Home » මේෂ ලග්න කේන්දරයේ හත්වැන්න සහ හත්වැන්නාධිපති ලබා දෙන සුබ අසුබ

මේෂ ලග්න කේන්දරයේ හත්වැන්න සහ හත්වැන්නාධිපති ලබා දෙන සුබ අසුබ

by thanushika
January 20, 2024 12:30 am 0 comment

ඔබ කේන්දර සටහනේ හත්වැන්න අයත් වනුයේ තුලාවට මෙන්ම එහි අධිපතීත්වය දරනුයේ සිකුරු ග්‍රහයා වේ. මෙම ස්ථානය ඔබ ජීවිතයේ බොහෝ දේ ගැන විමසන ස්ථානයක් බව ඔබ දන්නවා ඇත. මෙම ස්ථානය විවාහය, සහකරු හෝ සහකාරිය සමඟ ඇති සම්බන්ධතාවය කාමය පිළිබඳව මෙන්ම ඔබගේ ව්‍යාපාර කටයුතු කෙරෙහි ද එහි හවුල් කාරයන් පිළිබඳව ද ශරීරයේ යටිබඩ, උකුල හා ඒ අවට ඇති ප්‍රදේශය අයත්වන බැවින් ඒ ගැන ද මෙම ලග්න හිමියාට පමණක් නොව සියලුම කේන්ද්‍රවල මෙම ස්ථානය මේ අයුරින් පොදුවන බැවින් මෙහි ලග්නාධිපතියා එම ස්ථානයේම ඇත්නම් කෙසේ ඔබට යහපත අයහපත ලැබේද යන්න විමසීමේදී ප්‍රථමයෙන් විවාහය ගැන විමසීමේදී හොඳ දියුණුවක් ඇති අයකු සමඟ විවාහය සිදුවන බවත් මෙය සිකුරු සමඟ කුජ සංයෝගයෙන් ඉතා යහපත් ලෙස ද දක්වා ඇත.

සිකුරුගේ බලපෑම අනුව විවාහයෙන් පසුව ජීවිතයේ ස්ථාවර භාවයක් දියුණුවක් ඇතිවන අතර ඔහු හෝ ඇය ප්‍රියමනාප පෙනුමක් ඇති තමාට පාලනය කළ හැකිවන තමාගේ කාම ආශාවන්ට අනුකූල වන අතර සමාජයේ කටයුතු කාරණාවලදී ඒවාට ගැඹුරින් සහභාගි වෙමින් තම උත්සාහයෙන් දියුණුව ලබා කොයි කවුරු සමඟත් වුවද සාමයෙන් සමාදානයෙන් කටයුතු කර උසස් සමාජ තත්වයක් ඇතිකර ගන්නවා ඇත. මේ අය සමඟ හවුල් ව්‍යාපාර ආදිය පවත්වාගෙන යමින් දියුණුවක් ලැබීමට හේතු සාධක ඇති බව දක්වා ඇති අතර මෙම මිත්‍ර සමාගම්වල ආශ්‍රය ද ප්‍රීතියක් කොට සලකා සමාජයේ උසස් ලෙස ජීවිතය ගෙනයනු ඇත.

ඔබ දැන් ඔබගේ කේන්දර සටහන ගැන යම් තරමක අවබෝධයක් ලබා ඇති බව ඔබටම වැටහෙනවා ඇත. අටවැන්න ගැන සටහන් කරන විට එනම් වෘශ්චිකයට අයත් වන අටවැන්න කුජ ග්‍රහයා අධිපතීත්වය දරන බවක් මෙන්ම එම ස්ථානයේ ඔබගේ ජීවිතයට ඇති සබැඳි භාවය ගැනද ඇති අවබෝධය අනුව එම ස්ථානයේ හත්වැන්න අධිපති තැන්පත් වී ඇත්නම් සිකුරුගේ බලපෑම අනුව ප්‍රසිද්ධිය හඹා නොයන තමාගේ පාඩුවේ පැත්තකට වී ජීවිතය ගෙනයන අයෙකු වුවද යමක් කමක් යම් වත්කමක් ඇති අයෙකු විවාහයට ලැබෙන නමුත් හවුලේ කටයුතු කිරීමට යාමෙන් තමාගේ වස්තුව විනාශ වී යාමට හේතු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව තමාගේ වස්තුව ආරක්ෂා කරගැනීම සඳහා සිත යොදන්න. මේ හේතුකොටගෙන තමාගේ ධෛර්යය අඩුවීමෙන් වකුගඩු ආශ්‍රිත රෝගයන් ඇතිවන බැවින් කාමාශාව ඇති වුවද එම සම්පත්තිය විඳීමට බාධා ඇතිවන බැවින් තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශමෙන් කටයුතු සිදුකරන්න.

නවවැන්න හෙවත් ධනුවට අයත් ගුරුගේ ආධිපත්‍ය දරන මෙම ස්ථානය ද, ඔබ ජීවිතයට බලපාන ආකාරය ගැන ඔබ දැනුවත් කර ඇති නිසා මෙම ස්ථානයට ද හත්වැනි අධිපති ශුක්‍රගේ බලපෑම අනුව සිදුවන යහපත අයහපත ගැන විග්‍රහ කිරීමේදී බොහෝ විට ආලය, ආදරය පිළිබඳ කටයුතු අදහස් ස්ත්‍රි පුරුෂ දෙපක්ෂය සමඟම සංගම් ඇතිකර කාලය ගත කරන්න කැමති අසුබයන් කාලයේදී බොහෝ විට විවාහයට ඇතුළත් වන එම සහකරු හෝ සහකාරිය ඉතාම ප්‍රියමනාප පෙනුමක් ඇති ඔබ මෙන්ම විනෝදයෙන් ප්‍රීතියෙන් ජීවිතය ගෙන යෑමට එකසේ ඇලුම් කරමින් අන්‍යොන්‍ය ප්‍රේමය ඉතාමත් යහපත් ලෙස පවත්වාගෙන යමින් කටයුතු කළද බොහෝ විට තවත් ආදර අන්දරයක පැටලීමට ද බොහෝ සෙයින් ඉඩ ප්‍රස්ථා ඇති වන බැවින් තමාගේ විවාහ ජීවිතය යහපත් ලෙස ගෙනයෑමට එම කරුණු කාරණාවලින් ද ඈත්වී ගතකිරීමට සිතට ගත යුතු වනවා ඇත.

සෙනසුරු හෙවත් ශනි අධිපතීත්වය දරන මකරයට අයත් ඔබගේ දසවැනි ස්ථානය ජීව ගමනේ අපට ලබාදෙන යහපත අයහපත එහි තැන්පත්ව ඇති ග්‍රහයාගේ පැවැත්ම අනුව සිදුවන ආකාරය ගැන ඔබ යම් ආකාරයක දැනීමක් ඇති නිසා එම ස්ථානයට ද හත්වැන්න අධිපති සිකුරුගේ පිහිටීම ගැන විමසීමේදී තමාගේ විවාහය සුබදායක එකක් වුවද යම් ආකාරයකින් එය ප්‍රමාදවීමට හේතු කාරණා සිදුවුවද තමාගේ වාසනා බලය හේතුකොට එම සහකරු හෝ සහකාරියගේ ආදායම වැඩිවන රැකීරක්ෂා කටයුතු දියුණුවට පත්වී වෙනයම් ග්‍රහදෝෂ නොමැති වුවහොත් යහපත් ලෙස විවාහ දිවිය ගත කිරීමට වාසනාව ලැබුවද එම සහකරු හෝ සහකාරිය කිසියම් හෝ කරුණක් හේතුකොටගෙන සුළු වශයෙන් තමාට නොගැළපෙන අයෙක් වුවද එය එතරම් බලපෑමක් සිදුනොවන අතර දියුණුව මෙන්ම දේපළ ආදිය එක් රැස්කර යහපත් ලෙස ජීවත් වීමට ඇති ආශාව නිසා ඇතැම් අයට එම සහකාරි හෝ සහකරු තරමක ලෝබ අයෙක් ලෙස අන්‍යයන්ට ප්‍රකාශ විය හැක.

මීළඟට කුම්භයට අයත් සෙනසුරු අධිපතීත්වය දරන එකොළොස් වැන්න ගැන ද එහි තැන්පත්ව ඇති ග්‍රහයන් අනුව ඔබ ජීවිතයට බලපාන ආකාරය ගැන දැනුමක් ඔබට ලැබී ඇති නිසා හත්වැන්න අධිපති සිකුරුගේ බලපෑම අනුව සමාජය සමඟ පහසුවෙන් මිතුදම් ඇති කරගෙන සමාජය පිළිබඳ කටයුතු කාරණා සිදුකරන සමාජයේ කටයුතු මඟින් තම දියුණුව මෙන්ම මෙම සමාජයේම යම් අයෙක් සමඟ ඇතිවන ප්‍රේම සම්බන්ධතාවක් මත තම විවාහය ද සිදුකරගෙන බොහෝ විට මෙම සම්බන්ධය තමා හොඳින්ම අඳුරන අයෙක් වීමට ද ඉඩ ප්‍රස්ථාව ඇති අතර විවාහ ජීවිතය ද අඩුපාඩු නොමැතිව සැපවත් ලෙස ගතකිරීමට හේතු වාසනාව ඇති අයෙක් වනවා ඇත.

කේන්දර සටහනේ දොළොස්වැනි ස්ථානය මීනයට අයත් ගුරුගේ අධිපතීත්වය දරන මෙම ස්ථානය ඔබගේ ජීවිතයේ සිදුවීම්වලට එහි තැන්පත් වී ඇති ග්‍රහයන්ගේ බලපෑම අනුව ලැබෙන පල විපාකයන් ගැන දැනුම්වත් වීමේදී එම ස්ථානයට හත්වැන්න අධිපති සිකුරුගේ තැන්පත් වීම මත ඇතිවන යහපත අයහපත ගැන විමසීමේදී මෙම සිකුරු විවාහයට බලපාන අයුරු ගැන දක්වන විට යහපත් විවාහයක් පෙන්නුම් කළද එම සහකරු පාලනය පිළිබඳ බලයක් ඇති අයෙකු වුවද ශරීර ශක්තිය අතින් දුර්වල තත්ත්වයක් පෙන්නුම් කරන විවාහයේ මධ්‍ය කාලය වන විට වෙන්වීමක් හෝ සහකරු හෝ සහකාරියගේ වියෝ වීම සිදුවීමටත් බොහෝ ඉඩප්‍රස්ථාව ඇත. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසට අවවාදයක් පවසන අතරම එම විවාහය ද තමා සිටි ස්ථානයෙන් බොහෝ ඈත ප්‍රදේශයක අයෙක් වන අතර ජීවිතයේ කටයුතු කාරණා බොහෝ කරදර බාධක මැදි කරගෙන යෑමට ද සිදුවන අවස්ථා ද ඇතිවන බැවින් විවාහයේදී කේන්දර පරික්ෂා කර කළ යුතු වත්පිළිවෙත් නිසි අයුරින් සිදුකර විවාහයේ අනාගතය සුරැකීමට සිතට ගත යුතුමය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අගස්ති ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division