Home » Edura Global Education Fest 2024 පෙබරවාරි 2 සිට 4 දක්වා

Edura Global Education Fest 2024 පෙබරවාරි 2 සිට 4 දක්වා

by gayan
January 20, 2024 12:36 am 0 comment

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ අධ්‍යාපනික සහ වෘත්තියමය අවස්ථා පිළිබඳ ඇති අවබෝධය පුළුල් කිරීමේ අරමුණෙන් Edura Global Education Fest 2024 නමින් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් මාරිස්ටෙලා විද්‍යාලයේදී පෙබරවාරි 2 සිට 4 දක්වා සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව රැකියා පොළක් සහ වෘත්තීය මාර්ගෝපදේශන සැසිවාර ද පෙබරවාරි 2 සිට 6 දක්වා ඉහළ පෙළේ ලිපි ද්‍රව්‍ය සැපයුම්කරුවන් සහ පොත් ප්‍රකාශකයන් සහභාගී වන පොත් ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය. Edura 2024 සැලසුම් කර ඇත්තේ දේශීය හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල, විදෙස්ගත වීමේ අවස්ථා සහ රැකියා ඇතුළුව උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ සිසුන්ට අවබෝධයක් ලබාදීමට ය. මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් පීරිස් අදහස් දක්වමින් පැවසුවේ Edura Global Education Fest 2024 යනු ප්‍රදර්ශනයකට වඩා එහා ගිය නවමු අත්දැකීමක් බවයි. මෙම අවස්ථාව හරහා සාර්ථක අනාගතයක් ගොඩනඟා ගැනීමට දැනුම සහ අවස්ථා හඳුනාගැනීමට පුද්ගලයන් සවිබල ගැන්වෙනු ඇති බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division