Home » මේෂ ලග්න හිමියාට‍ භාව දොළහේදී චන්ද්‍රයාගෙන් ලැබෙන සුබ – අසුබ

මේෂ ලග්න හිමියාට‍ භාව දොළහේදී චන්ද්‍රයාගෙන් ලැබෙන සුබ – අසුබ

by thanushika
January 6, 2024 12:30 am 0 comment

මේෂ ලග්න හිමි කේන්දර සටහනේ සිවුවැන්න හිමි වනුයේ කටක ලග්නයටය. එහි අධිපතීත්වය දරනුයේ සඳු හෙවත් චන්ද්‍රයායි. තමාගේ සියලු සැප සම්පත් භවභෝග, ඉඩකඩම්, දේපළ, මවුපිය ඥාතීන් සම්බන්ධව මෙන්ම ශරීරයේ පපුව ප්‍රදේශය ගැනද මෙම සිවුවැන්න වගකීම දරනවා ඇත.

චන්ද්‍රයා හෙවත් සඳු ජ්‍යොතිෂයේදී හඳුන්වනුයේ මාතෘකාරක මෙන්ම ස්ත්‍රී ග්‍රහයකු වශයෙනි. එයට හේතු දක්වා ඇත්තේ ඇවතුම් පැවතුම් සියුමැලි ගතියද උපාසක අම්මා කෙනෙකුගේ ගති ලක්ෂණ ආදිය ගැනද සසඳා බැලීමෙනි. එනම් මේ සියලු දෙය සමඟ ඇතිවන මොළොක් ගතිය, චංචල භාවයද ඇති වුවද ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන්ගේ ආකර්ෂණය මෙන්ම පෘථිවියේ භූ විෂමතාවත් හේතුවෙනි. එසේම අනෙක් ග්‍රහ වස්තූන් සුර්යා වටේ ගමන් කරන අතරම චන්ද්‍රයා පෘථිවිය වටේ භ්‍රමණය වීමද ගණන් ගත යුතු වනවා ඇත.

මෙම පරිභ්‍රමණ ක්‍රියාවලිය නිසා ඇතිවන තරංගයන් මනුෂ්‍යයාට මෙන්ම සියලු සත්ත්වයන්ගේ චෛතසික බලය මානසික තුලනතාවටද බලපෑමක් ඇති කරයි. එනිසා චන්ද්‍රයා දුර්වල වුයේ නම් සියලු අයහපත් ගති, ගුණමකුකම, සොරකමට සිත ඇදී යාම මෙන්ම අවලක්ෂණ භාවයද ජන්මියා කෙරෙහි පිහිටයි. එතෙක් චන්ද්‍රයා ප්‍රබලව ඇත්නම් මේ කරුණුවලට හාත්පසින් වෙනස් පුද්ගලයකු ඔබ හට දැකගැනීමට හැකි වනවා ඇත.

සුබ ග්‍රහ සංයෝගයකින් එනම් ගුරු සමඟ සිවුවැන්නේ චන්ද්‍රයා සංයෝගවී ඇත්නම් එම කේන්දර හිමිකරු ධනවතෙක් කරන බව සඳහන්ය. මෙම ලග්නාධිපති බලවත්ව සිවුවැන්නේම ඇත්නම් තමාගේ උත්සාහයෙන්ම දේපළ උපයාගෙන මවට ඉතාම ඇල්මක් ඇතිව තම ඥාතීන් අතරද ප්‍රකටව උණු වන හදවතින් යුක්තව ඉගෙනීම යහපත් ලෙස කරගෙන යාන වාහන ඉඩකඩම් ලැබීමට විශේෂිත උරුමකමක් ඇත. තමාගේ යහපත්කමත් විශ්වාසවන්තකමක් නිසා බොහෝ අයගේ සිත් දිනා ගැනීමට හැකි වේ.

පස්වැන්න හෙවත් සිංහ රාශිය රවි අධිපතිභාවය දරන ස්ථානයේ චන්ද්‍රයා පිහිටා ඇත්නම් එම රාශියෙන් පෙන්නුම් කරන දරුවන්, ආලය, ඉගෙනීම, විද්‍යාව, විනෝදය, සංගීතය මෙන්ම හෘදයද යන කාරණා පිළිබඳව චන්ද්‍රයාගේ බලපෑඹ කෙසේද යන්න විමසා බැලීමේදී ඉගෙනීමට දක්ෂ, ක්‍රීඩා කටයුතුවලට තදින් ආශා කරන, කාගේත් සිත් දිනාගෙන රටේ නමක් ඇති පුද්ගලයකු වේ. ආදරය පිළිබඳ ස්ථීර ගතියක් පෙන්වන යුක්තිගරුක ත්‍යාගශිලී තිර අදහස් ඇත.

ඔබගේ කේන්දරයේ හයවැන්න අයත් වනුයේ කන්‍යාවට මෙන්ම එහි අධිපතීත්වය දරන බුධ ග්‍රහයාට උච්ඡ ස්වභාවයෙන් හැසිරෙන මෙම ස්ථානයට චන්ද්‍රයාගේ පැමිණීම හෝ මෙහි තැන්පත්ව ඇත්නම් බොහෝ විට කාන්තාවන් නිසා කරදර ඇති වීමට ඉඩ ප්‍රස්ථා ඇත. කේන්දර සටහනේ හත්වැන්න තුලාවට අයත් සිකුරු අධිපති භාවය දරන මෙම ස්ථානයේ සිදුවීම් පෙර සඳහන් කර ඇත.

මෙම බලපෑම මත උදාර ගතියෙන් යුතුව අපක්ෂපාතීව කටයුතු කාරණා සිදු කරන සියලුම දේ ගැන ගැඹුරින් හොඳින් කල්පනාකර වැඩ කටයුතු සිදු කරන ඔබට හිතවත් තමාගේ විවාහ ජීවිතය ඔහුගේ හෝ ඇයගේ අදහස්වලට අනුගත වෙමින් සමාජ කටයුතුවලට උර දුන්නද ඒ කටයුතු කාරණාවලින්ම චිත්ත ප්‍රීතියක් ලැබේ.

ඔබ කේන්දරයේ අටවැන්න ගැනද මෙයට පෙර සඳහන් කර සිටියද නැවතත් එම ස්ථානය ගැන කෙටි හැඳින්වීමක් යොදනුයේ කුජ අධිපතීත්වය දරන වෘශ්චිකයට අයත් මෙම ස්ථානය විශේෂයෙන් ඔබගේ ජීවන ගමනේදී ඇතිවන මානසික ආතතිය, දුක මෙන්ම දොම්නසද ශරීරයේ රහස් ස්ථානයන් මෙන්ම සිය සහකරු හෝ සහකාරියගේ වත්කම් පිළිබඳවද තමාගේ අධ්‍යාපනය සිදුවන ආකාරය ගැනද මෙම කොටුවේ ඇති ග්‍රහයන්ගේ පැවැත්ම මත රඳා පවතී.

මෙම ස්ථානයට සිවුවැන්න අධිපති චන්ද්‍රයා පැමිණීම හෝ එම ස්ථානයේ තැන්පත්ව ඇත්නම් ඔබට චන්ද්‍රයාගෙන් දක්නට ලැබෙන කටයුතු කාරණා ඒ අයුරින්ම බලාපොරොත්තු විය නොහැකිය. එයට හේතු වනුයේ මෙම ස්ථානයේදී චන්ද්‍රයා නීච වන නිසාය. එනම් චන්ද්‍රයාගෙන් ලැබෙන මුදු මොළොක් ගතිය වෙනුවට මෙහිදී සිතේ තද ගතියද එළියට නොපෙන්වා කරන රහසිගත කටයුතුවලට යොමු වී පළිගැනීමේ ගතිය ඉස්මතු වී අවසන සිතට බලවත් දුකක් හිමිකර සිත උදාසීන තත්ත්වයට පත් කරනවා ඇත.

ද්විත්වතා රාශියක් වන ධනුවට අයත් ගුරු අධිපතීත්වය දරන නවවැන්න තම වාසනාවක්, භාග්‍ය, ආත්ම ශක්තිය, පෙර පින්, උසස් ඉගෙනීම, විදේශගතවීම යන කරුණු කාරණාවලට හේතු සාධක වන බවට මෙයට පෙර ඔබ දැනුවත් කර ඇත. මකරයට අයත් සෙනසුරු අධිපතිත්වය දරන ඔබ කේන්දර සටහනේ දසවැන්න ගැනද ඔබට මීට පෙර දැනුම්වත් කර ඇත. මෙම ස්ථානයට සිවුවැන්න අධිපති චන්ද්‍රයාගේ බලපෑම අනුව ඔබට ලැබෙන යහපත අයහපත ගත් විට ඕනෑම වැඩක් භාර ගැනීමට මැළිකමක් නොදක්වන එසේම ඕනෑම අමාරු වැඩකට අත ගසන දක්ෂ වැඩකාරයකු ලෙස කරන කියන දේ ගැන තද විශ්වාසයකින් කටයුතු කරයි.

කේන්දර සටහනේ එකොළොස්වැන්න හිමි කුම්භයට සෙනසුරු අධිපතීත්වය දරන මෙම ස්ථානය තමාගේ ජීවිතය ගෙන යෑමට මිල මුදල් හරිහම්බ කරගන්නා සමාජ සම්බන්ධතා හිතමිතුරු ඇසුර දක්වන පොතපතට ඇති ඇල්ම විවාහයේ සහකරු හෝ සහකාරිය යනාදිය ගැන පෙන්වයි.

දොළොස්වැන්න හෙවත් ගුරු අධිපතීත්වය දරන මීනයට අයත් මෙම ස්ථානයේ ඔබට ඇතිවන යහපත අයහපත මෙන්ම රෝගාබාධ ආදියද මෙයට පෙර සවිස්තරව ඔබව දැනුම්වත් කර ඇත. සිවුවැන්න අධිපතියා දෙවැන්නට හෙවත් වෘෂභයට ඇති කරන බලපෑම බලන විට මෙහි අධිපතීත්වය දරන සිකුරුගේ බලපෑම සහ අනෙකුත් ග්‍රහයන්ගේ සංයෝග වීම සමඟ මෙහි විස්තර දක්වා ඇත.

සිවුවැන්න අධිපති මිථුනයට අයත් තුන්වැන්නේ ඇති විට ඒ සමඟ බුධගේ සංයෝගයෙන් ඇත්නම් පොතපතට තදින් ආශා කරන, චිත්‍ර ශිල්පයට, සංගීතයට තදින් ආශා කරයි. කටයුතු කාරණා වෙනස් කරමින් තමාගේ අදහස් උදහස් කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමටද හැකියාවක් ඇති තම උත්සාහයෙන්ම දියුණු වන ත්‍යාගශීලි දුර බැහැර සංචාරයට ප්‍රිය කරන තම සහෝදර සහෝදරියන් සමඟද සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරන බොහෝ විට තම මවුගේ ගති ලක්ෂණ පෙන්නුම් කරන අයෙක් වනවා ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අගස්ති ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division