Home » අධ්‍යාපන කටයුතු දියුණු වන මහා බලසම්පන්න සරස්වතී දැහැන

අධ්‍යාපන කටයුතු දියුණු වන මහා බලසම්පන්න සරස්වතී දැහැන

by thanushika
January 20, 2024 12:30 am 0 comment
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කේ. බී. දිසානායක

දෙතුන් වරක් විභාගයට ලියා අසමත් වීද? කොතෙක් පාඩම් කළද කළය අනිත් පැත්ත හරවා වතුර දානවා සේ මතකයේ රැඳෙන්නේ නැද්ද? ඔබ කලා කටයුතුවල නිරතද? ගායන, වාදන, නර්තන, චිත්‍ර, මූර්ති, කැටයම් ශිල්ප හදාරනවාද? ඒවායේ නිරත වී සිටිනවාද?

මේ සියල්ලටම නිසැක විසඳුම සහ සහනය ලබන්න ප්‍රතිඵල ලබන්නට මේ ‘හත්ථසාර පිළිවෙත’ තුළින් පුළුවනි. මේ පිළිවෙතින් මතක ශක්තිය, ධාරණ ශක්තිය, ස්මර්ණ ශක්තිය, චිත්ත ශක්තිය වඩා වර්ධනය වේ. ඥානය, බුද්ධිය, අවදි වේ. දක්ෂතා, කුසලතා, හැකියාවන් වඩා වර්ධනය වේ. තරග විභාගවලින් සමත් වී අනාගත අපේක්ෂාවන් ඉටුකර ගන්නට හැකියාව ලැබේ. දිගු කාලයක සිට පිය ගුරු හත්මුතු පරම්පරාවක්ම අත්හදා බලා භාවිත කොට දහස්වර ප්‍රතිඵල ලැබූ සත්‍යයකි.

පළමුව තෙරුවන් පුදා ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානය ලැබූ තථාගත අග්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ සිහිකර මල් පහන් පූජා කර “තෙරුවන්ගේ අනන්ත ගුණ සත්‍යයයි, ඒ ශක්තිය විශ්වය තුළ පවතින බව සත්‍යයයි, ඒ සත්‍යානු බලයෙන් සැරියුත් මහරහතන් වහන්සේගේ සත්‍ය බලය විශ්ව ශක්තිය සමඟ මුසු වී මගේ දුව පුතා වෙත ළංවේවා, ග්‍රහ අපල දෝෂ අධ්‍යාපනික දුර්වලතා මඟහැරී යත්වා, ගුණය බුද්ධිය වර්ධනය වෙත්වා, නැණසාර ගුණසාර සිතුවිලි මෝදු වේවා” යැයි මොහොතක් අධිෂ්ඨාන කරන්න. හත් වර මතුරා ගත් පැන් බඳුනක් ගෙන දරුවාගේ මුහුණ පිස බීමට දෙන්න.

108 වර ජීවම් කර ගත් තැඹිලි තෙල්වලින් පහනක් දල්වා දරුවාට පාඩම් කරන්න දෙන්න. තෙල් හිසේ නළලේ ගාන්න. පැන් බඳුනට සමන්පිච්ච මල් දෙක තුනක් දමා සරස්වතී දැහැනේ 21 වර මතුරා උදේ පාන්දර බොන්න දෙන්න.

සරස්වතී දැහැන

සරස්වතී මහා දේවී වීනාපුස්තක ධාරණී
හංස වාහන සමායුත්තේ විද්‍යා ධානං කුරූ මම

සරස්වතී නමඃ මයිහං
වරදේව කාම රූපිනි විද්‍යා රම්භංකරිස්සාමි
සරස්වතී නමඃ තුමේ

ශත්මාහස්තය විද්මහේ බ්‍රහස්මිම
පත්ති, පද්මහී දන්තො සරස්වතී ප්‍රශෝදයාත්

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division