අප මෙලොවට බිහිවන විශ්වයේ අසිරිමත් මොහොත වේලාව පැය විනාඩි වශයෙන් සටහන් කරනු ලබයි. මේ ජ්‍යොතිෂ ශාස්ත්රයේ ‘ඇස’ ඉතා සුවිසල් කාර්යභාරයක් සිදු කරයි. මේ ‘විස්මිත නිමැවුමට’ අරුතක් දෙන ප්‍රවීණ ජ්‍යොතිර්වේදියා ජන්ම පත්‍රයේ කොටුවෙන් කොටුව හඳුන්වා දෙමින් අතීතය, වර්තමානය, අනාගතය කැටිකර නිර්මාණයක් තනා අනාවැකි සහිත පැහැදිලි ඡායාරූපයක් ජන්මියාට ලබා දේ. ජන්ම පත්‍රයේ පතිත වූ ග්‍රහ බලය කුමන අයුරින් පිහිටියද වටිනා ග්‍රහ පිළිවෙත්වලින් ඕනෑම දුෂ්කර කාලයක් ගෙවා නිම කළ හැකි බවද මගේ අත්දැකීම්වලින් සාක්ෂාත් කරමි.
රාශි 12න් යුතු ජන්ම පත්‍රයේ මෙලෙස විග්රහයක යෙදීමේදී අපට ජන්මියකු ගැන යම් පලාපල කථනයකට යා හැකිය.
ධනස්ථානය, ලග්නස්ථානය, අයස්ථානය, කර්මස්ථානය, ධර්මස්ථානය, බාධකස්ථානය, විවාහස්ථානය, රෝගස්ථානය, පුත්‍රස්ථානය, බන්ධුස්ථානය, සහෝදරස්ථානය
1. පෞරුෂය, ගතිගුණ, මුහුණ, දැක්ම සහ සෞඛ්‍ය
2. ධනය, කතාව, පවුල, බෙල්ල, උගුර, දකුණු ඇස
3.සහෝදර සහෝදරියන්, ධෛර්ය, අත්, දකුණ, කන
4. මව, දේපළ, නිවස, ඉඩම්, සතුට, පපුව, අධ්‍යාපනය
5. අධ්‍යාපනය (ද්විතීය), බුද්ධිය, දක්ෂතා, තත්ත්වය, ප්‍රේමය, ආමාෂය
6. රෝග, ණය, දුක, අනතුරු, සතුරන්, ඉඟටිය
7. විවාහය, අපේක්ෂා, විවාහයේ දියුණුව
8.ආයුෂ, මරණය, භූමි සම්පත්, අනතුරු
9. වාසනාව, තනතුරු, චරිතය, ආගම, පියා, මුනුපුරන්
10. වෘත්තිය, පියා, තනතුරු, ලාභ, සාර්ථකත්වය
11. ආදායම් ලැබීම, සමෘද්ධිය, මිත්‍රයන්, වම් කන
12. වැයවීම්, අලාභ, වධ බන්ධන, නඩුහබ, විදේශගත වීම්
උතුම් මිනිසත් බව ලැබුවන් වන අපි මෙලොව දිනූ යසඉසුරු ලබමින් සමෘද්ධිමත් මනා පිළිවෙළට ජීවත්වීමට මේ තුළින් හැකි බව වටහා ගනිමු. මේ ගෙවන සෑම තත්පරයක්ම සැකසෙන්නේ අපේ අනාගතය ජයග්‍රාහී පුද්ගලයෙකු ලෙස ආත්ම ශක්තිය, ඉලක්කය හඹා යා යුතු බව පසක් කරමිනි.
“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” යන වදන ඔබේ මනසට යොමු කරන්න. ජ්‍යොතිෂයෙන් දෙන වටිනාම පණිවිඩය ධාරණය කරගෙන ඒ ඔස්සේ තමාගේ දුර්වලකම්වලට පිළියම් සොයන්න, දක්ෂතාවලට ප්‍රමුඛත්වය දෙන්න. සමාජයේ යම් කොට්ඨාසයක් මෙය මිථ්‍යාවක් බව විශ්වාස කළද එහි සත්‍යයතාවක් නොමැත. දස දහස් ගණන් කේන්දර පරීක්ෂා කර ඇති මා මෙතෙක් ලද අත්දැකීම්වලින් ඒ බව ප්‍රකාශ කරමි. මා දෙන එකම පණිවිඩය නම් විශ්වාස කරන්නන්ට විශ්වය සියල්ල ලබා දෙනවා සේම ඉලක්කයට යන නියම මාර්ගය පෙන්වා දෙනවා යන්නය.