Home » ලග්නය අනුව ඔබට ලැබෙන පෙම්වතා – පෙම්වතියගේ ගතිගුණ මෙහෙමයි

ලග්නය අනුව ඔබට ලැබෙන පෙම්වතා – පෙම්වතියගේ ගතිගුණ මෙහෙමයි

by thanushika
December 23, 2023 12:33 am 0 comment

ප්‍රේමය හෙවත් ආදරය යෞවනයන් අතර පමණක් නොව මැදි වයස් පිරිස් අතරද ගොඩනැඟෙන සංසිද්ධියකි. ප්‍රේමය දිනා ගැනීමට දෙහදක් අතර ආදරය වර්ධනය වීමට පෙම්වතුන් කොතරම් පෙරුම් පුරනවාද? දිනාගත් ආදරය මල්පල ගන්වාගෙන පෙම්බස් මුමුණමින්, දුරකතනයෙන් කෙටි පණිවුඩ යවමින්, තිළිණ හුවමාරු කරගනිමින්, ගමන්බිමන්වල යෙදෙමින්, හමුවෙමින් අවසානය විවාහයම අපේක්ෂා කරන පිරිස තම අරමුණ ඉටුකර ගැනීමට අසාර්ථක වන අවස්ථාද ඇත. වැඩිහිටියන්ගේ විරෝධය, පෙම්වතා පෙම්වතිය පිටුපෑම, ආදරයට කණකොකා හැඬීමකි. දුක, සන්තාපය සමඟ වියෝගය දරාගත නොහැකිව දිවි පුදන පෙම්වතුන් පෙම්වතියන්ද වෙයි.

ප්‍රේමයට ආදරයට ජ්‍යොතිෂය මඟින් අරුතක් ලබාදීම මෙම ලිපියේ අරමුණයි. ලග්න අනුව සලකා බැලීමේදී මේෂ, කටක ලග්න හිමියන් දයාව කරුණාව හිමි පෙම්වතාට පෙම්වතියට ඇල්මෙන් සිටින සංවේදී අය වන අතර දෙදෙනාගේ හැඟීම් සමානය, සුළු අතපසුවීමකදී වුවද පසුතැවෙයි. මීන ලග්න හිමියන් පෙම්වතියට හෝ පෙම්වතාට දිවි දෙවැනි කොට ආදරය කරයි. ඔවුන්ගේ සිත්තැවුලට පත් නොවේ. මානුෂිකත්වය අගයන බැඳීමකට ප්‍රියමනාප වන මිථුන හා කන්‍යා ලග්න හිමියන් උගත් මෙන්ම තරුණ (වයසින් අඩු) පෙම්වතුන් හෝ පෙම්වතියන් ඇසුරු කරයි.

සිංහ ලග්න හිමි පෙම්වතුන් යුවළ එකිනෙකා සැක කරයි. එයින්ම ප්‍රේමය බිඳී යාමට හැකිය. ගතානුගතික අදහස් ගරුකරන වෘශ්චික ලග්නය හිමි ප්‍රේමවන්තයන් තීරණ කල් දමන සිතින් තැවෙන්නෝය. ප්‍රේමයේ අග්‍රඵලය වන විවාහය සාර්ථකව ගතකරන තුලා ලග්න හිමියන් ගැටලු ඇති වුවහොත් කාටවත් නොකියයි.

මකර ලග්න හිමියන්ගේ විශේෂ ගුණයක් වන්නේ ආත්මාර්ථකාමී බවය. පෙම්වතිය හෝ පෙම්වතා වෙනත් අයෙකු හා කතා කිරීම පවා නුරුස්සයි.

ලග්නාධිපති උපතේදී පස්වන භාවයෙහි සිටින පෙම්වතුන් පෙම්වතියන් එකොළොස් වන භාවයේ ලග්නාධිපති පසු වූ පෙම්වතියන් හා පෙම්වතුන් ද එකිනෙකාට හොරා වෙනත් සබඳකම් පැවැත්වීමට යොමුවන අවස්ථා උදා වේ. ලග්නාධිපති හත්වන භාවයේ පසුවීම ආදර ගැටලුවලට හේතු වෙයි. සඳු හා සිකුරු පීඩාවට පත්වූ විට ආදරය බිඳී යාමට හේතු යෙදෙයි. කුජ පීඩාවට පත් වූ විට වංචනික පෙම්වතුන් පෙම්වතියන් හිමි වෙයි. බුධ පීඩාවට පත් වූ විට පෙම්වතා වෙනත් පෙම්වතියක් සොයා යයි. බුධගේ මහ දශා කාලය ප්‍රේම සම්බන්ධතා ඇතිවන දශාවකි. සඳු, කුජ මහ දශා කාලය තුළ පෙම්වතියන් නිසා පෙම්වතුන්ට කරදර සිදු වෙයි. ගුරු හා සිකුරු දශාවලදී ප්‍රේමය නිමා වන්නේ විවාහයෙනි.

ජ්‍යොතිෂවේදී ගාමිණී ජයතිලක බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division