Home » යුනිලිවර් ශ්‍රී ලංකා මුල් පුටුවට අලි තාරික්

යුනිලිවර් ශ්‍රී ලංකා මුල් පුටුවට අලි තාරික්

by gayan
January 20, 2024 12:30 am 0 comment

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස අලි තාරික් පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇති බව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම නිවේදනය කරයි.

මෙම නව පත්වීමත් සමඟ හෙතෙම යුනිලිවර් සමාගමේ දකුණු ආසියානු නායකත්ව කණ්ඩායමට එක්වනු ඇත. මෙයට පෙර අලි තාරික් ලන්ඩනයේ යුනිලිවර් මූලස්ථානයේ ගෝලීය පරිවර්තන අංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස සේවය කර තිබේ. 2003 වසරේ යුනිලිවර් සමාගමට එක් වූ ඔහු එතැන් සිට යුරෝපය, දකුණු ආසියාව සහ පෙරදිග රටවල් කිහිපයක ගෝලීය නායකත්ව භූමිකා ඉටු කර ඇත. ඔහු එංගලන්තයේ සහ වේල්ස් හි වරලත් ගණකාධිකාරී ආයතනයේ (ICAEW) සාමාජිකයෙකු වන අතර ලන්ඩන් PwC සමඟ පුහුණුවක් ද ලබා තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division