Home » සීසන් ටිකට් සහනාධාරයෙන් සිසු පරපුරට දෙන අතහිත

සීසන් ටිකට් සහනාධාරයෙන් සිසු පරපුරට දෙන අතහිත

by damith
January 20, 2024 12:37 am 0 comment

පාසල් සිසුන්ගේ පම­ණක් නොව දැයේ දරු­වන්ගේ අධ්‍යා­ප­නය හා සුබ සාධ­නය වෙනු­වෙන් රජයේ කැප­වීම සුළු පටු නොව­න්නකි. වාර්ෂි­කව අය ­වැය හරහා අධ්‍යා­ප­න­යට වෙන් කරන මුදල අනි­කුත් ප්‍රති­පා­ද­න­යන්ට දෙවැනි නොවේ. එය දෙවැනි වන්නේ නම් සෞඛ්‍ය­යට පමණි. මේ බොහෝ දෙනෙක් තව­මත් නොදන්නා කතා­වකි. දැයේ අධ්‍යා­ප­නය නැංවීම සඳහා රජයේ දාය­ක­ත්වය ලබා­දෙන තවත් සුවි­ශාල සේව­ය­න්ගෙන් එකක් වන්නේ පාසල් සිසුන් වෙනු­වෙන් ලබා දෙන සීසන් ටිකට් පත හා සිසු සැරිය බස් රථ සේවා­වය.

පාසල් සිසුන්, විශ්ව­වි­ද්‍යාල හා කාර්මික විද්‍යාල සිසුන්ට රජය මඟින් ලබා­දෙන තවත් විශා­ල­තම සහ­නා­ධා­රය ලෙස 2023 වස­රේදී රජය විශාල වැය බරක් දර­මින් අති­ශය සහ­න­දායී පද­න­මක් යටතේ රුපි­යල් මිලි­යන 21,775ක මුද­ලක වටි­නා­ක­ම­කින් යුත් සීසන් ටිකට් පත් නිකුත් කළේ කිසිදු ලාභ අපේ­ක්ෂා­ව­කින් තොර­වය. මේ සඳහා සිසුන්ට හා මවු­පි­යන්ට කිසිදු බරක් නොප­ට­ව­මින් දරු­ව­න්ගෙන් සීසන් ටික­ට්පත් සඳහා අය කර­ගෙන ඇති මුළු වටි­නා­කම රුපි­යල් මිලි­යන 1,638කි. එනම් සීසන් ටිකට් පතක් සඳහා එහි විය­ද­මින් එක් සිසු­වෙ­කු­ගෙන් අය­කර ගෙන ඇත්තේ 7%ක් වැනි ඉතා සුළු මුද­ලකි. ඉතිරි බර­පැන එනම් 93% ක් රජයේ විය­දම්ය. විශ්ව­වි­ද්‍යාල හා කාර්මික විද්‍යාල සිසු­න්ටද ඒ හා සමාන සේවා­වක් ලබා දීමට රජය පිය­වර ගෙන ඇත්තේය. ඔවු­න්ගෙන් සීසන් පතක් වෙනු­වෙන් 21%ක් අය­ක­ර­ගෙන ඇති අතර ඉතිරි 79% ලබා දී ඇත්තේ රජය විසිනි.

ලංගම සභාපති ලලින් ද අල්විස්

ලංගම සභාපති
ලලින් ද අල්විස්

රජයේ මෙම වැඩ පිළි­වෙළ යටතේ 2022 වස­රට සාපේ­ක්ෂව 2023 වස­රේදී පාසල් සිසුන් මෙන්ම විශ්ව­වි­ද්‍යාල හා කාර්මික විද්‍යාල සිසුන් වෙනු­වෙන් නිකුත් කර­න්නට සිදුව ඇති වාර ප්‍රවේශ පත්‍ර හෙවත් සීසන් ටිකට් පත් ප්‍රමා­ණය වැඩි වී ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩ­ලය පව­සයි.

ඊට උදා­හ­රණ දක්ව­මින් 2022 වස­රේදි පාසල් සිසුන් වෙනු­වෙන් 285,000 ක මාසි­කව වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කර තිබුණ ද, 2023 එම මාසික සාමාන්‍ය අගය වී ඇත්තේ 440,000 ක ප්‍රමා­ණ­යකි. එය සුවි­ශාල වැඩි­වී­මකි. එසේම කාර්මික විද්‍යාල සිසුන් වෙනු­වෙන් 2022 මාසි­කව සීසන් හෙවත් වාර ප්‍රවේශ පත්‍ර 6,690ක් නිකුත් කළ ද 2023 වස­රේදි එම ප්‍රමා­ණය 15,260 දක්වා දෙගු­ණ­ය­ක­ටත් වඩා වැඩි වී ඇත. එසේම විශ්ව­වි­ද්‍යාල සිසුන් වෙනු­වෙන් 2022 වස­රේදි මාසි­කව සීසන් ටිකට් පත් 6,052ක් නිකුත් කර තිබුණ ද 2023 වස­රේදි එම අගය මාසි­කව 8,190ක් වී ඇත.

රජය පව­සන්නේ 2022 වර්ෂ­යට සාපේ­ක්ෂව 2023 වර්ෂයේ දී වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ප්‍රති­ශ­තය 46 % එනම් අඩ­ක­ටත් ආසන්න ප්‍රමා­ණ­යක් ඉක්මවා වැඩි වී ඇති බවයි. ඊට හේතුව දක්ව­මින් ඔවුන් පව­සන්නේ පසු­ගිය කාලයේ පැවැති ආර්ථික අර්බු­දය, පෞද්ග­ලික ප්‍රවා­හන ගාස්තු අති­ශ­යින් ඉහළ යාම තුළ බොහෝ දෙමා­පි­යන් ගාස්තු ගෙවා ගැනීමේ අර්බු­ද­ය­කට මුහුණ දුන් අතර එයට පිළි­යම් වශ­යෙන් තම දරු­වන් ශ්‍රී ලංගම බස් රථ­ව­ලට යොමු කළ බව යි. මෙහිදි සීසන් පත සිසුන් අතට පත් කිරීම මවු­පි­යන්ට විශාල සහ­න­යක් ගෙන දී ඇත. වාර ප්‍රවේශ පත්‍ර ලබා දීමේ පිළි­වෙත අනුව සෑම මාසි­ක­වම හෝ මස­ක­ටත් අඩු කාල­යක් තුළ හා පාසල් පව­ත්වන අඩු දින ඇතු­ළත් මාස­වල ද වාර ප්‍රවේශ පත්‍ර ලබා­දීම සිදු කරන්නේ සිසු සහ­න­යක් වශ­යෙනි. වාර ප්‍රවේශ පත්‍ර ලබා දීමේ දී සති අන්ත හා රජයේ නිවාඩු දින­යන් අව­ලංගු කර වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කළ යුතු වුවත්, වර්ත­මාන අධ්‍යා­පන රටාව පිළි­බඳ තත්ත්වය සැල­කි­ල්ලට ගෙන මාසයේ සෑම දිනක්ම ගමන් කළ හැකි පරිදි වාර ප්‍රවේශ පත්‍රය නිකුත් කරනු ලැබේ.

නමුත් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය විසින් ලබා දෙන නිවාඩු මාස­ය­න්හිදි වාර ප්‍රවේශ පත්‍ර නිකුත් නොක­රන්නේ මහ භාණ්ඩා­ගා­ර­යෙන් ඊට නෛතික ප්‍රති­පා­දන නොමැති නිසාය. පාසල් නිවාඩු කාලය තුළ සිසු සැරිය සේවාව ක්‍රියා­ත්මක නොවුණ ද විභාග කාල වක­වා­නු­වල සිසු සැරිය බස් රථ සේවයේ යොද­වන්නේ සිසුන්ට ලබා දෙන සහ­න­යක් වශ­යෙනි.

“පාසල් සිසුන් වෙනු­වෙන් වාර ප්‍රවේශ පත්‍ර ලබා­දීම ආරම්භ වුණේ 1970 දශ­කයේ මුල් කාලයේ. ආර­ම්භක අව­ධි­යේදි මේ සඳහා සිසු­න්ගෙන් අය කළේ ප්‍රවේශ පත්‍ර­යෙන් 15%ක ගාස්තු­වක්. 85%ක් රජය ඒ වෙනු­වෙන් මුදල් දැම්මා. පසුව එම ගාස්තුව 10%ක් දක්වා අඩු වී ගොස් මේ වන විට පාසල් සිසු­න්ගෙන් අය කරන්නේ එයින් 7%ක ගාස්තු­වක් පම­ණයි. ඉතිරි 93% රජයේ ප්‍රති­පා­ද­යක් ලෙස ලබා දෙන අතර ඒ මුදල වාර්ෂික අය­වැය හරහා ප්‍රති­පා­දන ලෙස වෙන් කිරී­මක් සිදු කෙරෙ­නවා. කාර්මික හා විශ්ව­වි­ද්‍යාල සිසුන් වෙනු­වෙන් ප්‍රවේශ පත්‍ර­යෙන් අය කරන්නේ 21% යි. එයින් 79%ක් ලබා දෙන්නේ රජ­යෙන්. ආර­ම්භක අව­ධියේ භාණ්ඩා­ගා­ර­යෙන් අපට අහිමි වන මේ මුදල නිසි­යා­කා­ර­යෙන් ලබා දුන්නා. නමුත් සම­හර කාල­වල මේ මුදල නිසි ලෙස ලැබුණේ නැහැ. මේ නිසා සේවක වැටුප් අති­කාල දීමනා ආදිය ගෙවීමේ ගැටලු ඇති වුණා. 2022 වසරේ මණ්ඩ­ල­යට රුපි­යල් මිලි­යන 7,688ක් අහිමි වුණා. 2023 රුපි­යල් මිලි­යන 12,136ක් අහිමි වුණා. අපේ සේව­යට සරි­ලන මුදල් භාණ්ඩා­ගා­ර­යෙන් ලැබුණේ නැහැ. ඒ වගේම පසු­ගිය වසරේ පැවැති ආර්ථික අර්බු­දය හේතු­වෙන් සීසන් ටිකට් පත් අලෙ­විය 46% කින් ඉහළ ගියා. අපිට අහිමි වන ආදා­ය­මෙන් භාග­යක් හෝ මහ භාණ්ඩා­ගා­ර­යෙන් ලැබෙ­න­වා­නම් ලොකු සහ­න­යක්. එහෙම නැති­නම් සීසන් ටිකට් පත් මිල ඉහළ දැමී­මට කට­යුතු කළ යුතුයි. “ ඒ ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ සභා­පති ලලිත් ද අල්විස්ය.

පාසල් සිසුන් වෙනු­වෙන් මේ වන විට සාර්ථ­කව ක්‍රියා­ත්මක වන සිසු සැරිය වැඩ­ස­ට­හන සිසුන් වෙනු­වෙන් ක්‍රියා­ත්මක වන තවත් වැඩ­ස­ට­හ­නකි. 2005 වසරේ දී ආරම්භ කරන ලද සිසු සැරිය ව්‍යාපෘ­තිය ශ්‍රී ලංගම ඩිපෝ සහ ලියා­ප­දිංචි කළ පෞද්ග­ලික බස් රථ සේවා සප­ය­න්නන්ගේ සුසං­යෝ­ග­යෙන් නිර්මිත මධ්‍ය­ගත, විශ්වා­ස­දායී සහ සහ­න­දායී බස් සේවා­වකි. වර්ත­මා­නයේ දී මේ යටතේ ලංගම බස් රථ 790ක් සේව­යට යොදා ඇත. අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය, ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය, ශ්‍රී ලංකා පොලි­සිය, ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය සහ ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාවේ ඒකා­බද්ධ ප්‍රය­ත්න­යක් ලෙස ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘ­තියේ අර­මුණ වන්නේ විශේ­ෂ­යෙන්ම නිල ඇඳු­මින් සැර­සුණු පාසල් සිසුන් සහ ගුරු­ව­රු­න්හට ආර­ක්ෂි­තව, සහ­න­දායී ලෙස මෙන්ම කායික හා මාන­සික හිරි­හැ­ර­ය­කට භාජ­නය නොවී පාසල වෙත සහ පාසලේ සිට නිවෙස වෙත ගමන් කළ හැකි විශේෂ බස් සේවා­වක් සැප­යී­මයි.

ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභා­වට ප්‍රති­පා­දන අනුව ක්‍රියා­ත්මක වන මෙම වැඩ­ස­ට­හන යටතේ 2023 ආව­ර­ණය වී ඇති පාසල් සංඛ්‍යාව 5,331ක් පම­ණක් වන අතර, සිසු සැරියේ දෛනි­කව ගමන් ගන්නා ළමුන් සංඛ්‍යාව 115,500 කි. පසු­ගිය වසරේ සිසු සැරිය ව්‍යාපෘ­තිය සඳහා රජය වෙන් කළ මුදල රුපි­යල් මිලි­යන 166කි.

මේ වෙනු­වෙන් රජය ලංගම බස්රථ 790ක් ද, පෞද්ග­ලික බස්රථ 710ක් ද යොදවා ඇත. ඒ වෙනු­වෙන් ලංගම බස්රථ සඳහා රුපි­යල් මිලි­යන 428 ක් ද, පෞද්ග­ලික බස්රථ සඳහා රුපි­යල් මිලි­යන 766.4ක් ද රජය විසින් ගෙවා ඇත්තේ සිසුන්ගේ සුව පහ­සුව සඳ­හාය.

පාසල් ආර­ම්භ­යට පෙර සිසුන් නිය­මිත වේලා­ව­ලට පාසල් සඳහා ප්‍රවා­හ­නය සිදු කර­න්නට මෙන්ම පාසල් අව­සා­න­යෙන් පසු නිය­මිත වේලා­වට සිසුන්ට නිවෙස් කරා පිටත් කර­න්නට සිසු සැරිය පාසල් බස් රථ සේවාව ඉටු කරන්නේ පුළුල් සේවා­වකි. දරු­වන්ගේ වෙහෙස අඩු කර­මින් දින­පතා පාසල් යාමට දිරි ගන්ව­මින් මේ වන විට සිසු­සැ­රිය වැඩ­ස­ට­හන යටතේ දිව­යින පුරා පිහිටි ඩිපෝ 107න් බස් රථ 751ක් යොදවා ඇත.

මෙ රටේ මාර්ග පද්ධතියේ ඉදිකිරීම් සඳහා වාර්ෂිකව වැයවන මුදලටත් වඩා වැඩි මුදලක් පාසල්, විශ්වවිද්‍යාල හා කාර්මික විද්‍යාල සිසුන්ගේ සීසන් ටිකට් සහනාධාරයට රජය වාර්ෂිකව වැය කරන බව බොහෝ දෙනා දන්නේ නැත. ඒ සියල්ල මෙරටේ සිසු පරපුරේ අනාගතය සුරක්ෂිත කරන්නට කරන ආයෝජනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සුභා­ෂිණි ජය­රත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division