Home » මීන ලග්න හිමියන්ට ලබන වසරේ අභියෝග මැද ජයග්‍රහණ

මීන ලග්න හිමියන්ට ලබන වසරේ අභියෝග මැද ජයග්‍රහණ

by thanushika
January 6, 2024 12:30 am 0 comment

2025 අප්‍රේල් 01 ජුනි 09 අතර කාලයේ ජීවිතයේ පළමු වරට මුහුණ දෙන සිද්ධියකට මුහුණපෑමට මීන ලග්න හිමියන්ට සිදුවේ

සාමාන්‍යයෙන් මීන ලග්න හිමියන් සුහද ලෙස ජීවත්වන්නට උත්සාහ කරන චරිත වේ. එසේම කුමන මතයකට වුවද එකඟ වෙමින් නිහඬව සිටින අය වෙති. එනම් ඔවුන් කිසිම අයෙකුගේ ගුණදොස් කියන්නට යන්නේ නැත. මීන ලග්න හිමියන් පොතපත ලිවීමට මෙන්ම කියවීමටද විශේෂිත කැමැත්තක් දක්වන බව පෙනේ. ඔවුන් අන් අයගේ බලපෑම්වලට යටත් වන බව පෙනේ. තමන් ඉතාම කැමැති අවස්ථාවක් වුවද අන් අයට පරිත්‍යාග කිරීමට මැළි නොවන අය වෙති.

එසේම මීන ලග්න හිමියන් අන් අයගේ සිත් රිදවන්නටද අකමැතිය. ඔවුන්ට එකවර කටයුතු කිහිපයක් වුවද කළ හැකිය. ඔවුන් සකසුරුවමින් කටයුතු කළද පිනට දීමට කැමැත්තක් දක්වන අතර දුගියන්ට අසරණයන්ට හැකි පමණ සංග්‍රහ කරති. සමහර අවස්ථාවලදී තමන් දුක් විඳිමින් පවා අන් අයගේ දුක් නැති කරන්නට උත්සාහ කරන බව පෙනේ. එමෙන්ම මීන ලග්න හිමියන් ආගමට දහමට භක්තිවන්තය. නීරෝගී බව පිළිබඳව දැඩි ලෙස උනන්දු වන ඔවුන් ආහාරපාන තෝරයි.

කලා කුසලතා ඇති මීන ලග්න හිමියන් චාම් ජීවිත ගත කරන, ලද දෙයින් සතුටු වන අය වෙති. ඇඳුම් පැලඳුම් පිරිසිදුවට ඇන්දද තම නිවස, කාමරය පිරිසිදුව තබා ගන්නට ඔවුන් එතරම් කැමැත්තක් නොදක්වති. ඔවුන් කිසිවෙකුටත් ද්වේශ නොකරන අයයි. මීන ලග්න හිමියන් යම් අයෙකු ඔවුන් කෙරෙහි තබා ඇති විශ්වාසය කිසි දිනක බිඳ දමන්නේ නැත. අවාසියක් වුවහොත් එය තමන් පිට පවරා ගනී. දුක් කරදර ඉවසන්නට සහ විඳ දරා ගන්නට මීන ලග්න හිමියන් ඉතා දක්ෂයෝය. ඔවුන් මහජන සේවයට විශේෂ කැමැත්තක් දක්වති. ඔවුන්ගේ හදවත මුදු මොළොක් වන අතර සතුරන්ට පවා විරුද්ධකම් නොකරන අයයි.

සාමාන්‍යයෙන් මීන ලග්න හිමියන් සෙමින් දියුණුව කරා පා නඟති. ඔවුන්ට කරුණාවන්ත සහ අනුකම්පා සහගත සිතක් ඇත. අන්‍යයන්ගේ අදහස්වලට ගරු කරන ඔවුන් ගරු කළ යුත්තාට ගරු කරති.

මේ අයගේ ඉදිරි කාලය පිළිබඳව සලකද්දී 2025 වසරේහි අප්‍රේල් 01 වනදාත්, 2027 වසරෙහි ජුනි 09 වනදාත් අතර කාලසීමාවත් 2027 වසරේ ඔක්තෝබර් 5 වනදාත්, 2028 පෙබරවාරි 28 වනදාත් අතරත් මීන ලග්න හිමියන්ට බලගතු වෙනස්කම් පෙන්නුම් කෙරේ. එනම් එම කාල සීමාව තුළ මීන ලග්න හිමියන්ගේ රැකියාවට වෙනසක් හෝ රැකියාවේ උසස්වීමක් පෙන්නුම් කෙරේ. එනම් ඉහත කාල සීමා තුළ මීන ලග්න හිමියන්ට විශාල අභියෝගවලට සහ විශාල බාධාවලට මුහුණ දීමට සිදුවන බව පෙනේ. නමුත් එම අභියෝග මධ්‍යයේම ඔවුන්ට විශාල ජයග්‍රහණද ලැබිය හැකිය. නමුත් එම ජයග්‍රහණ ලැබෙන්නේ සුළු හෝ අඩුපාඩුවක් සහිතව විය හැකිය.

මීට අමතර ලෙස මීන ලග්න හිමියන්ට 2025 වසරෙහි අප්‍රේල් 01 වනදාත්, 2027 වසරෙහි ජුනි 09 වනදාත් අතර කාල සීමාව තුළද, 2027 වසරේහි ඔක්තෝබර් 5 වනදාත්, 2028 වසරෙහි පෙබරවාරි 28 වනදාත් අතර කාල සීමාවේ තුළ ජීවිතයේ පළමු වරට සිදු වන සිදුවීම්ද පෙන්නුම් කෙරේ. මීට අමතර ලෙස 2041 වසරෙහි සැප්තැම්බර් 27 වනදාත් 2043 වසරෙහි දෙසැම්බර් 12 වනදාත් අතර කාලසීමාව තුළද මීන ලග්න හිමියන්ට විශාල අභියෝග මධ්‍යයේ විශාල ජයග්‍රහණ පෙන්නුම් කෙරේ.

සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව 2025 වසරේහි සැප්තැම්බර් 13 වනදාත් 2025 වසරෙහි ඔක්තෝබර් 27 වනදාත් අතර කාලසීමාව තුළද මීන ලග්න හිමියන්ට වෙනසක් පෙන්නුම් කෙරේ. එම කාල සීමාව තුළ ඔවුන්ගේ දැනට පවතින ආදායම් මාර්ගයක් අහිමි වීමට ඉඩකඩ ඇති අතර ඒ වෙනුවට අලුත් අතිරේක ආදායම් මාර්ගයක් නිර්මාණය වීමට ඉඩකඩ ඇත. කෙසේ වෙතත් ඉහත කාල සීමාව තුළ මීන ලග්න හිමියන් අනතුරු පිළිබඳව සහ අසනීප පිළිබඳව විමසිලිමත් විය යුතුය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division