Home » හොංකොංහි දී AIA APAC බැංකු රක්ෂණ සමුළුවක්

හොංකොංහි දී AIA APAC බැංකු රක්ෂණ සමුළුවක්

by gayan
January 20, 2024 12:34 am 0 comment

හොංකොංහි දී උත්කර්ෂවත් අයුරින් පැවැති AIA APAC බැංකු රක්ෂණ සමුළුවේදී කලාපය පුරාවට විසිර සිටින ක්ෂේත්‍රයේ නායකත්ව කණ්ඩායම් වෙතින්, මූල්‍යමය සහයෝගීතාවන්ගේ ඉදිරි අනාගත අවස්ථා පිළිබඳ විමසා ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සමුළුව නියෝජනය කිරීමට AIA ශ්‍රී ලංකා හී ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර, සහයෝගිතා බෙදාහැරීම් අධ්‍යක්ෂ සේනක රාජපක්ෂ, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා සහ NDB බැංකුවේ ජේෂ්ඨ සහකාර සභාපති සංජය පෙරේරා විය.

“අනාගත බැංකු රක්ෂණයේ පුරෝගාමීත්වය” යන මැයෙන් පැවැති මෙම සමුළුවේදී බැංකු රක්ෂණය ඉහළ තලයක් වෙත ගෙන යෑමට වූ කතිකාවතක් ගොඩනැඟීම අරමුණු විය. නව්‍ය, ලාබදායී මෙන්ම ඩිජිටල්කරණ තාක්ෂණයෙන් උසස් බැංකු රක්ෂණ මොඩල දියුණු කිරීමට බලාපොරොත්තු වන, බැංකු සඳහා විශ්වාසනීය හවුල්කරුවකු වීම වැනි, AIA පිළිබඳ සුවිශේෂිත ශක්‍යතා මෙම සමුළුව පුරාවට ඉස්මතු කර දක්වන ලදී. මේ හා සම්බන්ධයෙන් පවත්වන ලද පළමු භෞතික රැස්වීම වූ මෙම අවස්ථාවට බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් ඇතුළු ඉහළ පෙළේ සාමාජිකයින් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූහ. මෙම සමුළුවේ පැවති විවිධ සැසිවාර, බැංකු රක්ෂණ සහයෝගිතාව සහිත සමාගම් සඳහා එක ලෙස යහපත් ප්‍රතිලාභ සැලසෙන ක්‍රමෝපායයන් නිර්මාණය කිරීම, ප්‍රමුඛ පෙලේ නවෝත්පාදන තුළින් වාසි ලබා ගැනීම, නවතම තාක්ෂණය සහ විවිධ යෝජනා හඳුන්වා දී ක්‍රියාත්මක කිරීම, යන කරුණු සඳහා ඉහළ කැපවීමක් මෙන්ම උනන්දුවක් ඇති කිරීමට සමත් විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division