Home » ජනවාරි 15 කෝණ මාසය අවසන් වෙද්දී ඕනෑම සුබ කටයුත්තකට සුදුසු අමෘත යෝගයක්

ජනවාරි 15 කෝණ මාසය අවසන් වෙද්දී ඕනෑම සුබ කටයුත්තකට සුදුසු අමෘත යෝගයක්

by thanushika
January 13, 2024 12:30 am 0 comment
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කිරීමට සුබදායි අමෘත යෝගයක් පවතින දිනයක් ලෙස 2024 ජනවාරි 15 වන සඳුදා ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. සඳුදා දිනයක් වන එදින පවතින සියාවස නැකතින් උදාවන අමෘත යෝග බලය පෙ.ව. 06.28 සිට පෙ.ව. 08.09 දක්වා කාලය තුළ බල පවත්වයි.

විසේනිය හෙවත් 5 තිථිය ද සුබපල ගෙන දෙයි. අමෘත යනු වැඩ සපල වන්නේ ය යන අර්ථය ගෙන දෙන්නක් වන අතර එදින සඳුදා දවස ද සතිමත් සුබපල සහිත දවසකි. ගොවිතැන් කටයුතු, වෙළහෙළදාම්, වෙදකම, දරුවන්ගේ ඉඳුල් කටගෑම, රැකියා භාර ගැනීම, ස්වයං රැකියා ආරම්භ කිරීම, නඩුහබ ජයග්‍රහණයට, ගැටලු සමාදානයට, වෙහෙර විහාර ස්ථානවල කටයුතුවලට, අමතර පන්තිවලට ඇතුළත් වීමට මෙන්ම අමතර අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට ද සුබදායකය.

කෝණ මාසය ද ජනවාරි 15 වැනිදා පූර්ව භාග 2.44ට අවසන් වන හෙයින් නිවාසවල වැඩකටයුතුවලට ද සුදුසුය. ඒ අනුව කෝණ මාස නිසා නවතා දමා තිබූ සියලු කටයුතු මෙදින සුබ කාල පරාසය තුළ ආරම්භ කිරීමට පුළුවන.

පෙ.ව. 06.28 සිට පෙ.ව. 08.09 දක්වා පවතින සුබ කාලය තුළ බස්නාහිර, දකුණ හෝ ඊසාන යන දිශාවන්ගෙන් එකකට මුහුණලා ඔබේ සුබදායි කටයුත්ත ආරම්භ කළ හැකි වුවද සඳුදා දිනයේ රාහු කාලය යෙදෙනුයේ 7.55ට බැවින් මෙම සුබ මුහුර්තයට ඇත්තේ සුළු කාලයකි. එනම් පෙ.ව. 6.28 සිට 7.55 දක්වාය. එම කාලය තුළ අමෘත යෝග බලය රඳා පවතින බැවින් එයින් පල නෙළා ගැනීම ඔබ සතු කාර්යයකි. අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් හිමියනට මේ වේලාවෙන් ප්‍රයෝජන ලද හැකිය. සුදු මල් සහ වැටකේ මලක් බුදුන්ට බෝධියට පූජා කර පත්තිනි මෑණියන්ට බාරහාර වී සූර්ය පිරිත කියා දියුණුව ප්‍රාර්ථනා කළ හැකිය. එම ආගමික වතාවත්වලින් පසුව ඔබේ කටයුත්ත ආරම්භ කරන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division