Home » දරුවන්ගේ කුසලතා එළිදැක්වූ ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’චිත්‍ර තරගය

දරුවන්ගේ කුසලතා එළිදැක්වූ ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’චිත්‍ර තරගය

by gayan
January 20, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා ඉහළ නැංවීම අරමුණු කොටගෙන ජනශක්ති ලයිෆ් සංවිධානය කළ ‘නිදහස් අදහස්’ චිත්‍ර තරගය සහ ප්‍රදර්ශනය වයස අවුරුදු 3-5ත් සහ වයස අවුරුදු 6-10ත් අතර 1000කට වැඩි අයදුම්කරුවන්ගේ සහභාගීත්වයකින් සාර්ථකව නිම විය.

මෙම චිත්‍ර ප්‍රදර්ශනය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. කලාපති කලාභූෂණ පුලස්ති එදිරිවීර, ප්‍රසාදනි කුමාරී සහ ප්‍රගීත් රත්නායක වැනි ශ්‍රි ලංකාවේ චිත්‍ර කලා කෙත සශ්‍රීක කළ විශේෂඥ විනිශ්චය මණ්ඩලයකගේ සහභාගීත්වයෙන් ජයග්‍රාහී චිත්‍ර නිර්මාණ තෝරා ගැනීම සිදු විය. ලැබුණු සුවිසල් චිත්‍ර නිර්මාණ එකතුව තුළින් වඩාත් ඉහළ චිත්‍රණ හැකියා සහිත එක් එක් කාණ්ඩයේ නිර්මාණ 100ක් අවසන් දිනයේ කොළඹ BMICH ප්‍රදර්ශන ශාලාවේ ප්‍රදර්ශනයට තබා තිබූ අතර, දිවයින පුරා සිටින සුහුඹුල් කලාකරුවන්ගේ හැකියා දැක බලා ගැනීමේ මහඟු අවස්ථාව සැමට උදා විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division