Home » හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ගාලු සාහිත්‍ය උලෙළ සමඟ අත්වැල් බැඳගනියි

හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ගාලු සාහිත්‍ය උලෙළ සමඟ අත්වැල් බැඳගනියි

by gayan
January 20, 2024 12:39 am 0 comment

ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාව සුරැකීමට දක්වන කැපවීම අනුව, හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සහ ගාලු සාහිත්‍ය උලෙළ, 2024 සමඟ ඇති කරගත් සිය හවුල්කාරිත්වය ප්‍රකාශයට පත් කර ඇත. මෙම උලෙළෙහි එක් අංගයක් වන ශ්‍රී ලාංකේය සංස්කෘතික ඉතිහාසය සංරක්ෂණය කිරීම හා නැවත විස්තර කිරීම සඳහා චන්න දාස්වත්ත, සුනෙලා ජයවර්ධන සහ යොහාන් පීරිස් යන අය සහභාගි වනු ඇති අතර, එම සාකච්ඡාවට දායකත්වය සපයන්නේ හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් විසිනි.

උරුමය සහ දායාදය යන මහඟු සුසංයෝගයේ එකමුතුව හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් මෙම සහයෝගීතා වැඩපිළිවෙළ සමඟ අත්වැල් බැඳ ගැනීමට ඉවහල් විය. සිය අදහස් පළ කරමින්, එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් සමාගමේ හවුල් උප සභාපතිනි සහ හවුල් කළමනාකාර අධ්‍යක්ෂිකා, ස්ටෂානි ජයවර්ධන කියා සිටියේ, “අපගේ ප්‍රෞඩ අතීතය පිළිබඳ කතාන්තරය සුරැකීමට සහ එය නිසි අන්දමින් පෙළගැස්වීමට හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් තුළ ඇති කැපවීම මෙම හවුල්කාරිත්වයෙන් අවධාරණය කෙරෙණ බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division