Home » අව­ලෝ­කි­තේ­ශ්ව­රට ඇන්ද මිස­දි­ටු­වාගේ පැටි­කි­රිය

අව­ලෝ­කි­තේ­ශ්ව­රට ඇන්ද මිස­දි­ටු­වාගේ පැටි­කි­රිය

by damith
January 20, 2024 12:39 am 0 comment

ව­ලෝ­කි­තේ­ශ්වර යනු මහා­යා­න­යෙහි උග­න්වන පංච­ධ්‍යානි බුදු­ව­ර­යන් අත­රින් ප්‍රධා­න­ත්ව­යෙහි ලා සැල­කෙන අමි­තාභ නොහොත් අමි­තා­යුෂ් බුදු­ව­රයා වෙනු­වෙන් මේ ලෝක­යෙහි පෙනී සිටින, සියලූ සතුන්ගේ දුකට පිහිට වන බෝස­ත්ව­රයා බව පොත පතෙහි සඳ­හන්ය. සියලු බුදුන් වහ­න්සේ­ලාගේ මහා කරු­ණාව මූර්ති­මත් කෙෙරන ශ්‍රේෂ්ඨ­තම පරම බෝධි සත්ත්ව­යන් ලෙස ද අව­ලෝ­කි­තේ­ශ්වර සැලකේ.

විවිධ සංස්කෘ­තීන් හා ඇද­හි­ලි­ව­ලට අනුව අව­ලෝ­කි­තේ­ශ්වර බෝධිසත්ත්ව­යන්ගේ හැඩ­රු­වද වෙන­ස­කට ලක්වී ඇත. චීනයේ අව­ලෝ­කි­තේ­ශ්වර බෝධිසත්ත්ව­යන්ගේ රුව කාන්තා­ව­කගේ ස්වරූ­ප­යෙන් වන්දනා මාන­යට ලක් කෙරේ. ගුවා­න්යින් බෝධි සත්ත්ව­රිය ලෙස චීනයේ අව­ලෝ­කි­තේ­ශ්වර බෝධිසත්ත්ව වන්ද­නා­මාන කෙරෙන බව සඳ­හන්ය. කාම්බෝ­ජය තුළ මෙම බෝස­තුන් ලෝකේ­ස්ව­රක් ලෙසත්, ජපා­නය තුළ කන්සොන් හෝ කන්නොන් ලෙසත් හැඳින්වේ.

අපේ රටේ අව­ලෝ­කි­තේ­ශ්වර බෝධිසත්ත්ව­යන් ලෙස පෙනී සිටි­මින් මිස­දු­ටු­වන් පිරි­ස­කගේ වන්ද­නා­මා­න­යට ප්‍රාප්ත වූයේ මහින්ද කොඩි­තු­වක්කු නැමැති පුද්ග­ල­යෙකි. සර්වඥ බල­යක් ඇති බව කියන මේ පුද්ග­ලයා දෙසන ධර්මය ඇසී­මට දේව­ත්ව­යට පත්වූවෝ පැමි­ණෙන බව ද කියති. එසේම මේ තැනැත්තා යමා මහ පෙළ­හර ද පාති. හැබැයි සාමාන්‍ය ජන­තා­වට නම් ඔහුගේ පෙළ­හ­ර­පෑම් පෙනෙන්නේ නැත. ඔහු පව­සන්නේ ඔහු පාන යමා මහ පෙළ­හර පෙනෙන්නේ දෙව් මිනි­සුන්ට බවය.

මෙවැනි හොරු සහ වංචා­ක­රු­වන් කලින් කලට අපේ රටේ බිහි­වෙති. සෝවාන් මාර්ග ඵලය ලැබූ අයද සිටිති. මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර ජාල­ය­කට හිමි­කම් කියන එක්තර ව්‍යාපා­රි­ක­යෙක් සෝවාන් වී ධර්මය දේශනා කර­මින් යන්නේ තවත් පිරි­සක් සෝවාන් ඵල­යට පත් කර­මිනි. සිය අනු­ගා­මි­ක­යන් සෝවාන් වූ විට ඔහු සෝවාන් සහ­ති­ක­යන් ද ඒ අයට ලබා දෙයි.

එසේම අපේ රටේ ඇතැම් භික්ෂූහු රහත් ඵලය ද අත්පත් කර­ගෙන සිටිති. තමන් රහත් වී සිටින බවත් මතු බුදු වන බවත් කියන ප්‍රසිද්ධ භික්ෂු­වක් ද සිටිති. හිටි හැටි­යේම පහළ වන දේශ­ක­ය­කුගේ මඟ යමින් නිර්වා­ණ­යට යාමට වස විස කා සිය­දිවි හානි­කර ගත්ත­වුන් ද අපේ රටේ නැත්තේම නැත. එහෙව් රටේ මෙතෙක් බිහි නොවූයේ බුදු­ව­ර­යකු පමණි. දැන් ඒකත් සම්පූ­ර්ණය. ඒ අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි සත්ත්ව­යන් ලෙස මහින්ද කොඩි­තු­වක්කු නැමැත්තා බිහි වී සිටින බැවිනි.

මෙම පුද්ග­ලයා අම්බ­ල්තොට බර­ව­කු­ඹුර පැත්තේ උපන් අයෙකි. උපන් දිනය ලෙස සැල­කෙන්නේ 1979 ජුනි 23 වෙනි­දාය. අධ්‍යා­ප­නය ලබා ඇත්තේ ඒ පැත්තේම ඇති ගමේ පාස­ලිනි. සාමාන්‍ය පෙළ අස­මත් ඔහු රැකි­යාව ලෙස රියැ­දු­රෙක් ලෙස කට­යුතු කර ඇති බව කියැ­වෙති. ඔහු විවාහ වී ඇත්තේ පළමු විවා­හ­යෙන් වෙන්වී සිටින දෙදරු මවක් සම­ඟිනි. ඒ 2011 වස­රේ­දීය. එම මවගේ දිය­ණි­ය­කට මෙම පුද්ග­ලයා විසින් අත­වර කර ඇති බව ද පැවසේ. ඒ ගැන ඔහු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති වීඩි­යෝ­වක ද සඳ­හන් වන්නේ එය එත­රම් ලොකු ක්‍රියා­වක් නොවන බව ඒත්තු ගන්ව­මිනි. ගිහි­ගෙය අත­හැර මෙම පුද්ග­ලයා අභි­නි­ෂ්ක්‍ර­ම­ණය කළේ යැයි කියන්නේ එම සිදු­වී­මෙන් අන­තු­රු­වය. ඔහු කියන ආකා­ර­යට අනුව ඔහු එම දිය­ණි­යට අත­වර කර අභි­නි­ෂ්ක්‍ර­ම­ණය කර ඇත්තේ ඊජි­ප්තු­ව­ටය.

අනා­ව­ර­ණය වන ආකා­ර­යට අනුව මේ පුද්ග­ලයා ඊජි­ප්තුව බලා පිටත්ව ගොස් ඇත්තේ 2012 වස­රේ­දීය. ඒ වසය අවු­රුදු 33 දීය. දැන් ඔහුට වයස අවු­රුදු 45 කි. කියැ­වෙන ආකා­ර­යට අනුව ඔහු වසර 12ක්ම රැඳී සිට ඇත්තේ ඊජි­ප්තු­වේය. එරට පිහිටි ඇමෙ­රි­කානු කඳ­වු­රක ප්‍රධා­නි­යාගේ නිවෙසේ බල්ලන් බලා ගනි­මින් සිටි මෙම පුද්ග­ලයා හිටි හැටි­යේම අව­ලෝ­කිතේ­ෂ්වර බෝධි­ස­ත්ත්ව­යෙක් ලෙස යූ. ටියුබ් නාළි­කා­වක් ඔස්සේ පෙනී සිටි­මින් දේශනා පව­ත්ව­න්නට ගන්නේ ආන්දෝ­ල­න­යට තුඩුදී සිටින සිය භික්ෂු නාමය පවා වෙනස් කර ගනි­මින් ථේර­වාදී භික්ෂු­වක් ලෙස පෙනී සිටි­මින් මහා­යා­නය ව්‍යාප්ත කර­න්නට උත්සාහ දරන මතු බුදු­වන බවට පව­ස­මින් කුරු­ණෑ­ගල කේන්ද්‍ර කර­ගෙන මේ වන විට ක්‍රියා­ත්ම­කව සිටින භික්ෂු­ව­ක­ගෙන් ධර්මය ඇසී­මෙන් අන­තු­රු­වය. බුද්ධ දේශ­නාව සහ ධර්මය තම­නට ඇවැසි ආකා­ර­යට වෙනස් කර­මින් දේශනා කර­මින් මා අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­ස­ත්ත්ව­යන් බව කිය­මින් මෙම පුද්ග­ලයා යූ ටියුබ් නාළි­කා­වක් ඔස්සේ එළි­යට එන විට ථේර­වාදී බුදු දහම විනාශ කිරී­මට මාන බල­මින් සිටින ඇතැම් බල­වේග ඔහුට සහා­යක් වී ඇති බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇති කරු­ණකි.

මේ පුද්ග­ලයා තමන්ව මුලින්ම හඳුන්වා දී ඇත්තේ රට බේරා ගන්න පහළ වූ දිය­සෙන් කුමා­රයා බව පව­ස­මිනි. ඒ බව තහ­වුරු කිරී­මට ඔහු යොදා ගනු ලබන්නේ බලං­ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි­යන් විසින් දිය­සෙන් කුමා­ර­ය­කුගේ බිහි­වී­මක් ගැන කළ දේශ­නා­වකි. එම දේශ­නාවේ සඳ­හන් කරුණු තමාට ගළ­පප­මින් දිය­සෙන් කුමා­ර­යෙක් ලෙස කර­ලි­යට ආ ඔහු අව­සා­න­යේදී බුදු­ව­ර­යෙක් ලෙස කල එළි බසින්නේ මහ­යානි දර්ශ­නයේ සඳ­හන් අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­ස­ත්ත්ව­යෙක් ලෙසිනි.

මේ අයට පොදු සමා­ජය හඳුන්වන්නේ මොලේ අමා­රු­කා­ර­යන් යැයි කියාය. මෙම පුද්ග­ලයා සම්බ­න්ධ­යෙන් කරුණු ගවේ­ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වී ඇත්තේ ඔහුට ඊජි­ප්තු­වේද බිරි­යක් සිටින බවය. දරු­වන් දෙදෙ­නෙක්ද සිටින අතර එම දරු­වන් අස­නීප තත්ත්ව­යක සිටින අය බවත් ඔවුන් නිවුන් දරු­වන් බව ද පැවසේ. ඒ ගැන පවා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් සිටින්නේ දැඩි අව­ධා­න­ය­කින් විම­ර්ශ­න­යට ලක් ක­ර­මිනි.

දිය­ණි­ය­කට අත­වර කර මෙර­ටින් ඊජි­ප්තුව බලා අභි­නි­ෂ්ක්‍ර­ම­ණය කර ඊජි­ප්තුවේ බල්ලන් බලා ගනි­මින් සිටි මහින්ද කොඩි­තු­වක්කු නැමැති දිය­සෙන් කුමා­රයා හිටි­හැ­ටි­යේම අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­ස­ත්ත්ව­යෙක් බවට පත්වන්නේ සිහි­න­යක් දැකය. එම සිහි­නය තිදෙ­නෙක් ඇඟ මතට රාක්ක­යක් කඩා වැටී­මකි. එම රාක්කය කඩා වැටී දෙදෙ­නෙක්ම යන අතර මහින්ද කොඩි­තු­වක්කු නැමැති මෙම තැනැත්තා සිය අනු­ගා­මි­ක­යන්ට පව­ත්වන දේශ­නා­ව­ලට අනුව එම සිහි­න­යෙන් දුටු අන­තු­රින් දිවි බේරෙන එකම පුද්ග­ලයා ඔහුය. අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­ස­ත්ව­යෙක් බවට ඔහු පත්වන්නේ ඒ සම­ඟිනි.

අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­ස­ත්ව­යෙක් බවට මෙම පුද්ග­ලයා පත්වූ බව කියැ­වෙන්නේ වසර හතර පහ­කට පෙරය. එතැන් සිට ඔහු යූ ටියුබ් නාළි­කා­වක් ඔස්සේ දේශන පව­ත්ව­මින් අනු­ගා­මි­ක­යන් ගොඩ­න­ඟන්නේ ටිබෙට් මහා­යාන සංක­ල්ප­වල සඳ­හන් හිත එකඟ කර ගැනීමේ ක්‍රම­වේ­ද­යක් යොදා ගනි­මින් “දෙක­ළ­වර පේන­වද“ යැයි සඳ­හන් දේශ­නා­වන් පව­ත්ව­මිනි. මෙම තැනැ­ත්තාගේ දෙක­ළ­වර පේන දේශ­නා­ව­ලට වහ වැටුණු අය අතර වෛද්‍ය­වරු, ඉංජි­නේ­රු­වරු, පොලිස් නිල­ධා­රීන් මෙන්ම ඇතැම් භික්ෂූන්ද සිටිති. මේ තැනැ­ත්තාගේ ලොකුම විහි­ළුව වන්නේ ඔහුගේ දෙ‍ෙක­ළ­වර පේන දේශනා ඇසූ 41 දෙනෙක් රහ­ත්භා­ව­යට පත්ව සිටී­මය. ථෙර­වාදී බෞද්ධ ඉගැ­න්වී­ම්ව­ලට පහර ගස­මින් අමුතු දේශ­නා­වක් කර­මින් සිටින මෙම පුද්ග­ලයා පව­සන ආකා­ර­යට අනුව ඔහුට සිටින අනු­ගා­මි­ක­යන් ගණන ලක්ෂ 03කට වැඩිය. විම­ර්ශ­න­ව­ලින් නම් පෙනී ගොස් ඇත්තේ එත­රම් අනු­ගා­මි­ක­යන් පිරි­සක් ඔහුට නොමැති බවය. ඔහු ඊජි­ප්තුවේ සිට දේශනා ප්‍රසිද්ධ කළ 180 යූ ටියුබ් නාළි­කාවේ සිටින ග්‍රාහ­ක­යන් ප්‍රමා­ණය පවා පන්හ­ය­ද­හස­කට එහා ගොස් නැත. එම යූ ටියුබ් නාළි­කාව ඔස්සේ තමන් දේශනා 4000ක් කර ඇති බව මේ තැනැත්තා කියයි. ඒ යැයි කියා එම චැන­ල­යට විශාල ග්‍රහ­ක­යන් පිරි­සක් එකතු වී ඇති බවක් නම් විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් නැත. නමුත් ලොකු තර­ග­යත් තිබී ඇත්තේ දේශ­නා­ව­ලට වහ­වැටී සිටි කිහිප දෙනා අතර මේ තැනැ­ත්තාගේ අග්‍ර­ශා­ව­ක­යන් බවට පත්ව­න්න­ටය. එම තර­ග­යෙන් ඒ වන විටත් ජය­ගෙන සිට ඇත්තේ වෛද්‍ය­ව­ර­යෙක් සහ පොලිස් නිල­ධා­රි­යෙකි. අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­සත්්ව ලෙස පෙනී සිටින මහින්ද කොඩි­තු­වක්කු නැමැති මේ තැනැ­ත්තාගේ වෛද්‍ය­ව­ර­යෙක් වන අග­ස­ව්ව­රයා මේ වන විට සිටින්නේ විදේ­ශ­ග­තව බව කියැ­වෙති. පොලිස් නිල­ධා­රියා නම් නිවාඩු දමා­ගෙන බැහැ­ගෙ­නම සිටින්නේ මහින්ද කොඩි­තු­වක්කු පස්සේය. අම්පාර පැත්තට කිට්ටු පොලිස් ස්ථාන­යක සේවයේ නිර­තව සිටින බව කියන සැර­ය­න්ව­ර­යෙක් වන මෙම පොලිස් නිල­ධා­රියා සිටින්නේ අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­සත්්ව ලෙස පෙනී සිටින මහින්ද කොඩි­තු­ව­ක්කු­ගෙන් බණ අසා දේව­ත්ව­යට පත්වූ අයෙක් ලෙසිනි.

ඊජි­ප්තුවේ බල්ලන් බලා ගනි­මින් සිටි­යදී 2016 වස­රේදී විශේෂ ඥාන­යක් ලැබී අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­ස­ත්ත්ව­යෙක් බවට පත්වූ බව කියන මහින්ද කොඩි­තු­වක්තු තමාව උලුප්පා ගැනී­මට යොදා ගන්නා යූටියුබ් නාළිකා ගණන 05කි. ඒ හැම නාළි­කා­වක් ගැනම තොර­තුරු මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් සොයා­ගෙන අව­සන්ය. මේ නාළිකා මඟින් ථේර­වාදී බෞද්ධ දර්ශ­න­යට පම­ණක් නොව බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ දෙති­ස්සමහා පුරුෂ ලක්ෂ­ණ­ව­ලට ද පහර ගස­මින් හෑල්ලු­වට ලක්ක­රන බව ද විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. එසේම ඔහු දේශනා පව­ත්වන්නේ සිය­දිවි හානි­කර ගැනීම ප්‍රව­ර්ධ­නය කර­මිනි. ශරී­ර­යට ගිනි තබා ගැනීම බුදුන්ට කෙරන පූජා­වක් බව ද ඔහුගේ දේශ­නා­වල අන්ත­ර්ග­තය. මෙම තැනැත්තා සිය දේශ­නා­ව­ලදී වැඩි වශ­යෙන් ගුරු­කොට සල­කනු ලබන්නේ සද්ධර්ම පුණ්ඩ­රික සූත්‍ර­යයි.

මනු­සත් බෝධි­ස­ත්ත්වයා සද්ධර්ම පුණ්ඩ­රික සූත්‍රය ශ්‍රව­ණය කර ඊට පූජෝ­පා­හාර ලෙස කල්ප අසූ­වක් ශරී­රය දල්වා සිටි බව පවා මෙම තැනැත්තා සිය දේශ­නා­වල සඳ­හන් කරනු ලබන්නේ තමන්ගේ ආත්මය බුදුන්ට පූජා­වක් ලෙස ගිනි තබා ගන්නා ලෙස ද පව­ස­මිනි.

මෑත­කදී වස කා එක දිගට 07 දෙනෙක් සිය­දිවි හානි­කර ගත්තේ ද මෙවැනි මාන­සික උන්ම­න්ත­ක­යන්ගේ දේශනා අසාය. අතු­රු­ගි­රිය පැත්තේ භාව­නා­යෝ­ගීව සිටි භික්ෂු­වක් ද දර සෑයක් ඉදි­කොට ඒ තුළ භාව­නා­යෝ­ගීව සිට මෑත­කදී ගිනි තබා­ගෙන සිය දිවි හානි­කර ගත්තේ ද බුදු දහමේ ඇති ඇතැම් කරුණු වැර­දි­යට වට­හා­ගෙ­නය. උන්ව­හන්සේ ද ගමන් කර තිබුණේ මෙවන් උන්ම­න්ත­ක­යන් ගිය මඟය. පුද්ගල මනස විකෘති කර­මින් අමු­තුම දේශනා පව­ත්ව­මින් බුදු දහ­මට පහර ගස­මින් සිටි අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­සත්ත්ව බව කියන මහින්ද කොඩි­තු­වක්කු නැමැ­ත්තාගේ ලංකා ගම­නය සිදු­වන්නේ පසු­ගිය 01 වෙනි­දාය. ඔහු මෙර­ටට එන්නේද “මහත් ඵල දොර­ටුය විවෘ­ත­කර ලංකා­වට ආවා“ යැයි කියා­ගෙ­නය.

මෙර­ටට එන්නට අතේ සතේ නොමැ­තිව සිඟ­න්නකු ලෙස සිටි මේ තැනැත්තා එම ගණ­නට මුදල් සොයා ගන්නේ ද තමාව ලංකා­වට අවශ්‍ය නම් ගෙන්වා ගන්නැයි සිය 180 යූ ටියුබ් නාළි­කාව ඔස්සේ කළ ප්‍රකා­ශ­යක් ඔස්සේය. ඒ අනුව ඔහුගේ ලංකා ගම­නය සංවි­ධා­නය කරනු ලබන්නේ දෙස් විදෙස් සිටින ඔහුගේ අනු­ගා­මි­ක­යන් බව කියන පිරි­සකි. ඒ අතර අග­සව් වන පොලිස් සැර­ය­න්ව­රයා සංවි­ධාන කට­යුතු වල වැඩි බරක් දරා තිබු­ණේය. එහෙත් බර පැන දරන්නේ ඕස්ට්‍රේ­ලි­යාවේ සිටින ඉරේෂා නැමැති කාන්තා­වකි. ඇය ඒ සදහා මුදල් බැර කරනු ලබන්නේ සුද­ර්ශනි නැමැති කාන්තා­ව­ක­ටය. අවු­රුදු 58ක් පමණ වය­සැති ඇය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නියා ලෙස සේවය කර විශ්‍රාම ගොස් සිටින නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­ය­කුගේ පළමු විවා­හක බිරි­යය. එම නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාත් මෙම තැනැ­ත්ති­යත් සායි බබා ඇදහූ අයයි. සායි බබාගේ මර­ණින් පසු ඇය විතැන් වී ඇත්තේ අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­ස­ත්ව­යන් ඇද­හී­ම­ටය. මහින්ද කොඩි­තු­ව­ක්කුට ඇය වහ වැටෙන්නේ එබැ­වින් විය හැකිය.

ථේර­වාදී බෞද්ධ දර්ශ­නය විනාශ කිරීමේ කොන්ත්‍රා­ත්තු­වක් භාර­ගෙන සිටින මෙම තැනැත්තා ඊජි­ප්තුවේ සිට මෙර­ටට එන්නේ ද වසර 04ක කාල­යක් වීසා නොමැ­තිව එරට රැඳී සිටීමේ වර­දට ඇමෙ­රි­කානු ඩොලර් 450ක දඩ­යක්ද ගෙව­මිනි. ඊජි­ප්තුවේ සිට ගුව­නින් පැමිණ ජන­වාරි 01 වෙනිදා උදෑ­සන 6.22ට මෙර­ටට ගොඩ බසින මේ තැනැත්තා රටට ඇතුළු වන්නේ ගුව­න්තො­ටු­පොලේ ප්‍රභූ පර්ය­න්ත­­යෙනි. ඒ වෙස් නැටුම් කණ්ඩා­ය­මක් පෙර­ටු­ක­ර­ගෙ­නය. ඊට පුළුල් මාධ්‍ය ආව­ර­ණ­යක් ලබා ගැනී­මට පවා ඔහුගේ අනු­ගා­මි­ක­යන් කට­යු­තු ­කර තිබු­ණේය.

අව­ලෝ­කි­තේ­ෂ්වර බෝධි­ස­ත්ව­යන් ලෙස මෙර­ටට පා තබන මහින්ද කොඩි­තු­වක්කු නැමැති මේ තැනැ­ත්තාව පිළි­ගැ­නී­මට ගුව­න්තො­ටු­පොල භූමි­යට අනු­ගා­මි­ක­යන් විශාල පිරි­සක් ද රැස්ව සිටියේ කල්වේලා ඇතිව සිදු වූ සංවි­ධාන කට­යු­ත්තක් හර­හාය. ලංකා­වට පය තැබී­මෙන් අන­තු­රුව මහ­නු­වර, කැල­ණිය, අනු­රා­ධ­පුර, ශ්‍රීපා­දය ආදී ස්ථාන­ව­ලට තමා ගමන් කරන බව ද කල් ඇතිව මේ තැනැත්තා පවසා තිබු­ණේය. ඔහුගේ අනු­ගා­මි­ක­යන් ඒ අනුව කටු­නා­යක ගුව­න්තො­ටු­පොළේ සිට ඔහුව රැගෙන යන්නේ කැල­ණිය රජ­මහා විහා­ර­ස්ථා­නය වෙතය. එහි ගමන් කිරී­මට ඔහුට වෙන්කර තිබෙන්නේ ලිමො­සින් වර්ගයේ සුඛෝ­ප­භෝගී මෝටර් රථ­යයි. කැල­ණියේ පුද්ග­ල­ය­කුට අයත් මෙම රථය කුලියට ගත් එකකි. ඒ රුපි­යල් 25,000කටය. ඒ සඳහා ගෙවී­මට මුදල් ලබා දුන්නේ යැයි කියනු ලබන්නේ විශ්‍රා­මික නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ පළමු විවා­හක බිරිය විසිනි. ඇය ඒ සඳහා විය­දම් කර ඇත්තේ ඕස්ට්‍රේලි­යාවේ සිට ඇගේ බැංකු ගිණු­ම­කට ඉරේෂා නැමැති අය විසින් බැර කළ මුදල්ය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් ඇගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී හෙළිවී ඇත්තේ අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­සත්ත්ව වෙසින් මෙර­ටට පැමිණි මහින්ද කොඩි­තු­වක්කු වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 15ක පමණ මුද­ලක් වැය කළ බවය. කටු­නා­යක ගුවන් තොටු­පොලේ සිට කැල­ණි­යට පැමි­ණීම දක්වාත් කැල­ණියේ සිට බොර­ලැ­ස්ග­මු­වෙන් ඔහු වෙනු­වෙන් කුලී පද­නම මත ලබා­ගත් නිවෙ­ස­කට ගෙවූ කුලි­යත් ඔහුට කන්න බොන්න දීමට වැය කළ මුද­ලුත් සම­ඟිනි.

කැල­ණි­යට එන විට මේ තැනැ­ත්තාය පිළි­ගැ­නී­මට අනු­ගා­මි­ක­යන් පම­ණක් නොව, කුලි­යට ගත් පිරිස් ද යොදා සිට ඇති බව පෙනී ගොස් ඇත්තේය. කැල­ණි­යේදී ඔහුව පිළි ගන්නේ සළු­පිළි පළ­න්ද­වාය. කැල­ණිය යනු බුදුන්ගේ පහස ලද භූමි­යකි. කැලණි ගඟ දෙබා කර­මින් පසු­ගිය කාලයේ නාග ලෝක­යෙන් නයෙක් මතු­වූ­යේද මෙම කැලණි පූජා භූමිය ආශ්‍රි­ත­වය. අද ඒ නයාට වූ දෙයක් නැත. එදා නයා පෙන්වා කැල­ණිය පුද බිමට කළ හානි­යට වඩා වැඩි හානි­යක් අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­සත්ත්ව වෙසින් පැමිණි මහින්ද කොඩි­තු­වක්කු කළේය. ඒ දස සිල් මාතා­වක් යොදවා ඔහුට වන්දනා මාන කර­මිනි. එම දස­සිල් මාතාව එහි ගෙන්වා මහින්ද කොඩි­තු­ව­ක්කුට වන්දනා කර­ගෙන ඇත්තේ ද ඇයට මුද­ලක් ලබාදී කල්තියා කළ සැල­සු­ම­කට අනුව බව දැන් හෙළිවී හමා­රය. ගුව­න්තො­ටු­පොලේ සිට කැල­ණි­යට පැමිණි ලිමෝ­සින් මෝටර් රථය කැල­ණි­යේම තබා මෙම බෝධි­ස­ත්ව­යාව ඔහුගේ නවා­තැන්පොළ වෙත අනු­ගා­මි­ක­යන් විසින් රැගෙන යන්නේ වෙනත් රථ­යක නංවා­ගෙ­නය. ඒ ලිමෝ­සින් රථය කුලි­යට ගෙන තිබුණේ ගුව­න්තො­ටු­පොළේ සිට කැල­ණිය දක්වා පම­ණක් වූ බැවිනි.

මෙම බෝධි­ස­ත්වයා වෙනු­වෙන් ඒ වන විටත් ඔහුගේ අනු­ගා­මි­ක­යන් විසින් කැස්බෑව බටු­ව­න්දර පිහිටි දෙම­හල් නිව­සක්ද කුලි­යට ගෙන තිබු­ණේය. ඒ මාස 06ක කාල­යක් සඳ­හාය. සර්වෝ­දය මාවතේ පිහිටි මෙම නිවෙස කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත වෛද්‍ය­ව­ර­ය­කුට අයත් එකකි. එම වෛද්‍ය­ව­රයා මෙම නිවෙස බලා කියා ගැනී­මට භාරදී තිබුණේ දන්නා හඳු­නන ත්‍රීරෝද රථ රියැ­දු­ර­කු­ටය. එම ත්‍රීරෝද රථ රිය­දුරා මගින් මෙම නිවස කුලි­යට ගැනී­මට මුදල් ගෙවීම් කරනු ලබන්නේ ද නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ බිරි­යය. ඒ මස­කට රුපි­යල් 40,000 බැගින් මාස 06ක කුලි­යක් එක­වර ගෙව­මිනි. ඒ පසු­ගිය දෙසැ­ම්බර් මාස­යේ­දීය. මෙම නිවෙස පවා නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ බිරිය විසින් කුලි­යට ගන්නේ යැයි කියැ­වෙන්නේ අමෙ­රි­කාවේ සිට පැමි­ණෙන සිය දිය­ණි­යට නවා­තැන් ගැනී­මට බව කිය­මිනි.

දිය­ණි­යට පුතෙක් සිටින බවත් එම පුතා භාවනා කරන අයෙක් බැවින් නිස්ක­ලංක ස්ථාන­යක් ලෙස මෙම නිවෙස තෝරා­ගත් බවත් ඇය නිවෙස කුලි­යට ගන්නා අව­ස්ථා­වේදී පවසා තිබු­ණාය. මෙම නිවෙස කුලි­යට ගැනී­මේදී බ්‍රෝක­ර්ව­ර­යෙක් ලෙස කට­යුතු කරනු ලබන්නේ ත්‍රිරෝද රථ රියැ­දු­රාය ඔහුට බ්‍රෝකර් ගාස්තු ලෙස රුපි­යල් 25,000ක මුද­ලක්ද ලැබී තිබු­ණේය.

මෙම නිවෙසේ රැඳී සිටින කාලය තුළ අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි සත්ව වෙස්ගත් මහින්ද කොඩි­තු­ව­ක්කුට අවශ්‍ය ආහාර පාන සඳහා වූ විය හිය­දම්ද දර­න්නට වූයේ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ බිරි­යය. ඒ වෙනු­වෙන් ඇයට ඕස්ට්‍රේ­ලි­යාවේ මිතු­රි­ය­ගෙන් මුදල් නොඅ­ඩුව ලැබී තිබු­ණාය. මේ නිවෙසේ සිටත් ඔහු කරනු ලැබුවේ දේශනා පව­ත්ව­මින් ඒවා යූ ටියුබ් නාළි­කා­වල දම­මින් බෞද්ධ­යන් කුපිත කර­වී­මකි. ඇතැම් දින­වල මෙහි දේශනා රාත්‍රී 12.00 සිට අලු­යම 3.00දක්වාම පව­ත්ව­මින් තිබුණේ අස­ල්වැ­සි­යන්ට ද හිරි­හැර වන ලෙසිණි.

බෞද්ධ දර්ශ­න­යට, බුදුන් වහ­න්සේට, යසෝ­දරා දේවි­යට, භික්ෂූන් වහ­න්සේට අව­මන් කර­මින් දේශනා පව­ත්ව­මින් සිටි මෙම අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි සත්ත්ව වෙස්ගත මහින්ද කොඩි­තු­වක්කු කෙරෙහි මෙරට භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ ජන­තා­වගේ වඩාත් අව­ධා­න­යට යොමු­වන්නේ කැල­ණිය විහා­ර­ස්ථා­නයේ කළ නාට­ක­යත් සම­ගිනි. බෞද්ධ­යන්ගේ සිත් රිදවූ මෙම නාට­ක­යට එරෙ­හිව බෞද්ධ ජනයා පෙළ ගැසෙ­මින් සිටින විට එය ලොකු විනා­ශ­ය­කට මුල පිරී­මක් බව අව­බෝධ කර­ගත් අගු­ළු­ගල්ලේ සිරි ජනා­නාන්ද , බලං­ගොඩ කස්සප යන හිමි­වරු ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ කිහිප නමක් සහ බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ජන­රාල් ආර්.එම්.පී. රත්නා­යක ඇතුළු ගිහි පැවිදි පාර්ශ්ව රැසක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට යන්නේ ඔහුට එරෙ­හිව පැමි­ණිලි ඉදි­රි­පත් කර­න්න­ටය. ඒ අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ අධ්‍ය­ක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී දර්ශිකා කුමාර විම­ර්ශන ආරම්භ කරනු ලබන්නේ නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ ද සහය ඇති­වය. ඒ අනුව කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කරුණු දක්වන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මහින්ද කොඩි­තු­ව­ක්කුට එරෙ­හිව විදෙස් ගමන් තහ­න­මක් ලබා ගන්නේ විම­ර්ශන අත­ර­තුර ඔහු රටින් පලා­යා­මට ඇති ඉඩ­කල සලකා බලාය. එම නියෝ­ගය ලබා­ගැ­නී­මත් සමඟ උරණ වූ මෙම තැනැත්තා හැසි­රෙන්නේ අයි.ආර්.සී. කාර­යෙ­කු­ටත් වඩා අන්ත ලෙසිණි.

අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි සත්්ව­යෙක් ලෙස පෙනී සිටි­මින් බෞද්ධ දර්ශ­න­යට පහර ගස­මින් සිටි මහින්ද කොඩි­තු­වක්කු ලා වැනි අය කෙරෙහි මහා­නා­යක හිමි­ව­රුන්ගේ විශේෂ අව­ධා­න­යක් යොමු වන්නේ ද මේ අත­ර­තු­ර­දීය.

සංවි­ධා­නා­ත්ම­කව බුදු දහම පිළි­බද සාවද්‍ය මත­වාද ජන­ගත කර­මින් බෞද්ධ දර්ශ­නයේ හා සංස්කෘ­තියේ හර­ප­ද්ධ­තීන්ට හානි කරන පුද්ග­ල­යන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කරන ලෙස ඉල්ලී­මක් කර­මින් පසු­ගිය 13 වෙනිදා මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ,අම­ර­පුර මහා­නා­යක හිමි­ව­රුන්ගේ අත්ස­නින් යුතුව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හ­යන් වෙත ලිපි­යක් යොමු වන්නේ මේ අත­ර­තු­ර­දීය. අව­ලෝ­කි­තේ­ෂ්වර බෝධි සත්්ව වෙසින් සිටි මහින්ද කොඩි­තු­වක්කු ත්‍රීරෝද රථ­යක නැඟී පසු­ගිය 15 වෙනිදා මහ දවල් හිස මුළු මනින්ම ආව­ර­ණය කර­ගත් ලෝගු­ව­කින් සැරසී ගමන් කර­මින් සිටි­යදී පන්නි­පි­ටිය ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගනු ලබන්නේ මහා­නා­යක හිමි­ව­රුන්ගේ ලිපිය ජනා­ධි­පති කාර්යා­ල­යට ගොස් පැය 24ක් යන්නට මත්තෙනි. අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි සත්ත්ව වෙසින් සිටි මහින්ද කොඩි­තු­වක්කු ඊජි­ප්තු­වේදී ඔහු බලා කියා ගත් සත්්ව­යාගේ තත්ත්ව­යට පත්වන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු අත්අ­ඩං­ගුවේ තබා­ගෙන සිදු­කළ ප්‍රශ්න කිරී­මේ­දීය. අන­තු­රුව ඔහුව කොළඹ කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලබන්නේ 16 වෙනි­දාය. එහිදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් නීති­පති නියෝ­ජ­නය කර­මින් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් ය.

“මෙම පුද්ග­ල­යාට දඬුවම් කරල වැඩක් නැහැ. ප්‍රති­කාර කරන්න ඕනේ. මේ අය ගැන අනු­ක­ම්පා­වෙන් බැලිය යුතුයි“ යැයි දිලීප පීරිස් විවෘත අධි­ක­ර­ණය හමුවේ එහිදී පව­සන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මෙතෙක් කර ඇති විම­ර්ශන වලින් මෙම තැනැත්තා මාන­සික රෝගී තත්ත්ව­ය­කින් පෙළෙ­න්ෙනක් බව පෙනී ගොස් ඇති නිසා විය හැකිය.

අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී ද මෙම තැනැ­ත්තාගේ අමුතු හැසි­රීම් කෙරෙහි මහේ­ස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ අව­ධා­න­යට ද යොමු වී තිබු­ණේය. එය ද සැල­කි­ල්ලට ගෙන මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම තැනැත්තා ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කරනු ලබන්නේ 24 වෙනි­දාට පෙර මේ තැනැත්තා සම්බ­න්ධ­යෙන් මාන­සික වාර්තා­වක් අධි­ක­ර­ණය හමුවේ ගොනු කරන ලෙස දැනුම් දෙමිනි.

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබූ මෙම තැනැත්තා රඳවා තබ­න්නට වූයේ මැග­සින් බන්ධ­නා­ගා­රයේ එන්. වාට්ටු­වේය. නවක සිර­ක­රු­වන් රඳවා තැබෙන්නේ එන්. වාට්ටු­වේය. එම වාට්ටුවේ ඔහු රැඳී සිටි­න්නට වූයේ ද සිර­ක­රු­වන්ට දේශනා පව­ත්ව­මිනි. ඒ ඔහුගේ මත­යන් සිර­ක­රු­වන්ට ද වපු­ර­මිනි. ඇතැම් සිර­ක­රු­වන් මේ පුද්ග­ලයා වටා රැඳෙ­මින් ඔහුගේ දේශනා අස­මින් අව­සා­න­යට “ මූ පිස්සෙක්“ යැයි කියන තැනට පත්ව ඇත්තේ සිර­ක­රු­වන්ට පවා මේ පුද්ග­ලයා මාන­සික රෝගි­යෙක් බව දැනෙ­න්නට වූ බැවිනි.

ගයාන් කුමාර වීර­සිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division