Home » වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුට හිමි සම්මානය මෙවරත් Halpé Tea හිමිකර ගනී

වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුට හිමි සම්මානය මෙවරත් Halpé Tea හිමිකර ගනී

by gayan
January 20, 2024 12:35 am 0 comment

ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උලෙළ පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්විණි. එහිදී Halpé Tea හි සාඩම්බර මවු සමාගම වන U.H.E. Exports සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබූ අතර, තේ සහ තේ නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය නැවතත් තහවුරු කරමින් Halpé Tea විසින් මෙම සම්මාන දිනා ගන්නා ලදී.

U.H.E. Exports Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ එරන්ද අබේරත්න මෙම ජයග්‍රහණයන් පිළිබඳ මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම කීර්තිමත් සම්මාන අප ආයතනයට හිමිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත් වෙනවා. අප කණ්ඩායමේ නොසැලෙන කැපවීම සහ අපගේ ගනුදෙනුකරුවන්ගේ සහයෝගය පිළිබඳ මෙම සම්මානය කදිම සාක්ෂියක්. අපගේ ගනුදෙනුකරුවන් වෙත තේ නිෂ්පාදන පිළිබඳ සුවිශේෂී අත්දැකීමක් තිළිණ කර දීමට තවදුරටත් කැපවීමෙන් කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා .”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division