Home » පොත් පුවත්

පොත් පුවත්

by gayan
January 20, 2024 12:30 am 0 comment

සිහිනයෙන් පියාසලා යද්දී

කෘතිය – සිහිනයෙන් පියාසලා යද්දී

කර්තෘ- තිස්ස නිහාල් වික්‍රමසිංහ

ප්‍රකාශනය- සී/ ස ඇස් ගොඩගේ සහ සහ සහෝදරයෝ

මිල- රු 400

පිටු- 84

සිහිනයෙන් පියාසලා යද්දී කෘතිය තිස්ස නිහාල්ගේ අලුත්ම කෙටි කතා සංග්‍රහයයි. මීට පෙර කාව්‍ය, කෙටි කතා මෙන්ම අධ්‍යාපන ඇතුළු කෘති ගණනාවක් රචනා කළ කර්තෘගේ මෙම කෙටි කතා සංග්‍රහයේ කෙටි කතා අටක් ඇතුළත්ය. කර්තෘගේ මෙම කෙටි කතා මිනිස් සිත් සතන් විනිවිද දකිමින් ස්පර්ශ කළ හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇත. සමාජයෙන් ඔහු උකහා ගත් විවිධ සිදුවීම් හා චරිත පොදු සමාජ අනුභූතීන් ලෙස මෙම කෙටි කතා හරහා ජීවමාන කිරීමට සමත් වී ඇත. ඔහුගේ ප්‍රථම කෙටි කතා සංග්‍රහය වන්නේ මීට විසිපස් වසරකට පෙර ‘ගොලායත්‘ නමින් වූ කෙටි කතා සංග්‍රහයයි.


ද්වාර්කා මළේ නෑ

කෘතිය – ද්වාර්කා මළේ නෑ

කර්තෘ- නිහාල් පී. ජයතුංග

ප්‍රකාශනය- සී/ ස ඇස් ගොඩගේ සහ සහ සහෝදරයෝ

මිල- රු 950

පිටු- 216


ද්වාර්කා මළේ නෑ කෙටි කතා සමුච්චයකි. අවස්ථා කිහිපයකදි කර්තෘගේ සිත සසල කළ සිදුවීම් කිහිපයක් ප්‍රතිනිර්මාණය කිරීමකි. ද්වාර්කා යනු මෑත ඉතිහාසයේ සිටි ප්‍රචණ්ඩ හා වියරු පුද්ගලයෙකුගේ දියණියක් වන අතර, කර්තෘ ඇය දකින්නේ සුරූපි සුන්දර යුවතිවයක ලෙසිනි. නමුත් උතුරේ වූ සන්නද්ධ ගැටුම් අවසානයේ නිරායුදව සිටි ඇය ඝාතනයට ලක්වන බවත්, ඇයගේ මරණය කර්තෘ පවසන්නේ මානව සංහතියට වූ කැළලක් වශයෙනි.

නිදාන කතාව එසේ වුවත් ද්වාර්කා මළේ නෑ යන කෘතිය හරහා කර්තෘ පවසන්නේ ඊට වඩා වෙනස්ම කතාවකි.


සොබාදම් ගොවි පලදා

කෘතිය – සොබාදම් ගොවි පලදා

කර්තෘ- මහේන්ද්‍ර සූරියාරච්චි

ප්‍රකාශනය- කවිවර ප්‍රකාශන

මිල- රු 800

පිටු- 168


මහේන්ද්‍ර සූරියාරච්චි විසින් රචිත සොබාදම් ගොවි පලදා කෘතිය හඳුන්වා දී ඇත්තේ දැයේ කෙත් අස්වද්දන කෙම් රහස් නමිනි.

කර්තෘ පවසන්නේ යටත් විජිත කාලයේ අපේ රට ස්වයං පෝෂිව පැවැතීමත්, පසුව විවිධ දේ හරහා ඒ තත්ත්වය නැතිව ගිය ද, එයට කාටත් දොස් පැවැරීමට වඩා කළ යුත්තේ සිඳිගිය එම ඥානය යළි සොයා ඊට පිළියම් යෙදීම බවයි. මෙම ග්‍රන්ථයේ පුරන් කුඹුරු අස්වැද්දීම, සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම මෙන්ම ගොවිතැනේදී ඇතිවන විවිධාකාර ගැටලු මෙන්ම වර්ෂා නිරූපණය මෙන්ම අපට වැරදුණේ කොතැනද ආදී කරුණු කාරණා පිළිබඳ සවිස්තර විග්‍රහයක් සිදු කෙරෙයි.


වසන්තයක සිතුම් සුවඳ

කෘතිය – වසන්තයක සිතුම් සුවඳ

කර්තෘ- බුලත්සිංහල සිරි පතිරගේ

ප්‍රකාශනය- කර්තෘ ප්‍රකාශනයකි

මිල- රු 500

පිටු- 80

කවියෙකු හා චිත්‍ර ශිල්පියෙකු ලෙස සම්මාන රැසකට පාත්‍ර වූ බුලත්සිංහල සිරි පතිරගේ ගේ නවතම කාව්‍ය සංග්‍රහයයි. ඉතා රසවත් කවි පංති ගණනාවකින් හෙබි වසන්තයක සිතුම් සුවඳ ග්‍රන්ථය රසික හදවත් ලෙන්ගතුව වැළඳ ගෙන නිරන්තරයෙන් රස විඳින්නට හැකි ග්‍රන්ථයකි. මනා වචන හැසිරවීමකින් යුතු තමා විසින්ම රචිත කවි පංති අතරින් තෝරාගත් කවි නිර්මාණ රැසක් මෙම ග්‍රන්ථයට එක්කොට රචනා කර ඇත.

විවිධ චරිත මෙන්ම සොබා දහමේ විවිධ අර්ථ නිරූපන හරහා කවියා ඒ ඒ අවස්ථා හා චරිත මනා සංයමයෙන් විග්‍රහ කරන්නට උත්සහයක් ගෙන තිබීම අගය කළ යුත්තකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division