Home » ගෞතම් අදානි Hindenburg වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වයි

ගෞතම් අදානි Hindenburg වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වයි

by gayan
January 20, 2024 12:30 am 0 comment

එක්සත් ජනපදයේ කෙටි විකුණුම්කරුවකු විසින් අදානි සමූහ ව්‍යාපාරය වෙත එල්ල කරන ලද චෝදනා සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි සත්‍යය ජයගෙන ඇති බවත්, තම සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ වර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරියටත් දායකත්වය ලබාදෙන බවත්” මෑතකදී ප්‍රකාශ කළේය.

අදානි සමූහ ව්‍යාපාරයට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් SIT හෝ CBI විමර්ශන කිරීම සඳහා නියෝග කිරීම කිසිදු පදනමක් නොමැති බවත්, ඉන්දීය සුරැකුම්පත් සහ විනිමය මණ්ඩලය (SEBI) විසින් මාස තුනක් ඇතුළත එහි විමර්ශන කටයුතු අවසන් කළ යුතු බවත් පසුගිය බදාදා දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී.

ඒ අනුව ඉන්දියාවේ අගවිනිසුරු ඩී.වයි. චන්ද්‍රචුඩ් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඉන්දීය සුරැකුම්පත් සහ විනිමය මණ්ඩලයේ (SEBI) අපේක්ෂිත විමර්ශනය මාස තුනක් ඇතුළත අවසන් කරන ලෙස ඉල්ලා සිටි අතර, මේ සඳහා තවත් පරීක්ෂණ පැවැත්වීම අවශ්‍ය නොවන බැවින් apples-to-airport සමූහ ව්‍යාපාරයට එරෙහිව Hindenburg වාර්තාව මඟින් වසරක් පුරා ගෙන ගිය මෙම නඩුව අවසන් කළ හැකි බවත් ප්‍රකාශ කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division