Home » ඔබේ ප්‍රධාන අරමුණු 7ක් ඉටුවන මහා බලසම්පන්න ගණ දෙවි වන්දනාව

ඔබේ ප්‍රධාන අරමුණු 7ක් ඉටුවන මහා බලසම්පන්න ගණ දෙවි වන්දනාව

by thanushika
December 23, 2023 12:30 am 0 comment

ගණ දෙවියන්ගෙන් බැතිමතුන් සිය විවිධ ප්‍රශ්න ගැටලු සඳහා පිහිට ආධාරය ප්‍රාර්ථනා කරනා බව පෙනේ. විවිධ අයට විවිධ ප්‍රශ්න ගැටලු තිබේ. එවැනි විවිධාකාර අරමුණු උන්වහන්සේගෙන් ඉටුකර ගැනීම සඳහා ඉසිවර පාඨක ඔබත් යොමු වන්නේ නම්, පහත සඳහන් ක්‍රමවේද අත්හදා බැලිය හැකිය. දියුණුව, සෞභාග්‍යය, ධන සම්පත් වාසනාව, විවාහ අපේක්ෂා ඉටු කරගැනීම, අධ්‍යාපනය, දැනුම, ප්‍රඥාව, රැකියා අරමුණු, උසස් නිලතල දරන්නන් වශීකරණය නවග්‍රහ සහ භූත දෝෂ වැනි ලෞකික සමාජයේ ඔබ අප හැමෝම බලාපොරොත්තු වන ප්‍රාර්ථනා ඉටුකර ගැනීම සඳහා අත්දුටු ක්‍රමෝපාය මාර්ගවලින් උන්වහන්සේගේ පිහිට ආධාරය ඉලක්කගතව ලැබිය හැකිය. මා ලද අත්දැකීම් සමූහයෙන් ඔබටද උන්වහන්සේගෙන් සහනයක් ලැබිය හැකි බව මාගේ අදහසයි.

පළමුකොට ගණදෙවි ප්‍රතිමාව ඉදිරියේ පූජා ද්‍රව්‍ය තැන්පත් කළ යුතුය. පසුව අමු කහ කෑල්ලක් ගලගා බුලතකට ගෙන මල් ආසනය මත තබා සුදු හඳුන් කෑල්ලක් ගලගා එයද බුලතකට ගෙන ‘යහන් මණ්ඩපය’ මත තබන්න. කහ රතු මල් තබා බුලතක් මත මැටි පහනක් තබා එය එළඟිතෙල්වලින් දල්වා සුවඳකූරු දල්වා සුවඳ දී පන්සිල් ගෙන තුන්සිත ඒකරාශී කර ඒ ඒ අවශ්‍යතාව අනුව පහත සඳහන් ස්තෝත්‍ර 21 වර බැගින් දිනපතා දින 21ක් පූජා පවත්වන්න. ඔබ පුදුමයට සහ විස්මයට පත් කරමින් ඔබේ ඇස්පනාපිටම ප්‍රතිඵල ලැබෙනු ඇත.

සෞභාග්‍ය ධනය දියුණුව සම්පත් ලබා ගැනීම සඳහා

ඕම් නමෝ සිද්ධි විනයකායි

සර්ව කාර්ය කාර්තෝ

සර්ව විශ්න කාර්තෝ

සර්ව විශ්න ප්‍රශාම් නායි

සර්ව රාජාය විශ්ව කාරණයි

සර්ව රාජාය විශ්ව කාරණායි

සර්ව ජන සර්ව ස්ත්‍රි

පුරුෂ කාර්ශනාය

ශ්‍රීරිං ඕම් ස්වාහඃ

සූනියම් භූත දෝෂ නවග්‍රහා අපල දුරු වීම සඳහා

ඕම් ශ්‍රී ගණෝෂාය නමඃ

ඕම් නවග්‍රහ දේවතායේ නමඃ

විවාහ ප්‍රමාදයට

ඕම් ශ්‍රී ගණෝෂම් විද්නේශම්

විවාහ හර්තේ තේ තමහඃ

ඔබගේ රැකියා ව්‍යාපාරය සහ

වෘත්තීය දියුණුව සඳහා

ඕම් හ්රිම් එම් ශ්‍රිම්

සර්ව කමලාසනාය නමහඃ

අධ්‍යාපනය සහ විභාග ජය ගැනීම සඳහා

ශ්‍රී ගජනාත් ජය ගජනාත්

ඕම් විද්‍යා ගණෝෂාය නමහඃ

ඔබගේ විශේෂ අරමුණු ඉටු කරගැනීම සහ උසස් නිලධාරීන් හමුවී ප්‍රතිඵල ලැබීම සඳහා

ඕම් නමෝ සිද්ධි විනායකාය

සර්ව විමාන ප්‍රශාමනාය

සර්ව රාජා වශිකරණාය

ඕම් ඒස්වාහඃ

ඔබගේ සියලු කාර්යන් සපල වීම සඳහා

ඕම් ගම් ගණපතයේ සර්ව කාර්ය කුරු කුරු ඒස්වාහඃ

පහත සඳහන් සත්‍ය මහා බලගතු ක්‍රමවේද ඔබගේ අරමුණ පරිදි ක්‍රියාවෙහි යොදවන්න. මේ ලොව පමණක් නොව විශ්වයේම ආකර්ෂණය ඔබ වෙත ලැබී ඔබේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරනු ඇත. ජීවිතයේ ජයග්‍රහණය අරමුණක් ලෙස යටි හිත තුළ ක්‍රියාත්මක වී සතුට, ප්‍රීතිය, ධනය, පිරිස් බලය ඔබ වෙත ආකර්ෂණය වීමට ගණ දෙවියන් වැඳීම හේතු වනු ඇති බව මම ඔබට පවසන්නේ හොරොව්පොතාන මෙරාකෑව ගණ දෙවි දෙවොලේදී ඇස්පනාපිට දුටු සාක්ෂි සාධකද සහිතවය.

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division