Home » සෙලින්කෝ ලයිෆ් වෙතින් 2023දී 2300කට නොමිලේ වෛද්‍ය සේවා

සෙලින්කෝ ලයිෆ් වෙතින් 2023දී 2300කට නොමිලේ වෛද්‍ය සේවා

by gayan
January 20, 2024 12:33 am 0 comment

සෙලින්කෝ ලයිෆ් සමාගමේ දිගු කාලීන ප්‍රජා ව්‍යාපෘතියෙන් 2023 වසරේදී ශ්‍රී ලාංකිකයින් 2300 කට ආසන්න පිරිසකට නොමිලේ වෛද්‍ය සේවා, සෞඛ්‍ය පරීක්ෂණ සේවා සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දි ඇති බව එම සමාගම පවසයි.

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳ පොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් ගෙවී ගිය වසර තුළදී ‘වෛද්‍ය හමුව’ වෛද්‍ය කඳවුරු 10ක් පැවැත් වූ අතර වෛද්‍යවරු, වෛද්‍ය තාක්ෂණික ශිල්පීන් සමඟ සෞඛ්‍ය පරීක්ෂණ උපකරණ ආදිය දුෂ්කර ප්‍රදේශවලට සහ ගම්වලට රැගෙන යමින් ජනතාවට ඔවුනගේ සෞඛ්‍ය ගැටලු වෛද්‍ය වෘත්තිකයින් සමඟ සාකච්ඡා කිරීමට හා පරීක්ෂා කරවා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී. මෙමඟින් ප්‍රතිලාභ ලැබූ බොහෝ පිරිස් ප්‍රදේශයේ ගොවීන්, තේ වතුවල කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වල අයයි. එම බොහෝ පිරිස් හට සෞඛ්‍ය පරීක්ෂණ හා වෛද්‍ය සේවා සඳහා තිබූයේ සීමිත ඉඩ පහසුකම්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division