලියන 300ක් ලබා දීමට එකඟ වී ඇත. එසේම නොපි­යවු ණය ගෙවීමේ සහ­න­යක් අපිට ලැබේ. එහි එක­තුව අ‍ෙම­රි­කානු ඩොලර් මිලියන 1482ක් ස්වෛරීත්ව බැදු­ම්කර නිකුත් අපට හැකි­යාව ලැබෙන්නේ 2027 වර්ෂ­යේ­දීය. ඉන් පසුව අ‍ෙම­රි­කානු ඩොලර් මිලියන 1500ක් ලබා ගැනීමේ හැකි­යාව අපට ඇත. එහිදී පව­තින අභි­යෝ­ගය ඔබට පැහැ­දි­ලියි. කුමන රජ­යක් බල­යට පත් වුවත් මේ කර්කෂ තිත්ත ඇත්ත යටතේ මේ ණය ගෙවීමේ ක්‍රියා­ව­ලිය සාර්ථ­කව ඉටු නොකර සිටි­ය­හොත් අපි බංකො­ළොත් ජාති­යක් බවට නිසැ­ක­යෙන්ම පත්වෙයි.

ඒ අනුව 2027 වර්ෂය දක්වා කවු­රුත් මේ සඳහා කල්ප­නා­කා­රීව නැවත අපට සෛරීත්ව බැඳු­ම්කර නිකුත් කරන්න පුළු­ව­න්කම ලැබෙන කල් අපි ඉතා­මත්ම සංය­ම­ය­කින් කට­යුතු කළ යුතුයි. රටක් ලෙස මූල්‍ය විනය සම්බ­න්ධ­යෙන් මනා සැලැ­ස්මක් සකස් කර­ ගැ­නී­මට යුහු­සු­ළුව ක්‍රියා කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තිර­සර මට්ට­මට පත්වීම සහ­තික වීම සඳහා මෙරට අනා­ගත ණය ගැනීම සම්බ­න්ධ­යෙන් විශේෂ අව­ධා­ර­ණ­යන් කිහි­ප­යක් IMF අප වෙත දැනුම් දී තිබේ. විශේ­ෂ­යෙන්ම IMF විසින් ණය තිර­ස­ර­භා­වය සම්බ­න්ධ­යෙන් කරනු ලබන විශ්ලේ­ෂ­ණ­වල ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලිය සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාව විසින් සාක්ෂාත් කර­ගත යුතු තිර­සාර ණය ඉලක්ක කිහි­ප­යක් අව­ධා­ර­ණය කර ඇත. එහි පළමු වැන්න නම් ණය ප්‍රමා­ණය 2032 වසර වන­විට රාජ්‍ය ණය ප්‍රමා­ණ­යෙන් දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 95% වඩා අඩුව පවත්වාගෙන යන ලෙස උප­දෙස් දී ඇති බව එම ඒවායේ නිර්ණා­යකවල සඳ­හන් වෙයි. විස්තී­රණ ණය පහ­සු­කම් අව­ධිය තුළ දළ මූල්‍ය­මය අව­ශ්‍යතා 2027 සිට 2032 දක්වා කාල පරි­ච්ඡේද තුළ මධ්‍යම රජයේ දළ මුල්‍ය­මය අව­ශ්‍ය­තාව සාමාන්‍ය දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 13% වඩා පහත මට්ට­මක පවත්වාගෙන යායු­තුයි. ණය සහ ණය වාරික ගෙවී­මෙදී දළ දේශිය නිෂ්පා­දි­ත­යෙන් 13%ක වඩා පහළ මට්ට­මක පවත්වා ගෙන යාමයි. ඊට වඩා නොගෙ­වන ලෙස ඔවුන් උප­දෙස් දී තිබුණි. ඊට අම­ත­රව විස්තී­රණ ණය පහ­සු­කම් වැඩ­ස­ට­හ­නින් පසු අව­දිය තුළ විදේ­ශීය මුද­ලින් ණය මධ්‍යම රජයේ ණය සේවා කර­ණය 2027 සහ 2032 වසර දක්වා සෑම වස­ර­කම දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 4.5%කට වඩා අඩු පවත්වා ගෙන යන ලෙසයි. වාරික ගෙවන්නේ නම් නම් පොළී ගෙවන්නේ නම් දළ නිෂ්පා­දි­ත­යෙන් 4.5%කට වඩා පහළ මට්ට­ම­කට පවත්වා ගෙන යාම යෝග්‍ය බව ඔවුන්ගේ උප­දෙස් වන නිර්ණා­යකවල සඳ­හන් වෙයි.

ඒ විස්තී­රණ ණය පහ­සු­කම් වැඩ­ස­ට­හනේ මූල්‍ය­මය පර­ත­ර­යක් පිළි­බ­ඳව ඔවුන් අව­ධා­න­යක් යොමු කරයි. විදේ­ශීය මූල්‍ය­මය පර­ත­ර­යන් ප්‍රමා­ණ­වත් පරිදි 2023 සහා 2027 ණය සේවා කර­ණය අඩු කිරී­මට උප­දෙස් ලබාදී ඇත. එනම් ණය ගෙවීම් අඩු­කර ණය හිමි­යන් සමඟ අපි සාකච්ජා කර ගෙවී­මට හැකි­යාව ඇත්තේ මෙප­මණ බව සඳ­හන් කර­මින් ඔවුන් සමඟ එක­ඟ­තා­වක් ඇති කර ගනි­මින් ඉතා­මත් සීරු මාරුවේ මේ ණය ගෙවීම් ක්‍රියා­ව­ලිය සිදු­ක­රන ලෙස ඒ සඳහා මැදි­හත් වන ලෙස දැඩි සේ අව­ධා­ර­ණ­යක් කර ඇත. රාජ්‍ය මූල්‍ය පිළි­බඳ විස්තී­රණ ණය පහ­සු­කම යටතේ කර ඇති අව­ධා­ර­ණ­යක් ආදා­යම් වර්ධ­නය කර ඇති ක්‍රියා­මාර්ග සහ විය­දම් තව­දු­ර­ටත් තාර්කි­ක­ර­ණය කිරීම මඟින් රාජ්‍ය මූල්‍ය­මය ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකා­ග්‍ර­ක­ර­ණය ක්‍රියා­මාර්ග අඛ­ණ්ඩව කරනු ඇතැයි ඔවුන් විශේ­ෂ­යෙන්ම අපේක්ෂා කරයි. එහිදි තද­බල ලෙස උප­දෙස් ලබා දෙයි. ඉදිරි කාල­යේදි රාජ්‍ය අය­වැය හිඟය මහ බැංකුව හරහා මූල්‍යය­නය කිරිමේ හැකි­යාව අවම වෙයි.

මුදල් අච්චු ගැසීම සම්බ­න්ධ­යෙන් නව මහ බැංකු පනත මඟින් මුදල් අච්චු ගැසී­මට ඇති හැකි­යාව අවම කර ඇති ඉදි­රි­යේදි එම මුදල් අච්චු ගැසී­මත් අපේ අය වැය හිඟය මූල්‍ය­ය­නය කිරීමේ හැකි­යාව නැති නිසා මේ සංක්‍රාන්ති කාලය තුළ දි මුල්‍ය­ස්ථා­ව­රත් හොඳ මට්ට­ම­කට පව­ත්වා­ගෙන යාමට යන කාලය තුළදි එම සංක්‍රාන්ති කාලය තුළදී එවැනි අව­ශ්‍යතා මතු නොවීම සඳහා අවශ්‍ය ගැළ­පීම් සිදු­කි­රී­මට රාජ්‍ය­යෙන් අපේක්ෂා කරයි. එනම් ශ්‍රී ලංකා මහ බැංකු­වෙන් මුදල් අච්චු ගසා රාජ්‍ය මූල්‍ය පියවා නොගෙන වෙනත් මාර්ග මොන­වාද යන්න මෙවැනි ක්‍රියා­මාර්ග මොන­වාද යන්න විශේෂ අව­ධා­නය යොමු කරනු ලබයි. රජ­යට විශේෂ උප­දෙස් ලබා­දෙයි. ඒ අත­ර­තුර කාලය රජය සතු ව්‍යවා­සාය සම්බ­න්ධ­යෙන් අපේ­ක්ෂිත පුළුල් වැඩ­ස­ට­හන් හරහා රාජ්‍ය මූල්‍ය ආදා­ය­මෙන් අන­වශ්‍ය ලෙස ආදා­යම් අහිමි වී යාම විසඳා ගැනී­මට ඇති හැකි­යාව රාජ්‍ය ව්‍යව­සා­යන් ගණ­නා­වක් වෙයි. ඒවා නැව­තත් රාජ්‍ය මූල්‍ය තුළින් මූල්‍ය­ය­නය කර ඒවා නඩත්තු කර ගැනී­මට නොයා ආදා­ය­මක් ලබන ව්‍යාව­සා­යන් බවට පත් කර ගැනී­මට දැඩි අව­ධා­න­යක් යොමු කර තිබේ. ඊට අම­ත­රව යෝජිත ශ්‍රි ලංකා මහ බැංකු පනත පව­තින නව නීති රීති බැංකු අණ­ප­නත් පව­තින නීති සංශෝ­ධන ආදිය රටේ ආර්ථික කළ­ම­නා­ක­ර­ණ­යට අදාළ ආය­ත­නික හා නියා­මන ශක්ති­මත් කිරීම කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතු යැයි සඳ­හන් වෙයි.

ඔබ කවු­රුත් දන්න කාර­ණා­වක් නම් පසු­ගිය කාලයේ දුෂණ විරෝධි රාමුව විනි­ශ්චය කිරිම සදහා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ප්‍රමුඛ විශේ­ෂ­යෙන්ම දුෂණ විරෝධී පනත් වැනි මුල්‍ය සන්ද­ර්භය ඉතා කාර්ය­ක්ෂ­මව පව­ත්වා­ගෙන යාමට අවශ්‍ය පනත් මූල්‍ය විනය පවත්වා ගෙන යාම­ටත් නීති රාමු පවත්වා ගෙන යාම­ටත් ඔවුන් උප­දෙස් දී ඇත. එහි සම­හර කොටස් කෙරී­ගෙන යයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදි­රි­පත් කරන ලද පන­තත් එවැනි ශක්ති­මත් පන­තක් ලෙස ආර්ථික විද්‍යා­ඥ­යන් විශ්ලේ­ෂ­ණය කරයි. එය රටේ මූල්‍ය සෞඛ්‍ය­යට ඉතා­මත් වැද­ගත් වෙයි. මේ ප්‍රති­සං­ස්ක­රණ සහ නව ආය­ත­නික ව්‍යුහ­යන් ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාව සංව­ර්ධිත රටක් ලෙසට ගෙන යන මාර්ග­යට මුල්‍ය විනය පව­ත්වා­ගෙන යාම සහ මුල්‍ය විනය සහ කාර්ය­ක්ෂ­ම­තාව සහ මූල්‍ය පරි­හ­ර­ණය කිරීම සම්බ­න්ධ­යෙන් ඔවුන් ඉදි­රි­පත් කර ඇති නිර්ණා­යක සහ උප­ක්‍රම සමඟ අපට එකට ගැසී ඉදි­රි­යට යාම සිදු වෙයි.

එමෙන්ම, මෙම ක්‍රියා­මාර්ග ක්‍රියා­ත්මක කිරීම සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ වැඩ­ස­ට­හනේ සහය හේතු­වෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝ­ජක විශ්වා­සය නැවත ඇති කරනු ඇති අතර, ස්වෛරී ණය ශ්‍රේණි­ගත කිරීම් ඉහළ නැංවී­මට හා නැවත වෙළෙඳපොළ ප්‍රවේ­ශය ලබා ගැනී­මට ද හේතු විය හැකිය. 2023 වසරේ දී අ‍ෙම­රි­කානු ඩොලර් මිලියන 900 ක අපේ­ක්ෂිත ප්‍රති­ලබ්ධි ඇතු­ළුව ලෝක බැංකු­වෙන් හා ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් අ‍ෙමරි­කානු ඩොලර් බිලි­යන 3.75 ක පමණ අය­වැය සහ­යක් ලබා ගැනී­මට ද මෙම වැඩ­ස­ට­හන පහ­සු­කම් සල­සනු ඇත. මේ වැඩ­ස­ට­හන යටතේ ගනු ලබන ප්‍රති­සං­ස්ක­රණ පිය­වර තුළින් ප්‍රමා­ණ­වත් විදේශ අංශයේ අව­රෝ­ධක ගොඩ­නැ­ඟිම තුළින්, ගෝලීය වෙළෙ­ඳ­පොළ වෙත ක්‍රමා­නු­කූ­ලව පිවි­සී­මට ද, 2027 වසරේ දී ස්වෛරීත්ව බැඳු­ම්කර නිකුත් කිරීම් මඟින් අර­මු­දල් රැස් කිරී­මට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. විදේශ මූල්‍ය­ය­නය ලබා ගැනීමේ මෙම ක්‍රම­වේ­ද­යන් හා ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම, විදේශ මූල්‍ය­නය පර­ත­රය පිය­වීම සඳහා දායක වනු ඇත. තවද, විදේශ සංචිත ගොඩ­නැං­වී­මට ද බාහිර හා අභ්‍ය­න්තර කම්ප­න­ව­ලට එරෙ­හිව ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට ද මෙම ප්‍රවේ­ශය ඉතා වැද­ගත් වේ.

සුභද්‍රා දේශ­ප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division