Home » දෙසැම්බර් 28 මුළු දවසම ඕනෑම සුබ වැඩකට සුබයි

දෙසැම්බර් 28 මුළු දවසම ඕනෑම සුබ වැඩකට සුබයි

by thanushika
December 23, 2023 12:30 am 0 comment

2023 වසරේ අවසන් බ්‍රහස්පතින්දා දවස වන 28 වැනිදා දින මුළු දවසම සුබ කටයුතුවලට ඉතාම සුදුසු දිනකි. පුනාවස නැකත ගුරුට අයත්ය. පෑලවිය හා දියවක යන තිථි එදිනට සුබපල පමුණුවන අතර පුනාවස නැකත හා ගැළපෙන සුබ සංයෝගයකි. ආනන්දාදී අටවිසි යෝග චක්‍රයට අනුව එදින සිද්ධි යෝගයකි.

ගෙවී යන වසරේ ඔබ සිතා සිටින ව්‍යාපාරික අරමුණක් සපල කරගැනීමට වැදගත් දිනයකි. එසේම මේ නැකත් දිනය ගොවිතැන් කටයුතු සඳහා ප්‍රබලය. ගෙවත්තේ වගා කරගත හැකි එදිනෙදා පරිභෝජනයට ගත හැකි භෝගයක් රෝපණය කරගැනීමට කදිම අවස්ථාවකි. වෙළ-හෙළඳාම් කටයුතුවලට ද වෙළෙඳ ව්‍යාපාර ආරම්භයටද සුදුසුය.

අමතර පන්ති පැවැත්වීමට, දරුවන් පන්තිවලට ඇතුළත් කිරීමටද ඔබට හැකියාව ඇත. වාහන මිලදී ගැනීමට, ගමන්බිමන් යාමට, වෙදකමට මෙන්ම හිසකෙස් කැපීම, ඉඳුල් කටගෑම, අකුරු කියවීම වැනි දරුවන්ගේ සුබ කටයුතුවලට ද සුබපල ගෙන දෙනු ඇත. රැකියා භාර ගැනීම, ගිවිසුම් අත්සන් කිරීම, වෙහෙර විහාරස්ථානවල කුල දරුවන් පැවිදි කිරීම් ආදියට ද මේ දිනය ඉතාම සුවිශේෂී ප්‍රතිඵල ලබා දෙනු ඇත.

මෙදින රාහු කාලය දහවල් 1.39ට ආරම්භ වේ. පස්වරු 3.07 වන තෙක් එම රාහු කාලය පවතී. පෙරවරුවේ සහ සවස් වරුවේ ඔබගේ සුබ කටයුතු කරගැනීමට පහසුය. එදිනට සුබ දිශාව වන්නේ බස්නාහිර දිශාවයි.

මේ නැකැත් දිනයේ සුබ කටයුතු සිදු කිරීමට පෙර ඔබගේ උපන් නැකතට සීහේදැයි බලන්න. බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවන, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හිමි අයට මේ දිනයේ කටයුතු සිදුකොට උපරිම පල නෙළා ගත හැකිය.

එලෙස ඔබගේ බලාපොරොත්තු අරමුණු සපල කරගැනීමටනම් ආගමික වතාවත්වලට මුල්තැනක් දී කහපාට මල් පූජා කර කතරගම දෙවිඳුන්ට පින් දීම ද ඔබ කහපාට ඇඳුමකින් සැරසී කටයුතු කිරීම ද සුදුසුය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division