Home » යහපත් ගතිගුණ ඇති පෞරුෂ අංක 9 හිමියෝ

යහපත් ගතිගුණ ඇති පෞරුෂ අංක 9 හිමියෝ

by thanushika
December 23, 2023 12:30 am 0 comment

පෞරුෂ අංකයට අදාළ පලාපල සඳහන් කිරීමට ප්‍රථම ඔබ පෞරුෂ අංකය සොයා ගන්නා ආකාරය දැනගත යුතුය. ඒ සඳහා මුලින්ම කොළයක ඉංග්‍රීසි භාෂාවෙන් ඔබගේ සම්පූර්ණ නම ලියාගත යුතුය. (ඊට වාසගම අවශ්‍ය නොවේ) ඉන්පසු රූප සටහනේ පෙන්නුම් කරන ආකාරයට ඔබගේ නමේ අකුරුවලට යෙදෙන අංක සටහන් කරගත යුතුය. මෙහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ ඉංග්‍රීසි භාෂාවේ සඳහන් a e i o u යන ස්වර අකුරුවලට අදාළ අංක අතහැර අනිකුත් අක්ෂරවලට අදාළ අංක පමණක් සටහන් කර ගැනීමයි. ඉන්පසු එම අංක තනි අංකයක් වනතුරු එකට එකතු කරගත යුතුය. ඊට උදාහරණයක් ද පළ වේ.

ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි පෞරුෂ අංක 9 හිමි ඔබ ඉතා කාරුණික සංවේදී හදවතක් ඇති පුද්ගලයෙක් වෙයි. යහපත් ගුණාංග ගණනාවක් ඔබගේ චරිතය පුරා දැකිය හැකිය. ඕනෑම මොහොතක අවශ්‍ය පුද්ගලයන්ට උදවු-පදවු කිරීමට ඉදිරිපත් වෙයි. ඕනෑම දෙයක් දරා ගැනීමේ හැකියාව ද පවතී. එසේම ඉතා ඉහළ රසවින්දනයක් සහිත පුද්ගලයෙකි. හොඳ රසඥතාවක් ඇත. ගෙදරදොර පරිසරය පිළිවෙළට තබා ගැනීමට උනන්දු වෙයි. පෞරුෂ අංක 9 හිමි ඔබ ඇඳුම් පැලඳුම් පවා පිළිවෙළට ලස්සනට අඳින්නට කැමතිය. බාහිර පෙනු පෙනුම පිළිබඳ නිතර සිතයි. බොහෝ විට ශරීරය, මුහුණ පිරිසිදුවට ලස්සනට තබා ගැනීමට උනන්දු වෙයි.

ස්වභාවයෙන්ම සිත්ගන්නාසුලු පෙනුම පෞරුෂ අංක 9 හිමියන්ගේ පෞරුෂයේ කැපී පෙනෙන ලක්ෂණය. අන් අයට ගෞරවනීය ආකාරයෙන් කටයුතු කරයි. වැදගත් උදාර ගති ස්වභාවයෙන් යුත් පුද්ගලයෙක් මේ අයගෙන් නිරූපණය වෙයි. ඕනෑම අවස්ථාවක මනා සංයමයකින් සහ සූක්ෂමභාවයෙන් යුතුව කටයුතු කරන ස්වභාවය පවතී.

සෘජු ප්‍රතිපත්තිවලින් යුක්ත පිරිසකි. මේ අය බොහෝ දෙනෙකුට සහජයෙන් ලැබෙන කලා කුසලතාවන් පවතී. තමාගේ නිර්මාණ ප්‍රාසාංගිකව කලාත්මකව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. බොහෝ විට පෞරුෂ අංක 9 හිමියන් කලා ක්ෂේත්‍රය තුළ නළු නිළියන්, නර්තන ශිල්පීන්, සංගීතවේදීන් බොහෝ සෙයින් දැකිය හැකිය. මේ අයගේ ප්‍රධාන දුර්වලතාවක් වන්නේ අන් අය ඕනෑවට වඩා විශ්වාස කිරීමට යාමයි. අන් අයගේ සෘණාත්මක බලපෑම ඉදිරි ගමනට විශාල බාධාවක් බව කිව යුතුය.

සමහර අවස්ථාවල දැඩි තීන්දු තීරණවලට එළඹෙන අවස්ථා පෙනේ. ඉක්මනින් කේන්ති ගැනීම සහ ක්ෂණික තීරණවලට එළඹීම ද දුර්වලතාවන් ලෙස පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් අනෙකුත් අය හා සසඳන කල ඉතා ප්‍රශස්ත මට්ටමේ පුද්ගලයන් ලෙස කාගේත් සිත් දිනාගෙන කටයුතු කිරීමේ හැකියාව පවතින පෞරුෂ අංක 9 හිමියන්ට සමාජයේ ඉහළ සාර්ථකත්වයට පත්වීමේ වාසනා ගුණය පවතී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division