Home » යූනියන් ඇෂුවරන්ස් HOPE ක්‍රියාන්විතයේ නව පියවරක් තබයි

යූනියන් ඇෂුවරන්ස් HOPE ක්‍රියාන්විතයේ නව පියවරක් තබයි

by gayan
January 20, 2024 12:37 am 0 comment

යූනියන් ඇෂුවරන්ස් සමාගම විසින් ප්‍රජා යහපැවැත්ම ශක්තිමත් කිරීම වෙනුවෙන් පවත්වාගෙන යන HOPE ක්‍රියාන්විතය තවත් පියවරක් ලෙස පිරිසුදු පානීය ජලය සැපයීමට සහ පාසල් ළමුන්ට සනීපාරක්ෂක නිෂ්පාදන මිල දී ගැනීමේ ගැටලු විසඳීමට ‘කටු කම්බි පදනම’ නමැති ලාභ නොලබන සංවිධානය සමඟ එක්ව සිටී.

මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස පොලොන්නරුව, අලුත්වැව මහා විද්‍යාලයට නවීනතම ජල පෙරීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරැඹුණු අතර පොලොන්නරුවේ ලක්ෂ උයන විද්‍යාලය, හිඟුරක්දමන මහා විද්‍යාලය, ශාන්ති මහා විද්‍යාලය, කිරිමැටිය මහා විද්‍යාලය සහ විජයරාජ මහා විද්‍යාලය ඇතුළු තවත් පාසල් 5ක ජල පිරිපහදු යන්ත්‍ර සාර්ථකව ප්‍රතිසංස්කරණය කර භාර දෙනු ලැබූ අතර, මාස 6ක කාලයක් සඳහා භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා සමඟ පාසල් බෑග් සහ ටී-ෂර්ට් ද පොෙලාන්නරුවේ පාසල් සිසුන් 1000කට අධික පිරිසකට යූනියන් ඇෂුවරන්ස් සමාගම පිරිනමන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division