ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන TAGS සම්මාන උලෙළේ දී බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ (රුපියල් බිලියන 20කට වැඩි සමූහ වත්කම් සහිත) ලෝකඩ සම්මානය දිනා ගැනීමට HNB FINANCE සමත් විය. TAGS සම්මාන උලෙළකදී HNB FINANCE සමාගම අඛණ්ඩව සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව මෙය වේ.
TAGS සම්මාන උලෙළේදී සමාගම අඛණ්ඩව ලැබූ දෙවන ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වන එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් “මූල්‍ය වාර්තාකරණයේ ප්‍රමිතීන් සහ විනිවිද බව ආරක්ෂා කිරීම වෙනුවෙන් සමාගම දක්වන කැපවීම මනාව පිළිබිඹු වූ අවස්ථාවක් බව පැවසීය.
මෙම සම්මාන උළෙල පසුගිය දා උත්කර්ෂවත් ලෙස ෂැංග්‍රිලා හෝටලයේදී පවත්වනු ලැබිණි.