Home » හිඟ විශ්‍රාමික පාරිතෝෂික දීමනා දෙසැම්බරය දක්වා නිදහස් කර අවසන්
මාස 18කට අධික කාලයක් නොගෙවා තිබූ

හිඟ විශ්‍රාමික පාරිතෝෂික දීමනා දෙසැම්බරය දක්වා නිදහස් කර අවසන්

2023 අය වැය ප්‍රතිපාදනවලට යටත් රාජ්‍ය ආයතන බිල්පත් ද දෙසැම්බර් 15 දක්වා නිදහස්

by Mahesh Lakehouse
December 30, 2023 12:40 am 0 comment
වජිර ලියනගේ

2022 වසරේ දෙසැම්බර් මස වන විට ඊට පෙර මාස 18කට අධික කාලයක් තුළ එකතු වී ගෙවිය යුතුව තිබූ හිඟ විශ්‍රාමික පාරිතෝෂික ද ඇතුළුව 2023 වසරේ දෙසැම්බර් 19 දක්වා එදිනට විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා ද විශ්‍රාමික පාරිතෝෂික දීමනා නිසි පරිදි ගෙවීමට අවශ්‍ය අරමුදල් ද මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කර තිබේ.

පසුගිය වසර 25ක කාලය තුළ වසරක් තුළදී එම වසරේ අනුමත සියලු ගෙවීම් පියවූ එකම වසර බවට ඒ අනුව 2023 වසර පත් වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම පාර්ලිමේන්තුව විසින් අනුමත කළ 2023 වසරේ අය වැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලුම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

You may also like

Leave a Comment